ආර්ථික අර්බුදය මේ වසරේ අවසන් වෙන්නේ නෑ.. 2019 වසරෙත් තියෙනවා..- අගමැති

අද වන විට ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය ලබන 2019 වසර දක්වාද යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එනිසා විදේශ විනිමය රටින් පිවීම වැලැක්වීම සදහා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ අඩු කිරීමට හෝ නැවැත්වීමට කටයුතු කරන්නැයි තමන් මුදල්
ඇමතිවරයාට උපදෙස් දුන් බවද ඒ මහතා සදහන් කරයි.

අගමැතිවරයා මෙම අදහස් පල කලේ වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අමතමිනි.