gossip lanka

ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරන්න උතුරේ හරි හරියට වැඩ (photos)

මෙවරත් මහවිරු දිනය සැමරීම සදහා කිළිනොච්චියේ විවිධ සංවිධාන විසින් එල්.ටී,ටී.ඊ.සාමාජිකයින් මියගොස් මිහිදන් කරණ ලද සුසාන භූමී සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.

නොවැම්බර් මස 26 දාට යෙදී තිබෙන ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමත් 27 දාට යෙදී තිබෙන මහවිරු දිනය සැමරීමත් මේ මහවිරු සමරු සතියේ මූලික ඉලක්කය වෙයි.

නොවැම්බර් මස 22 දා සිට මහවිරු සතිය ප්‍රකාශයට
පත් කෙරෙන අතර ඒ කාලයේදී එල්.ටී,ටී.ඊ.සාමාජිකයින් මියගොස් මිහිදන් කරණ ලද සුසාන භූමී තෝරා ගෙන ඒවායෙහි මහවිරුවන් සැමරීම සිදුකරණු ලබයි.

කවරෙකු හෝ මහවිරු සතිය සමරා එල්.ටී.ටී.ඊ.නායකයින්ගේ  ඡායාරූප හෝ පිළිරුව ඉදිරියේ පහන් දල්වනු ලැබුවහොත් ඔවුන්ව අත් අඩංගුවට ගන්නා බව රජය හා ආරක්ෂක අංශ ප්‍රකාශ කළත් උතුරේ විවිධ සංවිධාන විසින් මහවිරු සතිය සමරණු ලබන කාලයේදී ආරක්ෂක අංශ සාමාජිකයින්ව කදවුරු වලට සීමා කිරීමට බලධාරීන් කටයුතු කරණු ලබයි.

කිළිනොච්චියේ පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාව විසින් ඔවුන්ගේ බල ප්‍රදේශය තුළ පිහිටි එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ව මිහිදන් කරණ ලද සුසාන භූමි සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළ අතර එම අවස්ථාවන්ට පළාතේ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුද සහභාගී වී සිටියහ.

(දිනසේන රතුගමගේ)

gossip lanka