gossip lanka

මධුෂ් සමග ගනුදෙනු සොයන්න නාලකගේ දුරකථන පරීක්‌ෂා කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බව කියන ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා, රටින් පලාගොස් සැගවී සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග සබඳතා පැවැත්වූවේද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මධුෂ් සමග සබඳතා පැවැත්වූයේද යන්න සෙවීම
සඳහා නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා පාවිච්චි කළ ජංගම දුරකථන සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන එහි ඇති දුරකථන අංක වාර්තා පරීක්‍ෂා කිරීමට නියමිතය.


නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ අතර පැවැති බව කියන රහසිගත දුරකථන සංවාදයේ දී පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ නම සඳහන් විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට අනතුරක්‌ කිරීමට පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සහාය ලබා ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්‌පතිවරයා නාමල් කුමාරට උපදෙස්‌ දුන් අයුරු එම හඬපටයේ සටහන් වී තිබිණි.

(දිවයින)


gossip lanka