gossip lanka

පිදුරංගල පර්වතයේ අඩ නිරුවත් ඡායාරූප ගත් තිදෙනා රිමාන්ඩ්

ඓතිහාසික පිදුරන්ගල රජමහ විහාරස්ථානයේ පිහිටි ගල මතට නැග අඩ නිරුවතින් ඡායාරූප ගෙන  මුහුණු පොත හරහා අන්තර්ජාලයට මුදාහැර තිබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා ඔක්තෝම්බර් 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(27)  නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගත වූයේ ගලේවෙල ප්‍රදේශයේ
පදිංචි ශාමික දිල්ශාන් අබේවික්‍රම ,සපුමල් දීමන්ත සුබසිංහ ,එල් .ඒ .ඒ .පියුමාල් යන  දහ නම හැවිරිදි වියේ පසුවන   තිදෙනකුය. .

මෙම සැකකරුවන්  සිගිරිය  පොලිසිය ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද (27) සීගිරිය පොලිසියේ සිට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත පොලිස් නිල රථයකින් රැගෙන ආහ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම් .අස්මි  මහතා කියා සිටියේ මෙම සැකකරුවන් නොදැනුවත්කම හේතුවෙන් මෙවැනි දෙයක් සිදු කළ බවත් ඔවුන්ට සුදුසු ඇපයක්  ලබාදෙන  ලෙසත්  එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ එම්. ආස්මී මහතා කියා සිටියේ  කියා සිටියේ   පුරාවිද්‍යා ආඥා පනත යටතේ  මෙම සැකකරුවන්ට නඩු පවරා ඇති බවත්ය .  හේස්ත්‍රාත් අධිකරණයට  ඔවුන්ට ඇප දීමේ බලයක් නොමැති නිසා බන්ධනාගාර ගත කළ බවය.

එමෙන්ම ලෝක සංචාරක දින උත්සවයකට සීගිරියේ දී එක්වෙමින් අද (27)  උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය  නිතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙම සිද්ධිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළේය.

පිදුරංගල ගල මත අඩ නිරුවතින් ඡායාරූප ගෙන ඉදිරිපත් කිරීම රටේ අභිමානයට හානියක් බවත් එය නොහොබිනා ක්‍රියාවක් බව ද සඳහන් කළේය. මුලු මහත් රටේම ජනතාවගේ අභිමානයට මෙම ක්‍රියාව හානියක් බවද ඇමතිවරයා කීවේය.

රටේ අභිමානයක් ඇති පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන අපවිත්‍ර කිරීම ට තරම්  අද රටේ ඇතැම් තරුණ තරුණියන් නිවට තත්ත්වයට ඇද වැටී ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව ද කීවේය. මේ පිළිබඳව අනුකම්පා විරහිතව නීතිය ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

(කාංචන කුමාර ආරියදාස)

gossip lanka