gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඹේපුස්ස කඳවුරේ සිද්ධිය ඇතුලේම වැඩක් බව හෙළිවෙයි

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුගේ ගිනි අවිය පැහැරගැනීමේ සිද්ධියට එම කඳවුරේම සෙබළුන් දෙදෙනෙකු සම්බන්ධ බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ කොල්ලකෑම් සිදුකිරීම සඳහා මෙම හමුදා සෙබළාගේ
ගිනි අවිය මොවුන් විසින් පැහැරගෙන ඇති බවයි.

කෙසේ වෙතත් නුදුරේදීම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා බවද එම නිලධාරියා සඳහන් කළා.

එමෙන්ම පැහැරගත් ගිනි අවිය සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් මේ වනවිටත් අනාවරණ වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් සිද්ධිය වූ දින රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුගේ දර්ශන CCTV කැමරා පද්ධතියේ සටහන්ව ඇති බවත් එම පුද්ගලයින් කවුරුන්දැයි පැහැදිලි නොමැති බවත් මීට පෙර ආරක්ෂක අංශ විසින් මාධ්‍යයට පවසා තිබුණා.

මියගිය යුද හමුදා සෙබලාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගියදා ගම්පහ රෝහලේ සිදුකළ අතර, එහිදී අනාවරණ වුණේ තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් ඔහුගේ හෘදයට හානි සිදුව ඇති බවටයි.

මියගිය හමුදා සෙබලා වසර දෙක හමාරක පමණ කාලයකට පෙර දී යුද හමුදාවට බැදී ඇති අතර, ඔහු අඹේපුස්ස යුද හමුදා කදවුරේ සම්මාන ධජ රදවා ඇති ස්ථානයෙහි ඇති මුර කුටියෙහි රාජකාරීයේ නිරතව තිබෙනවා.

මියගිය 21 හැවිරිදි යුද හමුදා සෙබලා කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු  වන අතර, ඔහු සිය පවුලේ දෙවැන්නායි.

ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණේ පසුගිය ඉරිදායි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka