gossip lanka

සක්‍රියම මන්ත්‍රීලා ඉන්නේ ජවිපෙ !

වත්මන් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සමීක්ෂණයක යෙදෙන mantri.lk වෙබ් අඩවිය විසින් පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරු පිළිබඳ නවතම සමීක්ෂණය එළිදක්වා තිබේ.

වත්මන් පාර්ලිමේන්තුව නැතහොත් 08 වැනි පාර්ලිමේන්තුව පත්වී දැනට වසර 03ක් ගතවී ඇති අතර එම සමීක්ෂණයට අනුව මෙම වසර 03 තුළ පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරු දසදෙනා අතර
ජනතා විමුක්ති පරෙමුණේ මන්ත්‍රීවරු සිව් දෙනෙකුම සිටිති.

ඉන් පළමු දෙවැනි සහ තෙවැනි ස්ථාන නියෝජනය කරන්නේ ද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු වීම විශේෂත්වයකි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පළමු ස්ථානයේත්, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දෙවන ස්ථානයේත්, බිමල් රත්නායක මහතා තෙවන ස්ථානයේත්, සුනිල හඳුන්නෙත්ති මහතා පස්වන ස්ථානයෙත් සිටිති.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සිව්වැනි ස්ථානයේත්, මහින්ද පිලේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා හයවැනි ස්ථානයේත්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හත්වැනි ස්ථානයේත්, ඊ.පී.ඩී. නායක ඩග්ලස් දේවානන්ද මහතා අටවැනි ස්ථානයේත්, මහින්ද පිලේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නමවැනි ස්ථානයේත්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රී නේසන් මහතා 10 වැනි ස්ථානයේත් සිටිති.

gossip lanka