gossip lanka

ඉන්දුනීසියා සුනාමිය ගැන මෙරට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ඉන්දුනීසියාවට බලපා ඇති සුනාමි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ජනමාධ්‍ය එලෙස වාර්තා කර තිබුණා.

හටගත් සුනාමි තත්ත්වයෙන් ඉන්දුනීසියාවේ පලු සහ
ඩොංග්ගල් නමැති නගරවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව නවතම තොරතුරු වාර්තා සඳහන් කරනවා.

එරට “සුලවේසි” දිවයින ආශ්‍රිතව හටගත් ඒකක 7.5ක ප්‍රබල භූ චලනයෙන් අනතුරුවයි මෙම සුනාමි තත්ත්වය වර්ධනයවී ඇත්තේ.

දැවැන්ත සුනාමි රළ නගරයට කඩා වැදුණු බවත්, ඉන් ගොඩනැගිලි සහ නිවාස කඩා බිඳ හෙලුණු බවත් සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා.

එමෙන්ම ඉන්දුනීසියානු බලධාරීන් පවසන්නේ එම නගරයේ ජීවත් වූ පවුල් රැසක් අතුරුදන් වී ඇති බව ද වාර්තා වී ඇති බවයි.

සුනාමි රළ මීටර 2ක් පමණ උස් වූ බව සඳහන්.

මේ අතර මේවන විට පළවන නවතම පුවත් වාර්තා සඳහන් කරන්නේ භූ චලනයෙන් පසු ඉන්දුනීසියානු බලධාරීන් විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ ද පසුව එය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

අදාළ සුනාමි අනතුරු ඇඟවීම එලෙස ඉවත් කිරීමෙන් විනාඩි කිහිපයකට පසු දැවැන්ත සුනාමි රළ මෙලෙස ගොඩබිම සෝදාගෙන ඇතුළුවූ බවයි වාර්තා වන්නේ.

මේවන විට අදාළ ප්‍රදේශය ආශ්‍රිත සන්නිවේදන මාධ්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව පැවසෙන අතර විදුලි බලය ද විසන්ධි වී ඇති බව සඳහන්.

මේ අතර වහාම ක්‍රියාත්මකවන පරිදි පලු නගරයේ ගුවන්තොටුපොල වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම ඉන්දුනීසියානු රජය මහජනතාව වෙත දැනුම් දී ඇත්තේ ආපදානට ලක් වූ ප්‍රදේශවලින් ඉවත් වී ආරක්ෂිත ප්‍රදේශවලට වහාම ගමන් ගන්නා ලෙසයි.

තව ද සුනාමි තත්ත්වයෙන් සහ භූ චලනයෙන් හානියට පත් ගොඩනැගිලි තුළ සහ ඒ ආශ්‍රිතව රැඳී සිටීමෙන් වලකින ලෙස රජය ඉල්ලා තිබෙනවා.

සුනාමි රළ ගොඩබිමට ඇතුළුවන අවස්ථාවේ දී එම දර්ශනය පලු නගරයේ සාප්පු සංකීර්ණයක ඉහළ මහලේ සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ඇති අතර එම වීඩියෝව සහ ඡායාරූප පහතින්..


gossip lanka