gossip lanka

නායකත්ව වෙනසත් සමගින් දිමුත් කරුණාරත්න එක්දින පිලේ ආරම්භක පිතිකරු වේවිද...?

ශ්‍රීලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු බවට දිමුත් කරුණාත්න පත්කළ යුතු බව විස්තර විචාරක රසල් ආනල්ඩ් පවසනවා.

සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ආර්නල්ඩ් මේ බව පවසා තිබෙනවා.

දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරු කිරීම මගින් පිතිකරුඅංශය ශක්තමත් වනු ඇතැයි ආනල්ඩ් මෙහිදී
සඳහන් කර තිබෙනවා.

ශ්‍රීලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්නේද දිමුත් කරුණාරත්න වන අතර ඔහු පසුගිය වසර දෙකේදී ඉහළ දක්ෂතා පෙන්නුම් කළා.

මේ හේතුව නිසා ඔහු ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණි ගත කිරීම්හි හත්වන ස්ථානයේද පසුවනවා.

මේ අතර ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉල්ලා අස්වීමත් සමග ශ්‍රිලංකා එක්දින හා විස්සයි විස්ස නායකත්වයට පත්වූ දිනේෂ් චන්දිමාල්ට විස්තර විචාරක රොෂාන් අබේසිංහ ට්විටර් පණිවුඩයක් මගින සුභපතා තිබෙනවා.

gossip lanka