gossip lanka

මංගලගේ ප්‍රකාශය ගැන රතන හිමි කනස්සල්ලෙන්

මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කණගාටු වන බව එජාප ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්  සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා  දැක්වූ ප්‍රතිචාරය පිළිබඳ අදහස් දක්වමින් රතන මන්ත්‍රී හිමියන් මේ බව පැවසුයේ, ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව දිනය වෙනුවෙන්
ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

"මංගල මරවීර අමාත්‍යවරයා කටයුතු කරන්නේ ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට. එතුමට රට ගැන හැඟීමක් නැහැ. එතුමාගේ න්‍යාය පත්‍රය අපි පරාජය කලේ මීට ගොඩක් ඉස්සර. ඔහු දැන් හැම පාරශවයකගේම සහයෙන් බලයට ඇවිත් එක් පාර්ශවයකට අවශ්‍ය විදියට කටයුතු කිරීම ගැන කනගාටුවෙනවා." උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

gossip lanka