gossip lanka

උපාය මාර්ග ගැන සිතා බලන්න: පිතිකරුවන් ස්ථාවර කරන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපාය මාර්ගයන් ගැන යළි සිතා බලන ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර කියා සිටිනවා. ආසියානු කුසලාන තරගාවලියේදී ලද පරාජයත් සමග සංගක්කාර මේ පිළිබඳව සදහන් කර සිටිනවා.

ආසියානු කුසලානය පස් වරක් හිමිකම් කි ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය හමුවේ ලද අන්ත පරාජයත් සමග
තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුවා.

" අපට නිවැරදි උපාය මාර්ග තිබෙනවාද යන්න මුලින්ම සිතා බැලිය යුතුයි. අප එම උපාය මාර්ගයන්ට අනුව කටයුතු කරනවද නැත්නම් ඒවා වෙනස් කරනවාද යන්න සොයා බැලීම වැදගත්. තරගාවලියන් වලදී අප ලබන ප්‍රතිපලය වැදගත්, නමුත් අපේ ඉලක්කය විය යුත්තේ 2019 වසරේ පවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. කණ්ඩායමට ස්ථාවර පිතිකරු පෙළගැස්මක තිබීම වැදගත්. ආරම්භක පිතිකරුවන් කවුරුන්ද යන්න අප හදුනා ගත යුතුයි. කවුරුන්ද අංක 3 පිතිකරු එමෙන්ම අංක 6 ස්ථානයේ පන්දුවට පහර දෙන පිතිකරුවා කවුරුන්ද යන්න ගැන අප හදුනා ගැනීම වැදගත්" යැයි මෙහිදී කුමාර් සංගක්කාර සදහන් කර සිටියි.

" එලෙස හදුනාගත් ක්‍රීඩකයින්ට සිය ස්ථානය තහවුරු කර ගැනීමට කාලයක් ලබා දිය යුතුයි වාගේම ඔවුන්ගෙන් කණ්ඩායමට බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැන පෞද්ගලිකව සාකච්ජා කළ යුතුයි".

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා උපයෝගී කර ගනිමින් සිදුකළ අත්හදා බැලීම් මගින් කිසිදු සාර්ථකත්වයක් ලගා කර ගැනීමට නොහැකිවිය.

" පිතිකරුවන් උඩට පහලට ඇදීම  තුලින් සිදුවන්නේ ඔවුන්ගේ විශ්වාසනිත්වය බිඳ වැටීමයි. ආරම්භක පිතිකරුගේ සිට අංක 4 දක්වා වන පිතිකරුවන් කවුරුන්දැයි හදුනා ගත යුතුයි. මන්ද ඔවුන් තමයි ඉණිමේ එන්ජිම වන්නේ. අනෙක් පිතිකරුවන් ඔවුන් වටා හිදිමින් සිය ඉණිම ගොඩනැගිය යුතුයි. පිතිකරණ ලැයිස්තුවේ අංක 3 සහ 4 වැදගත්ම ස්ථානයයි. සියලුම බර සිය උරහිස දරන්නේ ඔවුන් විසින්" යැයි මෙහිදී සංගක්කාර සදහන් කර සිටියා.

ඒ වාගෙමයි අංක 5 සහ 6 පිතිකරුවන් දෙදෙනා අවශ්‍ය මොහොතේදී ප්‍රවේගවත් පිතිකරණයේ යෙදීමට හැකියාවක් තිබිය යුතුයි. නමුත් යම් හෙයකින් මුල් පෙළ කඩා වැටීමකට ලක්වූ විට කඩා වැටුණු ඉණිම ගොඩනැගීමට ඔවුන්ට හැකියාව තිබිය යුතුයි. තම තමන්ට නියමිත භූමිකාව ඉටු කිරීමට ඔවුන් තුල අදහසක් තිබීම වැදගත්. නමුත් ඔවුන්ට නියමිත ස්ථාන වල ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදීමෙන් බලාපොරොත්තුවන ප්‍රතිපල ලබා ගැනීමට හැකියාවක් නැහැ.

කණ්ඩායම් සංස්කෘතිය, කණ්ඩායම් උපාය මාර්ගයන්, එමෙන්ම විශාල තරගාවලිය සදහා නියමිත ක්‍රීඩකයින් දැන් තියාම ඒ සදහා පෙළ ගැස්වීම සිදු කළ යුතු යැයි හිටපු ශ්‍රී ලංකා නායකයා කියා සිටියි.

(ද හින්දුස්ථාන් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදියි)

gossip lanka