gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සභාපති තනතුරට වර්ණපුර හා මහානාමගේ නම් කරළියට

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි ලෙස අසාර්ථකත්වයට පත්වීම පිළිබඳව වගකීමක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවටද පැවැරෙන බැවින් එම කමිටුවද ඉවත් කොට නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරි දින කිහිපය තුළදී කටයුතු කරනු ඇති බවත් නව ජාතික තේරීම් කමිටුවේ සභාපති තනතුර සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයන් වන බන්ධුල වර්ණපුර හා රොෂාන්
මහානාමගේ නම් යෝජනා වී ඇති බවත්  වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී ලද දරුණු පසුබෑම හේතුවෙන් චෝදනා ලැබූ ඇන්ජිලෝ මැතිව්ස්ට නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනා කරන්නට ග්‍රහැම් ලැබ්රෝයි ප්‍රමුඛ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ කටයුතු කළද මෙසේ ලද පරාජයන්ගේ වගකීමෙන් ගැලවීමට ජාතික තේරීම් කමිටුවට සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහටද නොහැකි බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ මතය වී ඇතැයිද පැවැසේ. තම ඉල්ලා අස්වීම සම්බන්ධව හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෑෂ්ලි ද සිල්වා වෙත යවන ලද ලිපියේද වගකීම පිළිබඳව එවන් මතයක් පළකර ඇත.

කෙසේ වෙතත් නව තේරීම් කමිටුව පත්කිරීමට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා අයි.සී.සී.යට පොරොන්දු වූ පරිදි මෙරට ක්‍රිකට් පරිපාලනය සඳහා පස්දෙනකුගෙන් යුත් කළමනාකරණ කමිටුව ඉදිරි සතිය තුළදී පත් කිරීමටද නියමිතය. එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් පරිපාලන කටයුතු වෙනුවෙන් පත්කරන කළමනාකරණ කමිටුවේ එක් සාමාජිකයකු ලෙස ක්‍රිකට් ආයතන නිසි බලධාරී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා කටයුතු කරන අතර ඉතිරි සාමාජිකයන් සිවුදෙනා සඳහා හිටපු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් නොව ක්‍රිකට් පිළිබඳවද දැනුමක් ඇති පරිපාලනයේ ප්‍රවීණයන් පක්කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා පැවැසීය.

-මව්බිම

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka