gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රීගේ පුටුව මහින්දට ඉල්ලූ පෙත්සම ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධුරයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂමහතා එහි සභාපතිවරයා ලෙස පත්කිරීමේ නියෝගයක් ඉල්ලමින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත්‍රය බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය  (27දා) විභාගයට නොගෙන නිශ්ප්‍රභ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස සලකන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා
නිදහස් පාක්‍ෂිකයන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් කොළඹ දිසා අධිකරණය විසින් නිශ්ප්‍රභ කිරීමට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත්‍රයක් මෙලෙස විභාගයට නොගෙන නිශ්ප්‍රභ කළේය.

බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරුන් වන මනිලාල් වෛද්‍යතිලක සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරුවරු මඬුල්ලක් විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයන් වන බොරලැස්ගමුව නගාරාධිපති අනුර ප්‍රියශාන්ත සහ නාගරික මන්ත්‍රී අසංක නන්දන ශ්‍රීනාත් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා නම් කර තිබිණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka