gossip lanka

TID ස්නයිපර් තුවක්කුවක් අස්ථානගතවූ කතාව බොරුවක් !

ත්‍රස්ත විමර්ශන ඒකකයේ තිබු ස්නයිපර් තුවක්කුවක් අස්ථානගත වී ඇති බවට පලවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවයක් නැති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසිය.

ස්නයිපර් ගිනි අවියක් භාවිතයෙන් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවතියේ ද යන්න සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී එබව සඳහන් කල එම
නිලධාරියා, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු පැමිණිල්ලක් ලැබී නොමැති බවත් කියා සිටියේය.

කෙසේවුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා (24) මාධ්‍යවේදීන් හමුවේ පැවසුයේ, පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ස්නයිපර් අවි අතුරුදහන් වූයේ නම් එය විශාල ගැටළුවක් බවයි.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ එදින තංගල්ල කාර්ල්ටන් නිවසේදී පැවති පොහෝදින වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

මෙලෙස පිටවන ගිනි අවි කාට විරුද්ධවද පාවිච්චි කරන්නේ ද යන්නද ගැටළුවක් බව ඔහු එහිදී පැවසිය.

gossip lanka