gossip lanka

පිටකොටුවෙන් බුදුරුව සහිත සාරියක් සොයා ගැනේ

පිටකොටුව දෙවැනි හරස් වීදියේ පදික වේදිකාවේ විකිණීමට තබා තිබූ බුදුරුවේ සිරස මුද්‍රණය කළැයි කියන සාරියක් සොයා ගත් බව පොලිසිය කියයි.

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ කාන්තාවක සාරි මිලදී ගැනීමට පිටකොටුව දෙවැනි හරස් වීදියට පැමිණ සාරි තෝරමින් සිටියදී මෙම සාරිය දැක 119 හරිදිසි ඇමැතුම් අංකයට ඇමැතුමක් ලබා දී තිබෙන බව පොලිසිය පවසයි.

එම පැමිණිල්ල අනුව දිවා ජංගම සංචාරයේ යෙදුණු නිලධාරීන් එම ස්ථානයට ගොස් සාරිය පොලිස් බාරයට ගෙන තිබේ. එම සාරිය විකිණීමට දමා තිබූ
වෙළෙන්දාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය සඳහන් කරයි.


gossip lanka