gossip lanka

ඇමති මංගල ගැන ජා.නි.පෙ.න් නිවේදනයක්

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූ මතය විවේචනය කරමින්,  අමාත්‍ය මංගල සමරවීර මිනිස් අයිතිවාසිකම් පිලිබද බටහිර සංකල්පය පරමත්‍යයට නැංවීමට උත්සාහ කරන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.

ඒ බටහිර මානව හිමිකම් පිළිබදව කාදිනල් හිමිපාණන්ගේ පසුගියදා ඒකල මතෙව් දේවස්ථානයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන අමාත්‍යවරයාගේ මතය පිලිබදව සදහන් කරමින්.


කාදිනල් හිමිපාණන්ගේ මතය වැරදි යැයි පැවසිය හැක්කේ බටහිර ගැති බව සාඩම්බරයට කාරණයක් යැයි සිතන කළු සුද්දෙකුට පමණක් බව ද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර, අගරදගුරු පදවි ජන සන්නිවේදන සහ සංස්කෘතික කේන්ද්‍රය ද අමාත්‍ය මංගල සමරවීර කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ට්විටර් ගිණුමේ තබා තිබූ සටහන හෙලා දකින බව නිවේදනය කර තිබුණා.

එහි දැක්වෙන්නේ අගරදගුරු හිමියන්ට දේව මෙහෙයන් ඔස්සේ ජනප්‍රිය වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ අතර,  මාතර - හක්මන ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මංගල සමරවීර මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

අමාත්‍යවරයා කියා සිටියේ එය තමාගේ අදහසක් බවත් තමන් දේශපාලනයට පැමිණියේ මානව අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට බවයි.
gossip lanka