gossip lanka

ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළැයි අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවාට ඇප

ත්‍රස්ත ක්‍රියාවක් සැලසුම්කළ බවට සැක කරමින් ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවා සතුව තිබී සොයා ගත් බව කියන සටහන් පොත්වල තිබූ අත් අකුරු ඔහුගේ නොවන බවට විශේෂඥයින් තහවුරු කර තිබෙනවා. මේ අනුව මෙහොමඩ් කමර් නිසාම්ඩීන් මෙම ශ්‍රී ලාංකික සිසුවා ඇප මත මුදා හැරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ශ්‍රී ලාංකික සිසුවා පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ, මැල්කම් ටර්න්ඩුල් සහ ජූලි බිෂොප් වැනි ඕස්ට්‍රේලියානු දේශපාලනඥයින් ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳ තොරතුරු ඔහු සතුව තිබූ සටහන් පොත්වල ඇතුළත්ව තිබූ බවට චෝදනා නගමිනි.
gossip lanka