gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ව්‍යවස්ථාදායක සභාවට අලුත්ම 5ක් !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරි සතිය තුළ නව සාමාජිකයින් පත් කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා කියයි.
එහි සමාජිකයින් 5 දෙනෙකුගේ නිල කාලය පෙරේදා
(21) අවසන්වීම හේතුවෙන් මේ නව පත් කිරීම් සිදුකරන බවද ඔහු කියා සිටියේය.

ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, විජිත හේරත්, තිලක් මාරපන, සිබ්ලි අශීස් සහ රධිකා කුමාරස්වාමි යන
මහත්ම මහත්මීන්ගේ නිල කාලය මෙසේ අවසන්ව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවට අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් තේරී පත්වන අතර තව ත් සාමාජිකයින් 6 දෙනෙකු ද ඊට ඇතුළත් වේ.

සභාවේ 5 දෙනෙකුගේ නිල කාලය අවසන් වුව ද පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ මහින්ද සමරසිංහ මහතාගේ නිල කාලයට බලපෑමක් නැතැයි ද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

නිල කාලය අවසන් වූ සාමාජිකයින් වෙනුවට නව සමාජිකයින් පත් කිරීමට බලය ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයාට බවද ඉද්දවෙල මහතා කීය.

කලින් අයට පත්වන්න අවස්ථාවක් නෑ

මෙතෙක් එහි සමාජිකත්වය දැරූ සමාජිකයින්ට යළි එම සභාවට පත් විය නොහැකි වන බව ද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා පැවසුවේය.

කොමිෂන් සභා සඳහා නිලධාරීන් පත් කිරීම මෙන් ම රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka