gossip lanka

යෝෂිතට නඩු පැවරීමට යයි : විමර්ශන වාර්තාව නීතිපතිට

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණිය ඬේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩු පැවරීමට එහි උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) ඊයේ (26) අධිකරණයට දැනුම් දී සිටියේය.

ඒ, ගල්කිස්ස මිහිඳු මාවතේ ඉඳිකර ඇති රුපියල් මිලියන 36 ක් පමණ වටිනා නිවාස හා දේපල මිලදී
ගැනීම සම්බන්ධයෙන් වන නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ කැඳවූ අවස්ථාවේදීය.

අයථා මාර්ගයෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදල්, ව්‍යාපාර කටයුතුවලට හා දේපල මිලදී ගැනීමට යොදවා ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබිය.



gossip lanka