gossip lanka

සාමාන්‍ය පෙළින් විෂයන් 3 ක් ඉවත් වන ලකුණු

සාමාන්‍ය පෙළ විෂය මාලාවට අයත් විෂයන් නවය, විෂයන් 6 ක් දක්වා අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම යල් පැනගිය විෂය මාලා සංශෝධනය කිරීමටද මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
gossip lanka