gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවසන් පන්දුව දක්වා තියුණු තරගයකින් පසු ඉන්දියාව ආසියානු කුසලානයට හිමිකම් කියයි

අවසන් පන්දු ඕවරයේ අවසන් පන්දුව දක්වා දෙපිලට දෝලනය වෙමින් පැවති උද්වේගකර තරගයක් නැරඹීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ඉඩ සලසමින් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කරමින් 2018 ආසියා කුසලානය හිමිකර ගැනීමට ඉන්දියාව ඊයේ (28) සමත් වුනා. ඒ අනුව මේ දක්වා ආසියානු කුසලාන 7 ක ජයග්‍රහණය තමන් සතු කර
ගැනීමට ඉන්දියාවට හැකිවුවා.

අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ ආරාධනාව අනුව මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 20.5 කදී ලකුණු 120 ක ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නා. ඉන්දීය පන්දු යවන්නන්ට කිසිදු අනුකම්පාවක් නොදැක්වූ බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලින්ටන් දාස් (121) සිය මංගල එක්දින ශතකය පන්දු 87ක් තුලදී රැස්කිරීමට සමත් වුවා.

ලකුණු 32ක් ලබා සිටියදී මෙහෙදී හසන් ගේ දැවී යාමත් සමග බංග්ලාදේශ ඉණිමේ කඩා වැටීම ආරම්භ වුවා. ඉන් අනතුරුව පිටියට පිවිසි කිසිදු බංග්ලාදේශ  පිතිකරුවෙක්ට ස්ථාවර වීමට ඉඩ නොදුන් ඉන්දීය පන්දු යවන්නන් බංග්ලාදේශ ඉණිම ඕවර 48.3 කදී ලකුණු 222කට සිමා කිරීමට සමත් විය.

ලකුණු 223 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස ශිකර් ධවාන් ලකුණු 15 කට දවා ගැනීමට නස්මුල් ඉස්ලාම් සමත් වූ අතර ලකුණු 83 ක් වන විට ඉන්දීය පළමු කඩුලු 3 තමන් සතු කර ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුවා.

ඇද වැටුණු ඉන්දීය ඉණිම යළි ගොඩ නගමින් හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණි (36) සහ දිනේෂ් කාර්තික් (37) සිවුවෙනි කඩුල්ල සදහා ලකුණු 54ක ශක්තිමත් දායකත්වයක් දැක්වුවා.

නමුත් දිනේෂ් කාර්තික් සහ මහේන්ද්‍ර සිං දෝණි ගේ කඩුලු දෙක ඉක්මනින් දවා ගනිමින් බංග්ලාදේශ පන්දු යවන්නන් තරගයට යලි අවතීර්ණ වීමට සමත් වුවත් ඉන්දීය කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් ඉවසිලිවන්තව පන්දුවට පහර දෙමින් අවසන් පන්දුවාරයේදී සිය ජයග්‍රහණය සදහා ලකුණු 6ක් දක්වා ගෙන ඒමට සමත් වුවා.

අවසන් පන්දු ඕවරය යැවීමට බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු යවන්නෙක් නොසිටි බැවින් මහම්දුල්ලාට එය පැවරීමට නායකයා තීරණය කළා. එයින් උපරිම ප්‍රයෝජන ගත් කෙදර් ජාදෙව් (23*) සහ කුල්දිප් සිං (5*) අවසන් පන්දු ඕවරයේ අවසන් පන්දුවේදී ඉන්දීය කණ්ඩායමට 7 වන වරටත් ආසියානු කුසලානයේ ජයග්‍රහණය භුක්ති විදීමට ඉඩකඩ සලසා දෙනු ලැබුවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka