gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාමල් කුමාරගේ නිවසට නාඳුනන පුද්ගලයෙක් ඇවිත් ගිහින්

පසුගිය දිනවල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් රටේම අවධානය ගත් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ නිවසට ඉන්දීය ජාතිකයෙකු පැමිණ තිබෙනවා.

කිහිප අවස්ථාවකම මෙම ඉන්දීය ජාතිකයා තමන් හමුවට පැමිණි බවත්, ඒ පිළිබඳ සැකයක් නිසා  තමන් මේ සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිළි කළ
බවයි නාමල් කුමාර  කියා සිටියේ.

අදාළ පුද්ගලයාව මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු ප‍්‍රකාශ කළා.

නාමල් කුමාරට ලබා දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් සහ අත්අඩංගුවට ගැනුණූ මෙම ඉන්දීය ජාතිකයා පිළිබඳ නෙත් නිවුස් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාරගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ "ඔහු කියන විදියේ ආරක්ෂාවක් සැපයීමේ අවශ්‍යතාවයක් අපිට අපේ බුද්ධි අංශවලට වාර්තා වී නැහැ. නමුත් නිරන්තරයෙන් අපේ නිලධාරීන් ඔහු සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නවා. වැඩි ආරක්ෂාවක් අවශ්‍යයි කියලා අපිට හැඟීගියොත් ඒක ලබා දෙන්න පුළුවන්. ඒ කියන ඉන්දීයානු ජාතිකයා සම්බන්ධයෙනුත් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙනවා." යනුවෙනි.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සිදු කළ බව කියන කුමන්ත‍්‍රණයක් පිළිබඳ යළි ප‍්‍රකාශයක් ලබා දීම සඳහා තමන් ලබන බදාදා (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන බවයි නාමල් කුමාරකියා සිටියේ.

 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka