gossip lanka

නවසීලන්ත අගමැතිනිය එක්සත් ජාතීන් අමතන්න දරුවා කැටුව පැමිණෙයි

මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින් පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය.

ඇය සමග ඇගේ බිළිඳියද රාජ්‍ය නායක සමුලුව අමතන අවස්ථාවට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇය සමුළුව අමතද්දී දරුවා ළඟ සිට ඇත්තේ ඇයගේ
සැමියායි.

පසුගිය කාලයේ ලෝකයේ අවධානයට ලක්වෙමින් ඇය ධුර කාලය තුළදී දරු ප්‍රසූතියක් සිදු කළ දෙවන රාජ්‍ය නායිකාව බවට පත්වූ අතර (පළමුවැනියා බෙනාසීර් බූතෝය) මේ වනවිට ජසින්ඩාගේ අලුත උපන් බිළිඳියට වයස මාස 03 කි.

ඇය තවමත් දරුවාට මව්කිරි ලබාදෙන බව සඳහන් කර තිබෙන අතර ඇය මෙම සමුළුවට බිළිඳිය කැටුව ඒම හොඳ තීරණයක් ලෙස රාජ්‍ය නායකයින්ගේ පැසසුමට ලක්වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඇය සමුළුව ඇමතීමට පෙර දියණිය සමඟ විනෝද වෙමින් සිටි බවද සදහන් වනවා.

එසේම නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමින් ඇය දකුණු අප්‍රිකානු නායකයාගේ “ප්‍රබල බලපෑම” සිය කතාව තුළින් අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.




gossip lanka