gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකා අද රහස් පොලිසියට කැඳවයි

සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (25දා) දින කැඳවා තිබේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සහ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන කෘෘර වධ හිංසනයට පත් කිරීමේ සිද්ධීන්වලට අදාළව සිදු කෙරෙන විමර්ශනවලට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා අද (25දා) දින
මධ්‍යහ්න 12.00ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතය.

මෙම විමර්ශනයන්ට අදාළව මීට පෙර අවස්ථාවකදී ද සරත් ෆොන්සේකා මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. එම විමර්ශනවලට අදාලව ඔහුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන දෙවැනි අවස්ථාව මෙයයි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතාව ද මිට ඉහතදී කිහිපවරක් ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka