ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙති!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමහි පුහුණු කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

එසේ ඉල්ලා අස් වී ඇත්තේ කණ්ඩායමේ ශාරීරික කාර්යසාධන කළමනාකරු ලෙස කටයුතු කරන ලද ග‍්‍රාන්ට් ලුඩන් හා භෞත චිකිත්සක ලෙසින් කටයුතු කල ක‍්‍රිස් ක්ලාක් ය.

'හොඳ අම්මා කෙනෙක් නම් ඔප්පු කරන්න ඕන... එහෙම මනුස්සයෙක් එක්ක ඉන්නවට වැඩිය හොඳයි අයින්වෙන එක - චතුරිකා පීරිස් අවසානයේ 'සියල්ල' හෙළි කරයි!

'චතුරිකා පීරිස්' කියන්නෙ එදා ටෙලි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත 'සමීප වුණු' කවුරුත් ආදරය කරන 'රංගන ශිල්පිනියක්.' අතිශය ආකර්ශනීය 'ඈ' ඉතාමත් ඉක්මණින් බොහෝමයක් 'උන්'ගේ හදවත 'හොරා' ගන්නවා.

ඉන් එහා....

'ඈ' අත ගන්න 'පෙම්වතා' කවුද කියලත් බොහෝමයක් 'උන්' ඇහැ ගහගෙන හිටියා. ඒ වුණත් 'පළමු ගිවිස ගැනීම' අවසානයේ ඈ 'තීන්දු' කරනවා ඒකට 'නැවතීම' තියන්න.

අනතුරුව ඇගේ 'අත ගත්' වාසනාවන්තයා වුණේ 'අන් කවරෙක්' හෝ නොවේ, 'ගයාන් වික්‍රමතිලක'. ‍'පෙර විවාහයේ කෝන්තර' නිසා ගයාන් ගැනත් ඒ වෙනකොට විවිධාකාර 'කයිකතන්දර' පැතිර ගොස් තිබුණා. ඒ නිසාම 'චතුරිකා-ගයාන්' විවාහයත් සමහරක් පිරිස් අතරේ 'විවේචනයට' ලක්වුණා.

සමාජ මාධ්‍ය' තුළ දි පවා එල්ල වුණු 'දහසකුත්' අවලාද නොතකා උන් 'චතුරිකා' දැන් පුංචි දුවණියකගේ අම්මා කෙනෙක්. ඈ ආරාධනා....

පසුගිය දවසක 'යූටියුබ්' නාලිකාවකට එක්වුණු චතුරිකා, 'හොඳ සහ නරක අම්මලා' ගැන මේ විදිහේ කතාවක් කියලා තිබුණා.

'දරුවෙක් කුසට ආපු පළියට මම හිතන් නෑ හැමෝම හොඳ අම්මලා කියලා. මොකද ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕන.. තමන්ගේ දරුවා වෙනුවෙන් අවධානයක් දෙන්න බැරි නම්, අනාගතය වෙනුවෙන් කැපකිරීමක් කරන්න බැරි නම්... අපි දැකලා තියෙනවා දරුවෝ තැන් තැන්වල දාලා යනවා. කොහොමද එහෙම දාලා යන්නෙ. සමහරු තමන්ගේ දරුවෝ පාවිච්චි කරනවා එක එක දේවල්වලට. ඒක තමන්ගේ අතේ තමයි තියෙන්නෙ..'

ඒ වෙලාවේ දරුවන් නැති වුණාම සැමියා සහ බිරිඳ අතර වෙන අමනාපකම් ගැන ප්‍රශ්නයක් චතුරිකාගෙන් අහලා තිබුණා. මේ ඒකට චතුරිකා දුන්නු උත්තරේ....

'දරුවෙක් පිළිසිඳ ගන්න බැරි නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න පුළුවන්. ළමෙක් දෙන්න බෑනේ අයින් වෙන්න කියනවනම් හස්බන් හරි වයිෆ් හරි... හොඳම දේ අයින් වෙන එක. එහෙම මනුස්සයෙක් එක්ක මැරෙනකන් ඉන්නවට වැඩිය හොඳයි අයින් වෙන එක.. සමහරක් අය මම දැකලා තියෙනවා, දරුවෝ නැතිවුණත් ආදරෙන් ඉන්නවා. ඒවා තමයි සුන්දර ආදර කතා..'

මට ඕන නම් මං පිරිමි කෙනෙක් බදාගෙන නටනවා – මුහුණුපොත කැළඹු වීඩියෝව ගැන අමායා අධිකාරි කට අරී!

කාලයක් අපේ රටේ පුවත් මවපු නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි කෙනෙක් තමයි අමායා අධිකාරි කියන්නේ.

අමායා මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපිකාවක් විදියට කියලා බොහෝ දෙනෙක් නොදන්නවා ඇති.

පසුව ඇය ගීත සඳහා රූප රචනයෙන් දායක වූ අතර පසු කාලෙක රංගන ශිල්පිනියක් විදියට ක්‍ෂේත්‍රයේ නමක් දිනාගන්න සමත්වෙනවා.

ඒ වගේම අමායා කියන්නේ ගොඩක්ම දක්ෂ නර්තන ශිල්පිනියක් කිව්වොත් හරි.

ඇයගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ සිදුවීම් නිසා බොහෝ දෙනා අතර ඇය ප්‍රසිද්ධ වුණා.

ඒ අතර ප්‍රමුඛම කාරණය වෙන්නේ ඇය මෙරට ප්‍රකට සංගීත ශිල්පියෙකු වන අතුල අධිකාරී සමඟ විවාහ වීමයි.

අතුල අධිකාරි කලින් විවාහ වෙලා හිටියේ ඔහුගේම ක්‍ෂේත්‍රයේ ප්‍රකට ගායිකාවක වන සමිතා මුදුන්කොටුව සමගයි.

ඒ වගේම අතුලට සහ සමිතට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

ඉතින් අතුල අධිකාරි අමායා සමග විවාහ වීමත් සමග සමිතා දරුවන් දෙදෙනා සමග තනි වෙනවා.

නමුත් පසුකාලීනව ඇය ද චිරන්ත ගුණවර්ධන නම් ටික්ටොක් හි ප්‍රකට තරුවක් සමඟ එක්ව දිවිගෙවන බව ඔවුන්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා.

කොහොම වුනත් අමායා සහ අතුලගේ විවාහයත් සාර්ථක වෙන්නේ නෑ.

ඔවුන් පුද්ගලික හේතුන් කිහිපයක් නිසා වෙන්ව ජීවත් වෙන්න තීරණය කරනවා.

විවාහයෙන් වෙන් වූ අමායා රියලිටි තරුවක් වූ ජනප්‍රිය ගායක හර්ෂ දනොෂ් සමඟින් පෙම් සබඳතාවයක් ඇති කරගන්නා විත්තිය නොරහසක්.

අතුල හා දික්කසාද වීමෙන් අනතුරුව ඈ විවාහ වෙන්නෙ හර්ෂ එක්ක.

ඒ වගේම ඈ හා සමිතාගේ පවුලේ අය අතරත් කිසිදු විරසකයක් නොමැති බැව් ඔවුන්ගේ මුහුණු පොත්වල පළකිරීම්වලින් තහවුරු වුණා.

පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා සම්මුඛ වෙමින් ඈ එක්තරා වීඩියෝවක් ගැන අදහස් දක්වා තිබුණා.

එම වීඩියෝවේ අමායා තරුණයෙක් සමඟ නර්තයේ යෙදෙන අතර ඒ අවස්ථාවේ ගීතය ගායනා කරනු ලබන්නේ අතුල අධිකාරි විසිනුයි.

ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ අදහස් දක්වා සිටියා.

“මේ ළගදී මමයි, චන්දිමාලුයි කතා කරලා වීඩියෝවක් දැම්මා…ඕකට පිටකවරේ ඕඩියෝ එක දාලා එඩිට් කරලා චන්දිමාල් දැම්මා ටික්ටොක් එකට. ඒක මගෙන් අහලා තමයි චන්දිමාල් දැම්මේ. ඒක දැම්මට කමක් නැද්ද බන් කියලා අහලා තමයි දැම්මේ. ඕක දැම්මට පස්සේ වන් මිලියන් විතර ඕක ගියා. දැන් එතකොට යටින් දාන කමෙන්ට් අනේ මන්දා…අපි ඔයිට වඩා මිනිස්සු එක්ක බදාගෙන නටාගෙන ඉන්නවා.. මට ඉන්නේ ඔක්කොම පිරිමි ළමයි යාළුවෝ…”

තරුණියක දූෂණය කළ සැකකාර කපුවා අතුරුගිරිය පොලිස් කූඩුව ඇතුළේ ගෙල වැලලා ගනී!

රෝග සුවකිරීමේ මුවාවෙන් නිවසේ නතර කරගත් 19 හැවිරිදි තරුණියක දූෂණය කළ බව කියන චෝදනාවක් මත අත්අඩංගුවට ගත් කපුවෙකු අතුරුගිරිය පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටිය දී එහි ඇතුළේ ගෙල වැලලා ගෙන සිය දිවි නසාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ හෝමාගම, පනාගොඩ, රොමියෙල් මාවතේ පදිංචිව සිටි රණසිංහ ආරච්චිගේ ලලිත් සූරිය කුමාර නමැති 54 හැවිරිදි දෙදරු පියෙකි.

තරුණියකට විටින්විට සෑදෙන රෝගයක් සුවකර ගැනීම සඳහා පනාගොඩ රොමියෙල් මාවතේ වෙදකම් කරන කපු මහතකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇත. අවස්ථා කීපයක දී එලෙස ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත්ත ද ඉන් සුව නොවීම නිසා කපු මහතා පවසා ඇත්තේ තරුණිය නිවසේ රඳවාගෙන ප්‍රතිකාර කළ යුතු බවය.

ඒ අනුව පසුගිය අගෝස්තු 01 වැනිදා සිට තරුණිය කපුමහතාගේ නිවසේ නතර කොට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.

මේ අතරතුර දී 28 වැනිදා දහවල් දෙමගොඩ ප්‍රදේශයේ වෛi මධ්‍යස්ථානයකින් තරුණියගේ දුරකථනයෙන් ඇයගේ මවට ඇමතුමක් දී දන්වා ඇත්තේ කිසියම් පුද්ගලයකු තරුණිය ගැබ්ගෙන ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා වෛi මධ්‍යස්ථානයට පැමිණ ඇති බවත්, ඔහුගේ හැසිරීම සැක සහිත බවත්ය.

ඒ අනුව තරුණියගේ මව ක්‍ෂණිකව අතුරුගිරිය පොලිසියට ගොස් පැමිණිල්ලක් කර අතුරුගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂිකා ජස්මින් මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමග දෙමටගොඩ වෛi මධ්‍යස්ථානය වෙත ගොස් සැකකරු කොටුකරගෙන තිබේ.

පසුව සැකකරු හා තරුණිය අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන විත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඉන් පසු සැකකරු පොලිස් සිර මැදිරිය තුළ රඳවා සිටිය දී කළු පැහැති නූලක ආධාරයෙන් ගෙල වැලලා ගෙන ඇති බවත්, පසුව මේ බව දුටු පොලිස් නිලධාරීන් ඔහු 1990 සුවසැරිය ගිලන් රථයකින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කියයි.

එහිදී වෛiවරුන් රෝගියා පරීක්‍ෂා කොට පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවය. ඔහු සිරමැදිරියේ රඳවා සිටිය දී තවත් සැකකරුවන් දෙදෙනකු එහි සිට ඇත.

දූෂණයට ලක්වූ බවකියන තරුණිය මේ වනවිට වෛi පරීක්‍ෂණයක් සඳහා රෝහලට ඇතුළත් කර තිබේ. ඇය අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම ට සිටි සිසුවියක බවද පැවසේ.

මේ පිළිබඳව අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂිකා ජස්මින් මහත්මියගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
ඇන්ටන් ප්‍රනාන්දු සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

"කෝ... මේ දුව එන්න එහෙනම් බලන්න" මනාලයා ගෙට ගොඩවෙද්දී මනාලිය අමුතුම තැනකින් මතුවෙයි...

මවුපියන්ගේ ආරාධනයෙන් නිවසට පැමිණ සිටි මනාලයාට බුලත් හෙප්පුව දීමට නියමිත වේලාව පැමිණෙන තුරු කාමරයේ සිටි මනාලිය හදිසියේ අතුරුදන් වූ පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙනවා.

වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

කෑගල්ල ප්‍රදේශයේ ගම්මානයක මවුපිය යුවළක්  සිය දරුවන් තිදෙනා සමග පදිංචිව සිටියහ. දරුවන් තිදෙනා ගෙන් දියණිය වැඩිමල්ය.

තරුණියගේ වයස අවුරුදු 27 කි. ඇය තරමක් සුරූපිය. වරකාපොළ ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයක මැෂින් ක්‍රියා කරවන්නියක ලෙස වසර 6 ක පමණ කාලයක සිට ඇය සේවය කරන්නීය.

මෙම තරුණිය වසර දෙකක පමණ කාලයක සිට අල්ලපු ගමේ පදිංචිව සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි 30 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් මව්පියන්ට හොර රහසේ පවත්වාගෙන ගියාය. මීට මාස හයකට පමණ ඉහතදී තරුණිය වැඩ නිම කර සවසක නිවසට පැමිණෙමින් සිටින අතර වාරයේ දී පාරේ කොනක සිට තරුණයකු සමග කතා බහ කරමින් සිටින අයුරු ලොකු අම්මා දුටුවාය.

පසු දිනක ඇය තරුණියගේ නිවසට ගොස් අහවල් තරුණයා සමග දියණිය කතා බහ කරමින් සිටියා යැයි සහෝදරිය සමග පැවසුවාය.

පසුව තරුණියගේ මව ඒ සම්බන්ධයෙන් තරුණියගෙන් විමසීමක් කළාය. ඇය චෝදනාව ප්‍රතික්ෂේප කළාය.

ඔය කියන තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් එවැනි තරුණයකු සමග විවාහ වී පවුල් ජීවිතයක් ඉදිරියට ගෙන යා නොහැකි බව දන්වමින් සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා නම් වහා නතර කරන ලෙස අවවාද කළාය. මවගේ අවවාද පසෙකලා තරුණිය තරුණයා සමග සම්බන්ධතාව දිගින් දිගටම පවත්වාගෙන ගියාය.

තරුණියගේ මව කපු මහතකුට තම දියණියට ගැලපෙන මනාලයකු සොයා දෙන ලෙස ඔය අතරේ ඉල්ලීමක් කර සිටියේ මීට මාස දෙකකට පමණ ඉහතදීය.

කපු මහතා රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටින විදේශ රටක සේවය කර මෑත කාලයේ ලංකාවට පැමිණ සිටින තරුණයකු සොයා තරුණියගේ මවට ඒ බව කීවේය. දෙපාර්ශවයේ අය කපු මහතා ලබා දුන් තරුණයාගේ හා තරුණියගේ ජායාරූප බලා දෙදෙනා දෙදෙනාට ගැලපෙන බව කීවේය.

පසුව තරුණියගේ මව තරුණයාගේ ජායාරූපය දියණියට පෙන්වා කදිම මනාලයෙක් බව කීවාය. දැනට පවත්වාගෙන යන සම්බන්ධතාවය නතර කරන ලෙසත් ඉදිරියේදී කපු මහතා කතා කර ඇති මනාලයා නිවසට ගෙන්වා දෙදෙනා අතර සම්බන්ධතාවක් ඇති කරන බවත් මව දිනක් පැවසුවාය. තරුණිය මවට කිසිවක් නොකියා පාඩුවේ සිටියාය.

තරුණියගේ මව කපු මහතාට කියා සිටියේ මනාල මහතාගේ පවුලේ උදවිය දිනෙක නිවසට කැඳවා ගෙන එන ලෙසය.

දෙපාර්ශ්වය ඒ සඳහා දිනක් නියම කර ගත්හ.

තරුණියගේ මව අල්ලපු ගමේ සිටින මනාලියන් හැඩ ගන්වන තරුණියක ද ගෙන්වා දියණිය ලස්සනට හැඩ ගැන්වා ගත්තාය. තේ මේසයක්ද පිළියෙළ කෙරිණි. අසල්වැසි ඥාතීන් කිහිප දෙනෙකුට ද නිවසට පැමිණෙන ලෙස තරුණියගේ මව ආරාධනා කළාය.

මනාලයාගේ වැඩිමල් සහෝදරයාගේ මෝටර් රථයෙන් කපු මහතා සහ පිරිස නිවසට පැමිණියහ. ඔවුන් පිළි ගැනීමට තරුණියගේ මව පෙරට ආවාය. මේ තමා මනමාල මහතාගේ අම්මයි තාත්තයි. මේ තමා මනාල මහතාගේ වැඩිමල් සහෝදරයා. මේ තමා මම කියපු මනාල මහත්මයා.

සිංහල සිරිතට විරිතට අනුව පිළි ගත් සියලු‍ දෙනා මනාලියගේ මවගේ ආරාධනයෙන් නිවසට ගොඩවූහ. “කතා කරමු පස්සේ මුලින්ම අපි තේ ටිකක් බීලා ඉදිමු නේද කපු මහත්තයා”‍ මනාලියගේ මව කපු මහතා ඇතුළු පිරිසට ආරාධනා කළාය.

මනාලිය හැඩ ගැන් වු තරුණියට ද මව තේ කෝප්පයක් පානය කිරීමට ආරාධනා කළාය. මනාලිය කාමරයේ තනිවම සිටුවා රූපලාවණ්‍ය ශිල්පිනිය ඇතුළු සියලු‍ දෙනා තේ මේසයට ගියහ.

තේ පානය කරන ලද රූපලාවණ්‍ය ශිල්පිනිය යළි කාමරයට ගිය ද මනාලිය කාමරයේ නොමැති බව මනාලියගේ මවට කතා කර කීවාය.

තරුණියගේ මව දියණිය කාමරයේ කුස්සියේ වැසිකිළියේ පවා සෙව්වාය. පසුව අල්ලපු ගෙදරට ගිය මනාලියගේ මව සිය දියණිය දුටුවේ නැද්ද යන වග ද විමසීමක් ද කළාය. ඔවුන් ද නොදුටු බව කීවාය.

තරුණියගේ මව වැළපෙමින් කපු මහතා කුස්සියට කැඳවා සිද්ධිය විස්තර කළාය.

පසුව කපු මහතා මනාලයා ඇතුළු පිරිසට කිසිවක් නොකියා ආපසු නිවසට රැගෙන ⁣ගොස් ඇති බව වාර්තා වෙයි.

පසුව තරුණියගේ මව පියා ඇතුළු පවුලේ ඥාතීහු තරුණිය සොයන්නට පටන් ගත්හ.

රූපලාවණ්‍ය ශිල්පිනිය කාමරයේ සිටිය දී මනාලිය ඇඳ යටින් එළියට ආවාය.

රූපලාවණ්‍ය ශිල්පිනිය මනාලිය සිටින බව මවුපියන්ට පැවසුවාය. සියලු‍ දෙනා කාමරයට ගියහ.

“මම කැමති නෑ ඒ මනාලයට මට කොල්ලෙක් ඉන්නවා තරුණිය පිරිස ඉදිරියේදී පැවසුවාය. සියල්ලෝම එකිනෙකාගේ මුහුණු දෙස බලන්නට වූහ.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

මිතුරාගේ නිවසේ නිදාසිටි අවින්ත ට අත්වූ අවාසනාවන්ත ඉරණම!

තරුණ පිරිසක් සමඟ මිතුරකුගේ නිවසක කාමරයක නිදාගෙන සිටියදී වනඅලියෙකු එම නිවසේ බිත්තියක් පෙරළා දැමීමෙන් එයට යටවූ 19 හැවිරිදි තරුණයෙක් මිගොස් තිබේ.

ඊයේ එම සිද්ධිය වාර්තා වී තිබුණේ සීගිරිය, කිඹිස්ස  ප්‍රදේශයෙනි.

එසේ මියගොස් ඇත්තේ අවින්ත ඉශාන් සමරනායක නමැති තරුණයෙකි.

ඔහු සීගිරිය ප්‍රදේශ්යේ සංචාරක හෝටලයක හෝටල් පාඨමාලාවක් හදාරමින් සිටි අයෙක් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

එම තරුණයා මිතුරන් පිරිසක් සමඟ නිවසට නොදන්වා නිවස ආසනසන්නයේ තවත් මිතුරෙකුගේ නිවසට පැමිණ රාත්‍රී නිදාගෙන සිට ඇත.

වී ආහාරයට ගැනීම සඳහා පැමිණි වනඅලියෙකු  එම වී ආහාරයට ගෙන එම තරුණ පිරිස නිදාගෙන සිටි කාමරයේ බිත්තියට පහරදී ඇතැයි පොලීසිය පවසයි.

එසේ පහර දීමත් සමග ඇඳ මත නිදාගෙන සිටි තරුණයන් මතට බිත්තියේ ගල් කැබලි පෙරළී ගොස්  ඇති අතර එහිදී එම තරුණයා බරපතළ තුවාල ලබා තිබුණි.

පසුව ඔහුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සීගිරිය ග්‍රාමීය රෝහලට රැගෙන යන අවස්ථාවේදී එම තරුණයා මියගොස් ඇත.


ICC තහනම මැද ශ්‍රි ලංකාවට දැවැන්ත තරග කාලසටහනක්!

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලබන වසරේ තරග කාලසටහන නිකුත් කර තිබේ.

එය පහතින්

ලංකාව ගැන ඉන්දියාවට ඇගිල්ල දිගු කරමින් මුරලිගෙන් විශේෂ ප්‍රකාශයක්!

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය නිසියාකාරව තේරුම් නොගත් බව ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගෝවාහි පැවති ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී පවසා තිබෙනවා.

එහිදී ඔහු මෙසේද පවසා ඇත.

“ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය… ඉන්දියාව කවදාවත් තේරුම් ගත්තේ නැහැ. එය අවංක පිළිතුරයි. මම ඒක කියන්න බය නෑ. මම කියන්නේ මධ්‍යම රජයට නෙවෙයි, තමිල්නාඩු රජයට තේරුණේ නැහැ එතන තියෙන ඇත්ත ප්‍රශ්නය මොකක්ද කියලා. මොකද ශ්‍රී ලංකාවේ දෙමළ බලන්න. උප කණ්ඩායම් කිහිපයක් තියෙනවා.”

විශේෂයෙන්ම තමිල්නාඩුවේ ප්‍රාන්ත ආණ්ඩුව කිසිම විටක ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර වාර්ගික ගැටුම තේරුම් ගැනීමට අපොහොසත් වූ බව ද හෙතෙම එහිදී කියා තිබිණ.

‘A Legendary 800 – Against All Odds’ චිත්‍රපටය පිළිබඳ හමුවකට එක්වෙමින් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉකුත් ඉරිදා (26) මේ කරුණු අනාවරණය කර තිබිණ.

දෛවඥයා කිව්ව ශනි බැල්ම එහා ගෙදර සනි කොල්ලා කියා සිතා බිරිද දොට්ට දැමූ 22 හැවිරිදි මෝඩ සැමියා!

දෛවඥයකුගේ පලාපල විස්තරයක් වැරදියට තේරුම් ගත්  අයකු තම බිරිඳ  ඇයගේ මවුපියන්ට බාර දීමට කටයුතු කිරීමක් ගැන මේ කතාව  මොරවක්කෝරළයේ නැගෙනහිර ප්‍රදේශයේ ගම්මානයකින් අසන්නට ලැබුණි.
ඔහු පාසල් අධ්‍යාපනය නොලද, ගැමියෙකි. වයස අවුරුදු 22 පමණ  නව යෞවනයෙකි. සමාජයේ කටයුතු ගැන අවබෝධය අඩු මෝඩ පහේ අයෙකි. යන්ත්‍ර මන්ත්‍ර, හදි හූනියම් ගැනත් ග්‍රහ අපල පිළිබඳවත් දැඩි සේ විශ්වාස කළ  මොහු අසල ගම්මානයකින්  නාඹර වියේ හැඩකාර  තරුණියක් කරකාරයට එක්කර ගත්තාය. ඇය තරමක් ඉගෙනුම ලැබූ ජේත්තුවට කැමැති  ශෝබනකාර බිරිඳක වූවාය. කුඩා කල ඇය ඇඳෙන් වැටීම නිසා ඇති වූ ආබාධ තත්වයක් නිසා අපස්මාර රෝගයෙන් පෙළෙන්නියකි.
විවාහ වී කාලයක් ගත වුවද දරු සම්පතක් නොලැබීම  නිසා දැඩි කලකිරීමකට පත්ව සිටි  මොහු  අසල නිවසක  සිටි හිතවතකු දුන් උපදෙස් පරිදි බිරිඳගේ කේන්ද්‍රය බලවා ගැනීමට  ජෝතිෂවේදියකු වෙත යාමට  තීරණය කළාය.
ප්‍රසිද්ධ ජෝතිෂවේදියා ළඟට ගිය ඔහු බිරිඳගේ කේන්ද්‍රය දී පලාපල විමසා සිටියේය.
ජෝතිෂවේදියා කේන්ද්‍රය බලා පලාපල පැවසුවේය.


“මේ කේන්ද්‍රය අයිති කාන්තාව අලංකාරයට, කැමැති  විනෝදකාමී හැඩකාරියක්. අනුන්ගේ සිත් ඇද බැඳ ගන්න හරි දක්ෂ කමක් තියනව. අඟහරු නීචවෙලා තියනව. ශනිගේ බැල්ම මැයගේ හිසට ලැබෙන ලග්න  ඒරෂ්ඨක කාලයක් ලබල තියෙන්නෙ. අපල කාරයා ශනියි. ශනිට නොපෙනෙන ලෙස   මැය වෙනත් නිවසක පදිංචි කර ශනි මෘත්‍යුංජය යන්ත්‍රය පළඳවන්න. නිල් කටරොළු මල්වලින් පූජාවක් පවත්වන්න. කපුටන්ට ගිතෙල්  මිශ්‍ර බත් දෙන්න.
ග්‍රහයන් ගැන දැනුමක් නැති මොහුට, ශනිගේ බැල්ම ගැන සැකයක් ඇති විය. තම නිවසට මදක් දුරින් ඇති නිවසේ  සිටින ලස්සන කොලු‍ ගැටයාගේ නමද සනී ය. ඔහු සිතුවේ සනියා තම බිරිඳට ඇහැබැල්ම දාල ලෙඩ කර ඇති බවය.
මෙම සිතුවිලි සමග නිවසට පැමිණි මොහු, බිරිඳගෙන් ඇසුවේ “සනියා උඔට මොනවත් කීවද? මම නැති වෙලාවට මේ ගෙදරට ඒ කොල්ල එනවද? කේන්ද්‍රය බලපු මහත්තය කියපු හැම දේම ඇත්ත. ශනිගේ බැල්ම උඔට ලැබෙනව කියල කිව්ව. මට ඇත්ත කියපන්. උඔ සනිය සමග හාදකමක් පවත්වනවා නේද?
නොසිතූ අකරතැබ්බයකට මුහුණ පෑ බිරිඳ“මේ මිනිහට පිස්සුද? මම දන්න සනියෙක් නෑ කියා උස්හඬින් කීවාය.
“උඹ මට හොරේ හංගනව. උඹගෙන් මට වැඩක් නෑ. දැන් සූදානම්වෙයන් ගෙදර යන්න. ස්වාමිපුරුෂයා මහ හඬින් ඇයට සැර කර, මග යන ත්‍රීවීලරයක් ගෙන්වාගෙන  බිරිඳ එයට නංවාගෙන බිරිඳගේ ගෙදරට ගොස් ඇයගේ පියාට දියණිය බාර ගන්න කියා, කේන්ද්‍රය බැලූ, පලාපල විස්තරයත් මාමණ්ඩිය අත තබා ඔහු පැමිණි ත්‍රීවීලරයෙන්ම ආපසු නිවසට පැමිණියේය.
දියණිය, සිදු වූ දේ පියාට පැවැසූ අතර පියා පලාපල විස්තරය කියවා බලා බඩ අල්ලාගෙන හිනා වී සෙනසුරු අපලයට කොහෙවත් ඉන්න සනියෙක් අල්ලගෙන මේ ගොනා  රණ්ඩු වී ඇතැයි ඥාතීන්ට  පැවැසීය.

අයියේ ඌ මගේ කෙල්ලට ඉන්න දෙන්නේ නැහැ... හැම තිස්සෙම එයාට කරදර කරනවා.. සුපිරි ක්‍රීඩක ධනංජය ද සිල්වාත් නූලෙන් බේරුණු ගොනාකෝවිලේ පාතාලය ගැන අතිශය බිහිසුණු හෙළිදරව්ව

Intro: 'පාතාලය' ගැන මේ කතාවට පෙර, 'සියලු සිරකරුවෝ මනුෂ්‍යයෝය' යැයි 'වැලිකඩ බන්ධනාගාරය' ඉදිරිපිට ගහපු 'අකුරු ටික' මේ ලිපියට 'අමුණන' එක සෑහෙන වටිනවා.

'පාතාලය' කියන්නෙ අතිශය බිහිසුණු 'හැඟීමක්' දනවන 'පාරාදීසයක්' බැව් (ඒකට පාරාදීසයක් කියලවත් කියන්න බැරි තරම්...) අමුතුවෙන් කිව යුතු නැහැ.

ඉන් එහා 'පාතාලය' ගැන නොයෙකුත් 'කයි කතාන්දර' ඔබත් අහලා ඇති, කියවලා ඇති. බොහෝමයක් 'පාතාලයින්' බිහිවීම පිටුපස 'සැඟවුණු කතාවක්' තියනවා. (පාතාලයන්ගේ 'නම්' ගම් වලටත් ඒ කතා 'නෑ කම්' කියනවා....)

අද ඉඳන් ලියන්න ගන්න මේ කතාවත් 'පාතාලයේ' රජ කෙරූ 'කෙරුමන්' ගැනයි.

ඒ මුල් ම 'පරිචය' කුඩු අංජු ගැනයි. (දැන් කියවන්න පටන් ගන්න......)
 



'අමල් චමින්ද සිල්වා' හෙවත් රත්මලාන ගොනා කෝවිලේ 'කුඩු අංජු' ගැන මෑතක 'කතාබහක්' ඇතිවෙන්නෙ 'ප්‍රංශ පොලීසිය' මඟින් ඔහුව අත්අඩංගුවට ගැනීමත් සමඟ යි. (ඒ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්නෙ 'බිරින්ඳෑ'ගේ ඔත්තුවක් අනුව...)

'කුඩු අංජු' පාතාල කෙරුමෙක් වුණා වගේම 'ප්‍රංශ රාජ්‍යයේ' හැංගිලා හිටපු 'කාලයෙත්' ඔහුගේ ෆේස්බුක් ගිණුම පවා 'සක්‍රීයව' පැවතුණා. (අනෙක් අතට ඔහුව අදහන්න ගත්ත මිනිස් ප්‍රාණීන් ද බොහෝම යි...)

'කුඩු අංජු' ගැන ඔබ මේ කියවන්න ගන්න 'සම්පූර්ණ කතාව' ලියන්නෙ 'ගයාන් කුමාර වීරසිංහ...'
 



පතාලය හෙල්ලූ කෙරුමා, 'කුඩු අංජු'ගේ කතාව.

බැස්ටියන් මාවතෙන් ආරම්භයක් සනිටුහන් වෙමින් ගෙවී ගිය සතියේ අහංගමින් කෙළවර වූ තවමත් නොනවතින කුඩු පාතාලයේ ඝාතන 22න් 15ක්ම සිදුව ඇත්තේ බස්නාහිර පළාත තුළය. සෙසු ඝාතන සියල්ලක්ම සිදුවන්නේ දකුණු පළාත ආශ්‍රිතවය. බස්නාහිර සිදුවූ ඝාතනවලින් 09ක්ම සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේය.

ඒ අතර වඩාත්ම අවධානයට යොමු වන ඝාතනය වාර්තා වන්නේ රත්මලානෙනි. ඒ ඉකුත් 27 වෙනිදාය. ආර්ථික මධ්‍යස්ථානයට කිට්ටුව පාත පිහිටි වීරසේන සිල්වා මාවතේ නිවසකට මහා රෑ කඩාවදින තුවක්කුකරුවෝ දෙදෙනෙක් වෙඩි පිට වෙඩි තබා එදා මරා දමන්නේ නිවෙස් හිමියාවූ චරිත් උමංග ද සිල්වාය. ඒ බිරිය සහ දරුවන් බලා සිටියදීමය.

චරිත් උමංග රගර් ක්‍රීඩකයෙකි. අධ්‍යාපනය ලැබුවේ රටේ නම ගිය පල්ලියේ පාසාලකිනි. දරු පියෙක් වූ ඔහු සිය අඹුදරුවන් රැක්කේ කුලී රථයක් පදවමිනි.

හැබැයි පොලීසිය නම් කියන්නේ ඊට එහා ගිය වෙනත් ආදායම් මාර්ග ඔහුට පැවති බවය.

චරිත්ගේ ඝාතනය හා බැදුණු අභිරහස විසඳන්නට ගල්කිස්ස කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය විසින් පවරන්නේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරාටය. ඒ විමර්ශන සඳහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම්ද ලබාදෙමිනි.

වෙඩික්කරුවෝ නිවසට කඩා පනින්නේ චරිත් අසල නිවසකට ගොස් ආපසු නිවසට ගොඩවෙනවාත් සමඟිනි. ඒ අනුව දිලීප ප්‍රමුඛ විමර්ශකයන්ට පෙනී යන්නේ චරිත්ව මරා දමන්නේ සැලසුම් සහගතව බවය. වෙඩික්කරුවන් එන්නේ ද මෝටර් රථයක නැගීය. රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ මෝටර් රථය නතර කරන ඔවුන් ගිනි අවි අතැතිව වීරසේන සිල්වා මාවතට පිවිසෙන්නේ පා ගමනින්ය.

එක් අයෙක් අත ඇත්තේ ටී 56 අවියකි. අනෙකාගේ අතේ පිස්තෝලයකි. නිවසට කඩා වැදුණු ගමන් චරිත්ට මුලින්ම කොකා ගස්සන්නේ පිස්තෝලය අතැතිව සිටි වෙඩික්කරුවාය. කොකා දෙතුන් පාරක් ගැස්සුවේය. වෙඩිල්ලක් තබා කිසිදු හඩක්වත් එයින් පිටවූයේ නැත. ටී 56 ගිනි අවියෙන් වෙඩි වරුෂාවක් නිකුත් වන්නේ ඒත් එක්කමය. එම වෙඩි වරුෂාවට මැදිවූ චරිත් සඳහටම දෑස් පියා ගන්නේ එතැනමදීය.

මෙසේ ඝාතනය වන චරිත් උමංග රත්මලාන හොල්ලාගෙන සිටි පාතාලයේ ප්‍රබලයෙක් වන ගොනා කෝවිලේ රොහාට ඥාතිකම් කීවෙකුය. රොහාගේ නාමය දැන් සටහන්ව ඇත්තේ පොලීසියෙන් වෙඩි කා මරුමුවට පත්වූ පාතාල අපරාධකරුවන්ගේ නම් ලැයිස්තුවේය.

ඒ බෝට්ටුවක නැගී ඉන්දියාවට පළා යන්නට සූදානම්ව සිටියදී කොච්චිකඩේ වෙරළ තීරයේදී 2020 වසරේදී පොලීසියෙන් වෙඩි කාය.

හැබැයි රොහාගේ මරණය සිදුවන්නේ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ගොනා කෝවිලේ අංජු විසින් රොහාගේ පණ වෙනුවෙන් රුපියල් කෝටි 04ක ප්‍රසිද්ධ ලංසුවක් තබා තිබියදී වීම විශේෂිතය.

රොහාගේ මරණයත් සමඟ රත්මලානේ කුඩු පාතාලයේ මුළුමනින්ම පත්වූයේ අංජුගේ අතටය. අංජු අද වන විට සිටින්නේ සිය අඹු දරුවන් සමඟ ප්‍රංශයේ සැපවත් ජීවිතයක් ගතකරමිනි. අංජුගේ මත්කුඩු ජාලයේ මහ මොලය ඇල්ටෝ ධර්මෙය.

ඔහු දැන් ඉන්නේ ඩුබායිවලය. රත්මලානේ කුඩු පාතාලය අංජු සියතට ගන්නේ ඇල්ටෝ ධර්මෙත් සමඟ එක්වය. අංජුගේ මත්කුඩු ජාලයේ මහ මොළය ඇල්ටෝ ධර්මේය.

එල්ලවල ලියනගේ ධර්මසිරි පෙ‍රේරා නොහොත් ඇල්ටෝ ධර්මේ දම්පේ මඩපාත පදිංචිව සිටියෙකි. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ඔහු ඇගළුම් කර්මාන්ත ශාලාවක තත්ත්ව පරීක්ෂකවරයෙක් ලෙසද සේවය කළේය.

ධර්මේ අධික ලෙස මත්කුඩු භාවිතයද ඇබ්බැහි වූවෙකි. ධර්මේ මත්කුඩු භාවිතාවට ඇබ්බැහි වන්නේද ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටියදීය. රැකියාවෙන් උපයන වැටුප මත්කුඩු පානයට ප්‍රමාණවත් නොවූ තැන ඔහු සොරකම් සහ මංකොල්ලකෑම් වලටද පෙලඹුණේය.
  



2005 වසරේදී ඔහුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශක ඒකකය මඟින් මුලින්ම අත්අඩංගුවට ගන්නේ වාහන මංකොල්ලයකට සැකපිටය. ඇල්ටෝ ධර්මේ බවට ඔහු පත්වන්නේ එතැන් සිටය. ඒ ඇල්වතුරත් නිවා පානය කරන්නෙකුගේ චරිතය පොලිස් නිලධාරීණ් ඉදිරියේ රඟපෑම හේතුවෙනි. ධර්මසිරිට ඇල්ටෝ ධර්මේ නාමය එදා භෞතිෂ්ම කරන්නේ පොලීසියයි.

එදා වාහන කොල්ලකෑම්වලට රක්ෂිත බන්ධනාගාරගතවන ඇල්ටෝ ධර්මේ ඇප මත නිදහස ලබන විට ඇගළුම් කර්මාන්ත ශාලාවේ රැකියාව ද ඔහුට අහිමිව ගොස් තිබුණේය. එතැන් පටන් ඔහු නැනෝ වර්ගයේ කැබ් රථයක් කුළි ගමන් සඳහා ධාවනය කරන්නට ගත්තේය.

ගොනා කෝවිලේ අංජුව ඔහුට දැන හදුනා ගන්නට ලැබෙන්නේ එම වකවානුවේදීය. එකල අංජු ද නැනෝ කැබ් රථයක් කුළියට පැදෙව්වේය. පාතාලයේ එකල වැඩ කරුවෙක් වූයේ අංජුගේ වැඩිමහල් සහෝදරයා වූ ගොනා කෝවිලේ ලංසියාය. ඔහුට ධර්මේ කිට්ටුවන්නේ අංජු හරහාය. ලන්සියා මත්කුඩු ජාවාරමේද නිරතවූවෙකි. එවකට සිටි මැති ඇමතිවරු රැසක්ම ඔහු ළගින් ඇසුරු කළේය. පොලීසියේත් ලොකු මහත්වරු ලන්සියා ළඟ වැද වැටුණේය. ඒ මැති ඇමතිවරුන්ට කියා ස්ථාන මාරුවක් හෝ උසස් වීමක් ගන්නටය.

ලන්සියාගේ මත්කුඩු වැඩි හරියක් බෙදුනේ ධර්මේගේ නැනෝ කැබ් රථයෙනි. ලන්සියාට සිටි විශ්වාසවන්තම ගෝලයා බවට පත්වන්නේද ඇල්ටෝ ධර්මේය. මත්කුඩු නඩුවකට පෙනී සිටීමට 2016 ජුනි 30 වෙනිදා කඩවත පිහිටි මහර අධිකරණයට ගොස් සිටියදී රොහාගේ වෙඩි ප්‍රහාරයකින් ලන්සියා ඝාතනය වීමෙන් පසු අංජුට පාතාලයේ කිරුල පලන්දා ඔහුව ලන්සියාගේ තැන තබන්නට මුල්වන්නේ ද ධර්මෙ ය.

ඒ ලන්සියාව මරා දැමීමෙන් නොනැවතී ලන්සියාගේ සහෝදරයන්ටද රොහා කුරුමාණම් අල්ලන්නට වූ බැවිනි.

ඒ වන විට අංජු සිටියේ මලයාසියාවට පළා ගොසිනි. ඒ සිය සහෝදරයාගේ ඝාතනයත් සමඟ රොහාගේ කුළී ඝාතකයින් ඔහු පසු පස පන්නන්ට වූ බැවිනි.

සිය සහෝදරයාගේ පාතාල වැඩවලට ඒ වන විට කිසිදු සම්බන්ධයක් නොමැතිව සාමාන්‍ය දිවි පෙවතක් ගත කළ අංජු වැඩ පටන් ගන්නේ මලයාසියාවෙන් ඩුබායි වෙත වෙතැන් වෙමිනි. ඒ ගියාමය. ඔහු මෙරටට අදටත් පය තැබුවේ නැත. මේවන විට ඔහු ප්‍රංශයේ රැදී සිටියත් වැඩි කාලයක් වැඩ පෙන්නුවේ ඩුබායි ඉදගෙනය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාව පවා කුළි ඝාතකයින් යොදවා ඔහු මරා දමන්නේද ඩුබායි සිට ධර්මෙව මෙහයවමිනි. ඒ 2018 වසරේ මැයි 05 වෙනිදාය.

ධනංජයගේ පියා එවකට දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකි.

රංජන්ද සිල්වා නැමැති ඔහුව මරා දමන්නේ රත්මලානේ ඥනේද්‍ර මාවතේ පිහිටි සිය නිවස ඉදිරිපිටදීය. ඒ ටී 56 අවියකින් වෙඩි තබාය. ධනංජයගේ සහෝදරයා වූ සාවිත්‍රද සිල්වාත් වෙඩික්කරුගේ ඉලක්කයක් බවට පත්ව තිබුණි. ඔහු හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. දෙපයට පින්සිදු වන්නට එදා ඔහුගේ දිවි බේරී තිබුණි. එසේ නොවන්නට එදා ඔහුත් සිය පියා සමඟ එතැනම වෙඩි කා මියැදෙන්නේය.

මේ අයගේ තවත් ඉලක්කයක් වී තිබුණේ ධනංජය සිල්වාය. එදා එම ප්‍රහාරය එල්ල වන විට ඔහු සිටින්නේ විදෙස් තරග සංචරයකට සහභාගි වෙමිනි.

ධනංජය එදා නිවසේ සිටියේ නම් අද අපේ රටට වටිනා සම්පතක් ඇත්තේ අහිමිවී ගොසිනි.

මෙසේ ධනංජයගේ පවුල අංජුගේ ඉලක්කය බවට පත්වන්නේ ගමේ කමට රොහා සමඟ හිතවත්කම් පෑමය. රොහාට ගෑවුණු කිසිවකුටත් එදා අංජු ජීවත්වන්නට ඉඩ දුන්නේ නැත. ඒ තරමටම රොහා සමඟ අංජු සිටියේ දැඩි වෛරයකිනි. ඒ සිය සහෝදරයා වූ ලන්සියාව මරා දැමුවේ රොහා වූ බැවිනි. එකදිගටම රොහාට හිතවත් කම් පෑ අය මෙන්ම රොහාගේ ගෝලබාලයින් මරා දැමූ ඇල්ටෝ ධර්මේ පොලිස් ඇසට වැලි ගසා පනින්නේ අංජු ළඟටය. ඒ 2018 වසරේ ජුනි මාසයේදීය.

එදා ඉදන් ධර්මේ රැඳී සිටින්නේ ද ඩුබායිවලය. එක දුරකතන ඇමතුමකින් ධර්මේට අද ඩුබායි සිට කරන්නට බැරි දෙයක් නැති තරම්ය. ඩුබායිහී ඔහු රැඳී සිටින්නේ ව්‍යාපාරික වෙස් ගෙනය. කුඩු සල්ලිවලි ඔහු ඩුබායි හී ඇති ව්‍යාපාරවල අයෝජනයකර ඇත්තේ එසේ නොවුණහොත් එරට රැඳී සිටින්නට වීසා නොලැබෙන බැවිනි. ඔහු එසේ ඩුබායි හී නිදහසේ රැඳී සිටින්නේද ධනංජයගේ පියාගේ ඝාතනයට ජාත්‍යන්තර පොලීසිය මඟින් දුටු තැන අල්ලන්නට රතු නිවේදනයක් පවා නිකුත් කර තිබියදීය. ඒ අනුව 2020 වසරේදී ධර්මේ ඩුබායි පොලීසියට හසුවූවත් ඔහුව මෙරටට පිටවහල්කර එව්වේ නැත. අපේ රටෙන් ඔහුව ඉල්ලා සිටියත් ඩුබායි බලධාරීන් අපිට ඔහුව බාර දුන්නේද නැත. ඒ මාකදුරේ මධුෂ්ව ඩුබායි සිට මෙරටට රැගෙන ඒමෙන් පසු සිදුවූ දේ නිසාය.

2005 වසරේදී ඔහුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශක ඒකකය මඟින් මුලින්ම අත්අඩංගුවට ගන්නේ වාහන මංකොල්ලයකට සැකපිටය. ඇල්ටෝ ධර්මේ බවට ඔහු පත්වන්නේ එතැන් සිටය. ඒ ඇල්වතුරත් නිවා පානය කරන්නෙකුගේ චරිතය පොලිස් නිලධාරීණ් ඉදිරියේ රඟපෑම හේතුවෙනි. ධර්මසිරිට ඇල්ටෝ ධර්මේ නාමය එදා භෞතිෂ්ම කරන්නේ පොලීසියයි.

එදා වාහන කොල්ලකෑම්වලට රක්ෂිත බන්ධනාගාරගතවන ඇල්ටෝ ධර්මේ ඇප මත නිදහස ලබන විට ඇගළුම් කර්මාන්ත ශාලාවේ රැකියාව ද ඔහුට අහිමිව ගොස් තිබුණේය. එතැන් පටන් ඔහු නැනෝ වර්ගයේ කැබ් රථයක් කුළි ගමන් සඳහා ධාවනය කරන්නට ගත්තේය.

ගොනා කෝවිලේ අංජුව ඔහුට දැන හදුනා ගන්නට ලැබෙන්නේ එම වකවානුවේදීය. එකල අංජු ද නැනෝ කැබ් රථයක් කුළියට පැදෙව්වේය. පාතාලයේ එකල වැඩ කරුවෙක් වූයේ අංජුගේ වැඩිමහල් සහෝදරයා වූ ගොනා කෝවිලේ ලංසියාය. ඔහුට ධර්මේ කිට්ටුවන්නේ අංජු හරහාය. ලන්සියා මත්කුඩු ජාවාරමේද නිරතවූවෙකි. එවකට සිටි මැති ඇමතිවරු රැසක්ම ඔහු ළගින් ඇසුරු කළේය. පොලීසියේත් ලොකු මහත්වරු ලන්සියා ළඟ වැද වැටුණේය. ඒ මැති ඇමතිවරුන්ට කියා ස්ථාන මාරුවක් හෝ උසස් වීමක් ගන්නටය.

ලන්සියාගේ මත්කුඩු වැඩි හරියක් බෙදුනේ ධර්මේගේ නැනෝ කැබ් රථයෙනි. ලන්සියාට සිටි විශ්වාසවන්තම ගෝලයා බවට පත්වන්නේද ඇල්ටෝ ධර්මේය. මත්කුඩු නඩුවකට පෙනී සිටීමට 2016 ජුනි 30 වෙනිදා කඩවත පිහිටි මහර අධිකරණයට ගොස් සිටියදී රොහාගේ වෙඩි ප්‍රහාරයකින් ලන්සියා ඝාතනය වීමෙන් පසු අංජුට පාතාලයේ කිරුල පලන්දා ඔහුව ලන්සියාගේ තැන තබන්නට මුල්වන්නේ ද ධර්මෙ ය.

ඒ ලන්සියාව මරා දැමීමෙන් නොනැවතී ලන්සියාගේ සහෝදරයන්ටද රොහා කුරුමාණම් අල්ලන්නට වූ බැවිනි.

ඒ වන විට අංජු සිටියේ මලයාසියාවට පළා ගොසිනි. ඒ සිය සහෝදරයාගේ ඝාතනයත් සමඟ රොහාගේ කුළී ඝාතකයින් ඔහු පසු පස පන්නන්ට වූ බැවිනි.

සිය සහෝදරයාගේ පාතාල වැඩවලට ඒ වන විට කිසිදු සම්බන්ධයක් නොමැතිව සාමාන්‍ය දිවි පෙවතක් ගත කළ අංජු වැඩ පටන් ගන්නේ මලයාසියාවෙන් ඩුබායි වෙත වෙතැන් වෙමිනි. ඒ ගියාමය. ඔහු මෙරටට අදටත් පය තැබුවේ නැත. මේවන විට ඔහු ප්‍රංශයේ රැදී සිටියත් වැඩි කාලයක් වැඩ පෙන්නුවේ ඩුබායි ඉදගෙනය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාව පවා කුළි ඝාතකයින් යොදවා ඔහු මරා දමන්නේද ඩුබායි සිට ධර්මෙව මෙහයවමිනි. ඒ 2018 වසරේ මැයි 05 වෙනිදාය.

ධනංජයගේ පියා එවකට දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකි.

රංජන්ද සිල්වා නැමැති ඔහුව මරා දමන්නේ රත්මලානේ ඥනේද්‍ර මාවතේ පිහිටි සිය නිවස ඉදිරිපිටදීය. ඒ ටී 56 අවියකින් වෙඩි තබාය. ධනංජයගේ සහෝදරයා වූ සාවිත්‍රද සිල්වාත් වෙඩික්කරුගේ ඉලක්කයක් බවට පත්ව තිබුණි. ඔහු හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. දෙපයට පින්සිදු වන්නට එදා ඔහුගේ දිවි බේරී තිබුණි. එසේ නොවන්නට එදා ඔහුත් සිය පියා සමඟ එතැනම වෙඩි කා මියැදෙන්නේය.

මේ අයගේ තවත් ඉලක්කයක් වී තිබුණේ ධනංජය සිල්වාය. එදා එම ප්‍රහාරය එල්ල වන විට ඔහු සිටින්නේ විදෙස් තරග සංචරයකට සහභාගි වෙමිනි.

ධනංජය එදා නිවසේ සිටියේ නම් අද අපේ රටට වටිනා සම්පතක් ඇත්තේ අහිමිවී ගොසිනි.

මෙසේ ධනංජයගේ පවුල අංජුගේ ඉලක්කය බවට පත්වන්නේ ගමේ කමට රොහා සමඟ හිතවත්කම් පෑමය. රොහාට ගෑවුණු කිසිවකුටත් එදා අංජු ජීවත්වන්නට ඉඩ දුන්නේ නැත. ඒ තරමටම රොහා සමඟ අංජු සිටියේ දැඩි වෛරයකිනි. ඒ සිය සහෝදරයා වූ ලන්සියාව මරා දැමුවේ රොහා වූ බැවිනි. එකදිගටම රොහාට හිතවත් කම් පෑ අය මෙන්ම රොහාගේ ගෝලබාලයින් මරා දැමූ ඇල්ටෝ ධර්මේ පොලිස් ඇසට වැලි ගසා පනින්නේ අංජු ළඟටය. ඒ 2018 වසරේ ජුනි මාසයේදීය.

එදා ඉදන් ධර්මේ රැඳී සිටින්නේ ද ඩුබායිවලය. එක දුරකතන ඇමතුමකින් ධර්මේට අද ඩුබායි සිට කරන්නට බැරි දෙයක් නැති තරම්ය. ඩුබායිහී ඔහු රැඳී සිටින්නේ ව්‍යාපාරික වෙස් ගෙනය. කුඩු සල්ලිවලි ඔහු ඩුබායි හී ඇති ව්‍යාපාරවල අයෝජනයකර ඇත්තේ එසේ නොවුණහොත් එරට රැඳී සිටින්නට වීසා නොලැබෙන බැවිනි. ඔහු එසේ ඩුබායි හී නිදහසේ රැඳී සිටින්නේද ධනංජයගේ පියාගේ ඝාතනයට ජාත්‍යන්තර පොලීසිය මඟින් දුටු තැන අල්ලන්නට රතු නිවේදනයක් පවා නිකුත් කර තිබියදීය. ඒ අනුව 2020 වසරේදී ධර්මේ ඩුබායි පොලීසියට හසුවූවත් ඔහුව මෙරටට පිටවහල්කර එව්වේ නැත. අපේ රටෙන් ඔහුව ඉල්ලා සිටියත් ඩුබායි බලධාරීන් අපිට ඔහුව බාර දුන්නේද නැත. ඒ මාකදුරේ මධුෂ්ව ඩුබායි සිට මෙරටට රැගෙන ඒමෙන් පසු සිදුවූ දේ නිසාය.

දැන් ඇල්ටෝ ධර්මේ ඩුබායි හී රැඳී සිටින්නේ කුමාර සැප විඳිමිනි. අද ඔහු ප්‍රකෝටිපතියෙකි. කුඩු සල්ලිවලින් සැප විදිමින් ඇල්ටෝ ධර්මේ ඩුබායි ඉඳන් අංජුගේ මත්කුඩු ජාලය මෙහෙයවමින් සිටින්නේ ගෝල බාලයින් යොදාගෙනය. එම මත්කුඩු ජාලයේ සිටින ප්‍රධාන පුරුකක් වන්නේ නුවන් චින්තකය. නුවන් පදිංචිව සිටියේ රත්මලානේ රතුකුරුස නිවාස සංකීර්ණයේය.

නුවන්ගේ ගම්පළාත දෙණියාය පැත්තේය. යුද හමුදා විශේෂ බලකායේ සිටි සෙබලෙක් වන ඔහු අංජුගේ කල්ලියට වැටෙන්නේ ඉක්මනින් පොහොසත් වෙන්නට සිතාගෙන කුලී ඝාතකයෙක් බවට පත්වෙමිනි.

යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්වූ අයෙක් වන නුවන්, හමුදා සේවයට සමුදීමෙන් පසු වැඩ කළේ රත්මලානේ මාළු කඩේකය. අංජුගේ ගෝල බාලයින් ඔහු දැන හඳුනාගන්නේ එහිදීය.

නුවන්ගේ නම ඉදිරියේ පොලිස් පොත්වල ලියැවුණු ඝාතන ඇත්තේ දෙක තුනක් පමණි. නොලියැවුණු ඝාතන බොහෝය. ඒ සියලු ඝාතන සිදුවන්නේ 2018 න් මෙහාය. පිළියන්දලදී රොහාගේ ගෝලයෙන් මරා දමන්නේ ගෙල කපා කුරුරු ලෙසිණි. අනතුරුව උදාර නැමැති රොහාගේ තවත් ගෝලයකුට ඔහු වෙඩි තබා මරා දමන්නේ පිළියන්දල පැත්තේදීය. අංජුගේ කල්ලියේ අභිරහස් ඝාතකයකු වූ නුවන්ට වැඩි කලක් සෙල්ලම් පාන්නට ඉඩක් නොවීය. 2018 වසරේ අගදී පොලීසියට හසුවී හිරේට ගියේය.

නුවන් නැවත එළියට එන්නේ 2019 දීය. ඒ ඇවිත් කරන්නේද අංජුගේ මත්කුඩු ජාවාරමේ හවුල්කරුවෙක් වීමය.

නුවන්ට සිය බිරිය සෙව්වන්දිව මුණ ගැසෙන්නේ හිරෙන් එළියට ආ විටය. ඇය එකල බාල වයස්කාර තැනැත්තියක් වූවාය. රූ ස්වභාවයෙන් ඇය රූපසුන්දරියකට නොදැවෙනිය. නුවන්ගේ සිත ඇය කෙරෙහි බැඳෙන්නේද එබැවිනි. දන්න හැම ශිල්පයක්ම දමා සෙව්වන්දිව දැලේ දාගත් නුවන් ඇයත් සමඟ වසර එකහාමාරක් පමණ දීග කෑවේය. සෙව්වන්දිට නිසි වයස එළඹුණු විට දෙදෙනා නීතියෙන් විවහා වන්නේ ඉකුත් මාර්තුවේදීය.

සෙව්වන්දියේ පියා නැත. කුඩා කල සිට ඇයව හදාවඩා ගෙන ඇත්තේ මව විසිනි. දැන් ඇය සිටින්නේ යැයි කියන්නේ ඩුබායිවලය. සෙව්වන්දි නිසි රැකවරණයක් නොමැතිව හැදී වැඩුණු තැනැත්තියකි. නුවන් වැනි පාතාල අපරාධකරුවෙක් සමඟ ඇයට පෙමින් වෙළෙන්නට නිදහසක් ලැබෙන්නේද එබැවිනි. ඒ යැයි කියා නුවන් ඇගෙන් අනිසි ඵල ප්‍රයෝජන ගෙන අතහැර දැමුවේ නැත. එවැනි අරමුණක් තිබුණේ නම් ඔහු ඇයව විවහාකර ගන්නේද නැත. නුවන් හදවතින්ම සෙව්වන්දිට ආදරය කළේය. මත්කුඩු ජාවාරමට සම්බන්ධව සිටිය ද ගහමරා ගැනිලිවලට නොගියේ ද ඇයට තිබුණු ආදරය නිසාය. ඒ සිය ජීවිතයට යම් අනතුරක් සිදුවුවහොත් සෙව්වන්දිට යන කල ගැන සිතාය.

සෙව්වන්දිගේ රූ සපුවට වහ වැටුණු බොහෝ දෙනෙක් රත්මලාන පැත්තේ සිටියහ. චරිත් ද ඒ ගොන්න අතර සිටියෙකි. ඇයට චරිත්ගෙන් හිරිහැර සිදුවූයේ යැයි කියන්නේ වරක් දෙවරක් නොව. ඒ ගැන ඇය නුවන්ට කී විට ඔහුට චරිත් ගැන ඇතිවන්නේ මරාගෙන මැරෙන කේන්තියකි. එහෙත් ඔහු ඉවසාගෙන සිටින්නේ තමා අතින් චරිත්ගේ ජීවිතයට හානියක් වුවහොත් සෙව්වන්දිට යන කල ගැන නැවතත් සිතමිනි. එම ඉවසීමේ සීමාව ඉක්මවා යන්නේ දිනක් උමංග ආර්ථික මධ්‍යස්ථානය කිට්ටුව පාතකදී සෙව්වන්දිගේ ඇඟ පසඟ අතගෑමක් මුල්කරගෙනය. එහි ඇත්ත නැත්ත දන්නේ චරිතුත් සෙව්වන්දිත් පමණි.

ඒ ගැන චරිත් සමඟ කතාබස්කර ගැටුමක් ඇති කර ගන්නට නුවන් ඉක්මන් වූයේ නැත. ඩුබායිවලට දුරකතන ඇමතුමක් ගෙන“ අයියේ චරිත් මගේ කෙල්ලට ඉන්න දෙන්නේ නැහැ. හැම තිස්සෙම එයාට කරදර කරනවා“ යැයි කියා ධර්මෙට කීවේය. ඒ මේ ගැන කියන්නට නුවන්ට වෙන කෙනෙක් නොමැති වූ තැනය. එහිදී ධර්මෙගෙන් උපදෙස් ලැබෙන්නේ චරිත් මුණ ගැසී තමාට එතැන සිට දුරකතන ඇමතුමක් ගන්නා ලෙසටය.

ඒත් එක්කම චරිත්ව සොයා ගිය නුවන් එතැන සිටම වීඩියෝ ඇමතුමක් ධර්මෙට ගත්තේය. දුරකතනය කිසිවක් නොකියාම චරිත් අත තැබුවේය. එහිදී ධර්මේ සුද්ද සිංහලෙන්ම චරිත් අමතමින් නැවතත් සෙව්වන්දිට හිරිහැර කළහොත් දෙන රජකාලේ දඩුවමක් ගැනද කීවේය.

එම ඇමතුමෙන් පසු චරිත්ගෙන් පෙරළා ප්‍රතිචාර ලැබෙන්නේ බඩකට පිරෙන්නට නුවන්ට අතින් පයින් නෙළමිනි. “ධර්මෙට කියපන් මම උඹට ගැහුවා කියල. ඌ මට මොනව කරන්නද? ඌ මට ලොකු එකෙන් නෙමෙයි“ යැයි ද කියමිනි.

එය එතැනින් නිමා වන්නේ නැත. නුවන් තමාට පහර දුන්නේ යැයි කියා චරිත් ගල්කිස්ස පොලීසියට පැමිණිල්ලක් කරන්නේ බිරිය ද කැටුව ගොසිනි. ඒ වැඩේ අනිත් පැත්තට පත්තු කරමිනි.

චරිත්ගේ පැමිණිල්ලට අනුව ගල්කිස්ස පොලීසිය සැනින් ක්‍රියාත්මක වන්නේ නුවන්ගේ පැටිකිරිය දැන සිටි බැවිනි. එහිදී නුවන් කියන්නට ගත්තේ චරිත් තමාට පහරදුන් බවකි. දෙපැත්තේම තරම පොලීසිය දැන සිටි බැවින් පොලීසිය සෙව්වන්දිත් නුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ අධිකරණය හරහා ඔවුන්ට ඒ ගැටලුව විසදා ගැනීමට ඉඩ සලසා දෙමිනි. එහිදී අධිකරණයෙන් ඇප ලැබුණු ඔවුන් දෙදෙනා රත්මලානෙන් අතුරුදන්වන්නේ කිසිවකුටත් ඉන්නා තැනක් සොයා ගන්නට නොහැකිවන ලෙසිනි.

“අපි මැරිල කියලද උඹල හිතන් ඉන්නේ. හැබැයි අපි තාම මැරිල නැහැ. ඒක දැන ගනින්.“ යැයි අංජුගෙන් ප්‍රංශයේ සිට චරිත්ට ඇමතුමක් ලැබෙන්නේ ඔය අතර තුරදීය.

වෙඩි ප්‍රහාරයකට ලක්ව චරිත් ඝාතනය වන්නේ මෙම සිදුවීම් මාලාවෙන් සති දෙක තුනක් ඉක්මයන්නට මත්තෙනි. උමංගගේ මරණය හා මෙම සිදුවීම් පෙළ සමපාත වන අයුරු නිරීක්ෂණය කළ ගල්කස්ස කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මූස්ථාන පොලිස් ස්ථානාධිපති දිලීප පෙරේරාට උපදෙස් දෙන්නේ වහාම අධිකරණයට කරුණු දක්වා නුවන්ගේත් සෙව්වන්දිගේත් විදෙස් ගමන් තහනමක් පනවන ලෙසටය.

ඒ අනුව ගල්කිස්ස අධිකරණයෙන් ඔවුන් දෙදෙනාට විදෙස් ගමන් ගහනමක් පැනවෙන්නේ චරිත්ගේ ඝාතනයෙන් පැය 24ක් යන්නට මත්තෙනි. මේ කිසිවක් නොදන් සෙව්වන්දිත් නුවනුත් වත්තල පැත්තේ ඒජන්සියකින් ගුවන් ටිකට්පත් වෙන්කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොලට ඉකුත් 30 වෙනිදා එන්නේ ඩුබායි යන්න බලාගෙනය.

කටුනායක ගුවන් තොටට ඇතුළු වූ නුවන්ටත් සෙව්වන්දිටත් ඩුබායි යන්නට නම් කිසිදු ඉඩක් නොවීය. අධිකරණ නියෝගය ඔවුන්ගේ ගමනට හරස් කැපුවේය.

ආගමන විගමන බලධාරීන්ගේ දැනුම් දීමට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ව රැගෙන යාමට ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් එන තුරු ඔවුන්ව රඳවා තැබෙන්නේ ගුවන්තොටුපොල පොලිස් නිලධාරීන්ගේ භාරයේය. ඒ අතර නුවන් තමාවත් බිරියවත් පොලීසියට හසුවූ බව ධර්මේට දුරකතන ඇමතුමක් ගෙන කියා තිබුණේය.

එහිදී ධර්මේ එහි සිටි පොලිස් නිලධාරියෙකු හා සම්බන්ධ වන්නේ “සර්, මම දැන් ඔයාගේ එකවුන්ට් එකට කෝටියක් දාන්නම්. කෙල්ලව විතරක් හරි රිලීස් කරල එවන්න“ යැයි කියාය. ධර්මේ දෙතුන් වරක්ම එම නිලධාරියා හරහා ඇවිටිලි කරන්නට වූයේ සෙව්වන්දිව නිදහස් කර ඩුබායි බලා ගෙන්වා ගන්නටය.

කෝටියක් දී සෙව්වන්දිව ඩුබායි ගෙන්වා ගන්නට තරම් උනන්දුවක් ධර්මේට ඇතිවන්නේ ඇයි දැයි පොලීසියටත් තේරුම් යන්නේ තරමක් ප්‍රමාද වීමෙනි. ඒ චරිත් පමණක් නොව, ධර්මෙත් ඒ වන විට සෙව්වන්දිගේ රූපයට වහා වැටී සිටි බැවිනි. ධර්මේ සැලසුම් කළේ නුවන්ව හලා සෙව්වන්දි පමණක් ඩුබායි ගෙන්වා ගන්නටය. ඒ සැකය මතුවී ඇත්තේ පොලීසියටය. චරිත්ගේ ඝාතනය සිදුවන්නේද ඒ අනුව බව පොලීසියේ විශ්වාසයයි.

චරිත්ගේ ඝාතනය අංජුගේ උපදෙසින් ඇල්ටෝ ධර්මේගෙ සැලසුමකට අනුව සිදුවූවක් බව පොලීසිය පවා දැන ගන්නේ සෙව්වන්දිත් නුවනුත් ගල්කිස්ස පොලිස් ස්ථානයට රැගෙන විත් කළ ප්‍රශ්න කිරීම් හමුවේය.

එදා පිස්තෝලයක් අතැතිව චරිත් මරා දමන්නට යන්නේ නුවන්ය. එම පිස්තෝලය නුවන් අතට පත්වන්නේ හොරණ ඔලබොඩවත්තේදීය. ටී 56 සමඟ වෙඩික්කරුව ඔහුට මුණ ගැසෙන්නේ හෝමාගම පැත්තේ දීය. හැබැයි ඔහු කවුරුන්දැයි කියා කිසිවක් නුවන් දන්නේ නැත.

ඒ එම කුළී ඝාතකයාව සූදානම් කරන්නේ ඇල්ටෝ ධර්මෙ විසින් වූ බැවිනි.

- monara

ඉන්දීය වේග පන්දු ක්‍රීඩක Mohammad Shamiගෙන් කිසිදා අමතක නොවන උපකාරයක් - සමාජ මාධ්‍යත් කැළඹෙයි (VIDEO)

ඉන්දියාවේ - උත්තරකාන්ද් ප්‍රාන්තයේ නයිනිටාල් ප්‍රදේශයේ දී එක් මෝටර් රථයක් කානුවකට පෙරළී ඇති අතර එම ප්‍රදේශය හරහා යමින් සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක Mohammad Shami මෙම අනතුර දැක තිබෙනවා.

එහිදී ඔහු වහා අසල්වාසීන් කැඳවා කණුවේ සිරවී සිටි පුද්ගලයා බේරා ගැනීමට සමත් ව ඇත.

ඔහු මේ පිළිබඳව සිය සමාජ මාධ්‍ය පිටුවේ ද අදහස් පළ කර තිබුණා.

ඒ මෙසේය,

“අනතුරට ගොදුරු වූ පුද්ගලයා ඉතා වාසනාවන්තයි. දෙවියන් වහන්සේ ඔහුට දෙවන ජීවිතයක් ලබා දී තිබෙනවා. ඔහුගේ මෝටර් රථය නයිනිතාල් අසල කඳුකර මාර්ගයෙන් මගේ මෝටර් රථය ඉදිරිපිට වැටී තිබුණා. අපි එයාව බොහොම ආරක්‍ෂිතව එළියට ගත්තා.” යනුවෙන් ය.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා සිය ප්‍රසාදය පළකරමින් සිටියි.

කෙසේ වෙතත්, ක්‍රීඩක Mohammed Shami යනු එක්දින ලෝක කුසලාන තරඟාවලියේ විශිෂ්ට දස්කම් දැක් වූ ක්‍රීඩකයෙකී.

වීඩියෝ දර්ශන පහතින්,

උතුරු කොරියාව ආත්ම ආරක්‍ෂාව සඳහා නව චන්ද්‍රිකාවක් කක්ෂ ගත කරයි!

නොවැම්බර් 22 වැනිදා උතුරු කොරියාව විසින් MALLIGYONG-1 නමින් නව මිලිටරි චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමත් සමග ඇමරිකාව, ජපානය හා දකුණු කොරියාව දැඩි කලබලයකට පත් වී ඇතැයි වාර්තා වේ. මෙම නව චන්ද්‍රිකාව දකුණ කොරියාව, චීන මුහුද හා ජපානයේ ඔකිනාවා ප්‍රදේශය ආවරණය කරමින් ගමන් කර ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. මෙම නව චන්ද්‍රිකාව මගින් තම රටේ ආරක්ෂාව බරපතල තර්ජනයකට පත් වී ඇතැයි පවසමින් දකුණු කොරියාව නැවත වරක් තම හමුදා උතුරු කොරියානු දේශ සීමා (DMZ)වෙත යවා ඇතැයි වාර්තා වේ. එයට ප්‍රතිචාරයක් ලෙස උතුරු කොරියාව විසින් 2018 දී දකුණු කොරියාව සමග අත්සන් කරන ලද මිලිටරි ගිවිසුම නිල වශයෙන් අහෝසි කරනු ලැබ ඇත.

මෙම නව චන්ද්‍රිකාව වන MALLIGYONG-1 කක්ෂ ගත කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉහත සඳහන් මිලිටරි ගිවිසුමේ අර්ධ අත්හිටුවීමක් ගැන කතා කළ දකුණු කොරියානු ආරක්ෂක ඇමතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු වශයෙන්, උතුරු කොරියාව විසින් ඒකපාක්ෂිකව මෙම තීරණය ගෙන ඇත. දකුණු කොරියානු හමුදාව දේශසීමා ආසන්නයේ සිය ඔත්තු බැලීමේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමත්, Pyongyang දේශසීමාවේ හමුදා මුක්ත කලාපය වන DMZ අසල නව ආයුධ ස්ථානගත කිරීමත් සමග “2018 අත්සන් තැබූ මිලිටරි ගිවිසුම” මගින් එකඟ වූ පරිදි තම හමුදාව නැවත කිසිදා සීමා කිරීමකට හෝ කඳවුරු තුලට ගාල් කිරීමක් සිදු නොවන බව උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබේ.

2018 දී, උතුරු කොරියානු නායක KIMJONG-UN සහ දකුණු කොරියානු ජනාධිපති MOON-JAE-IN දෙරට අතර ගැටුම් ඇතිවීමේ අවදානම සීමා කිරීම සහ දේශසීමා අතර ගැටුම් උත්සන්න වීම වැළැක්වීම අරමුණු කරගත් පියවර මාලාවක් ඔස්සේ වූ සම්මුතියක් සඳහා එකඟ තාවය පල කරන ලදී. ඒ අනුව දේශ සීමා වෙන් කරන නිර්ණ රේඛාව අසල, පියාසර කලාප සහ සමුද්‍ර ආරක්ෂක කලාපයන් අසල හමුදා අභ්‍යාස නවතා දැමීමට මෙම ගිවිසුම මගින් දෙරට අතර කැමැත්ත පල කරන ලදී.

මෙම එකඟතා වලින් කොටසක් දැනටමත් අහෝසි වී ඇති තත්වයක් තුල, දුර්වල ලෙස නම් කරන ලද හමුදා මුක්ත කලාපය වටා දෙරටේ හමුදා රැඳවීම මේ අනුව සැලකිය යුතු ලෙස උත්සන්න වී ඇති බව වාර්තා වේ. දකුණු කොරියානු ගුවන් යානා දේශ සිමා මායිම් රේඛාව වෙත යාම ත්‍රීව කරනු ලැබීමත් සමග තම අසල්වැසියාගේ හැසිරීම නිරීක්ෂණ කරමින් උතුරු කොරියාව විසින්ද “වඩා බලවත් ආයුධ” වලින් සන්නද්ධ වූ නව අතිරේක හමුදා සහ නව හමුදා උපකරණ එම ප්‍රදේශ වෙත යවා ඇත.

මෙම ආපස්සට සිදු වෙමින් පවතින දෙරට විසින් ගනු ලබන ආරක්ෂක පියවර පැහැදිලිවම දේශසීමා අවට අනතුරු අවදානම වැඩි කරනු ලබන බව යුධ විශේෂඥයන් මේ අතර පෙන්වා දේ. මෙම ගැටුම් 2018 ට පෙර එය සාපේක්ෂ වශයෙන් නිතර නිතර සිදු වුනු බවත්, දකුණු කොරියාවේ අන්ත ජාතිකවාදී කොන්සර්වේටිව්වරුන් සෝල්හි නැවත බලයට පත්වූ දා සිට, අන්තර් කොරියානු සබඳතා ක්‍රමයෙන් පිරිහෙමින් පවතින බවද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දේ. මම නව පාලනය බලයට පත් වීමත් සමග දකුණ කොරියාව සැලකිය යුතු ලෙස එක්සත් ජනපදයට සමීප වී ඇති අතර, උතුරු කොරියාව මොස්කව් පාලනය සමඟ නව ශක්තිමත් සබඳතාවයන් ගොඩ නගා ගෙන ඇත්තේ දකුණු කොරියාව සමග කිසිදු සංවාදයක් නොපවත්වන බව අවධාරණය කරමිනි.

මෙම නව චන්ද්‍රිකාව යොදා ගනිමින් සමස්ථ දකුණු කොරියාව ආවරණය වන සේ ඔත්තු බැලීමේ හැකියාවක් ලැබෙනු ඇති අතර මේ වන විට පැසිෆික් කලාපයේ GUAM දුපතේ රඳවා ඇති ඇමරිකන් හමුදා වල සංචරණයන් ද නිරීක්ෂණය කිරීමට හැකියාව උතුරු කොරියාවට හිමි වනු ඇත. තම චන්ද්‍රිකාව කක්ෂ ගත කර සුළු කාලයක් ගත වීමටත් පෙර එමගින් GUAM දූපතේ ඇමරිකන් හමුදා කඳවුරු වල ජයාරූප තමන් වෙත ලැබී ඇති බවත්, ඇන්ඩර්සන් හි ඇමරිකන් මිලිටරි ගුවන් තොටුපලත්, APRA වරාය ඇතුළු සියළු හමුදා කඳවුරු වල රූපසටහන් ද තම නායක KIMJONG-UN විසින් මේ වන විට සුපරීක්ෂා කාරීව පරීක්ෂා කරමින් සිටින බව උතුරු කොරියානු කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම පුවත් පත වන KCNA විසින් වාර්තා කර තිබිණි.

"එයා නිතරම වගේ මාව ප්‍රතික්ෂේප කළා... මගේ ළඟ දාඩිය ගඳයි කියලා මට ළඟට එන්න දෙන්නෙත් නෑ..." - හිත හොඳ සැමියා මිනීමරුවෙක් කළ බිරිඳගේ අනියම් පෙම...

මිතුරෙකුගේ නිවසේ තීන්න ගෑමට උදව් කිරීම සඳහා පියල් සිය නිවසින් පිටවන විට වේලාව රාත්‍රී අට පමණ වී තිබුණා.

එම මිතුරාගෙන් නිවසේ ඉදිරි දිනයකදී කොටහලු මංගල්‍යයක් පැවැත්වීමට නියමිත අතර, නිවෙස අලුත්වැඩියා කරන්නේ ඒ වෙනුවෙනුයි.

පියල් නිවසට එද්දි දොර ජනෙල් සියල්ල වසා තිබුණා. ඔහු සෙමින් මුලුතැන්ගෙය පැත්තට යන්නේ බිරිඳ කුමක් කරන්නේද යන්න දැන ගන්නයි.

ඇය දරුවාත් සමඟ නිදාගන්නේ මුලුතැන්ගෙයි සිට දෙවැනියට ඇති කාමරයේ යි. එහි ජනේලය අසළට ගිය පියල්ට ඇය දුරකතන සංවාදයක බව තේරුණා.

ඒ බව ගණනකට නොගත් ඔහු මුලුතැන්ගෙයි දෙසින් නිවසට ඇතුළු වූයේ එහි දොර අගුලු ලා නොතිබුණු නිසයි.

එහි විදුලි බල්බය අක්‍රිය බව ඔහු දැන සිටියා. එයට අලුත් විදුලි බුබුළක් සවි කිරීමට සිතු ඔහු සිය බිරියට අඬ ගසා විදුලි පන්දම රැගෙන එන ලෙස පැවසුවා.

ඒ කීමට සාර්ථක ප්‍රතිචාර දැක්වූ ඇය විදුලි පන්දම ද රැගෙන මුලුතැන්ගෙට පැමිණියා.

"මේ ඔයා අර කවුරු එක්කද ෆෝන් එකෙන් කතා කර කර හිටියේ.."ඔහු මේ පැනය ඇසුවේ වැඩි ගණනකට නොගෙනයි. එහෙත් ලැබුණු පිළිතුර නම් සුන්දර වූයේ නැහැ.

"ඔයාට මම කියලනේ තියෙන්නේ මම ලබන මාසේ ඔයාගෙන් දික්කසාද වෙන්න නඩු දානවා. මම කතා කර කර හිටියේ කවුරු එක්ක ද කියලා කියන්න ඕනි නෑනේ.."ඇගේ වචනවලට පියල්ගේ හිත රිදුම් දෙන්නට ඇති. එහෙත් ඒ රිදුම් පරදවා ඔහුගේ සිතට දැඩි කෝපයක් පැමිණියා.

ඒ සමඟම ඔහුගේ දෑස් යැවෙන්නේ මේසය වෙතයි. එහි වූ පිහිය අතට ගන්නා පියල් ඉන් ඇගේ මුහුණට පහරක් එල්ල කළා.

"අම්මෝ.. මෙන්න මිනී මරණවෝ.." ලෙසින් කෑ ගසාගෙන ඇය දොරෙන් එළියට පැන වැසිකිළියට දෙසට දිව්වා.

ඇයට එලෙස වැඩි දුර යන්නට හැකි වූයේ නැහැ. ඇය ජල කරාමය අසළ ඇද වැටුණා. එතැන් සිට ඇය අධාර ඉල්ලා කෑ ගසන්නට වුණා. මේ අතර පියල්ගේ දෑස දිව්වේ කිතුල් පොල්ලක් දෙසට යි. එය අතට ගන්නා පියල් ඇයට පහර පිට පහර එල්ල කළා.

මේ හඬ ඇසුන ඇගේ මව තිගැස්සී නින්දෙන් ඇහැරුණා. ඇය දියණිය කෑ ගසන ස්ථානයට වහා දිව එන්නේ සිදුවන්නේ කුමක් දැයි අදහාගත නොහැකිවයි.

"උඹත් මේවට හවුල්.. මගේ ගෑනිගේ හොර මඟුල්වලට උඹ තමයි උඩගෙඩි දෙන්නේ.." ලෙසින් පැවසූ ඔහු කිතුල් පොල්ලෙන් ඇගේ දෙපාවලටත් පහර දුන්නා.විනාඩි කිහිපයක් තිස්සේ තිබූ කලබගෑනිය එසේ අවසන් වුණා.

පසුගිය 10 වැනිදා උදේ හත පසුවී විනාඩි කිහිපයක් ගත වෙද්දි මාලිම්බට පොලිසියේ දුරකතනයට පණිවුඩයක් ලැබුණා.

අනතුරුව පොලිසිය එහි ළඟා වුණා. කාන්තාවක් පැවසුවේ බෑනා කළ පහර දීම් නිසා තුවාල ලැබූ බවයි.

ඇගේ දියණිය ජල කරාමය අසළ වැටී සිටියා. ඇය මියගොස් සෑහෙන වෙලාවක් බව සිරුර දුටු විට පැහැදිලි වුණා.

1990 ගිලන් රථය කැඳවා තුවාලකාරිය රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර එහිදී ඇය සියල්ල හෙළි කළා.

"මගේ බෑනා තමයි මේක කළේ. එයා මේ පැත්තේ නෙවෙයි. මොරවක. කපුවෙක් මාර්ගෙන් කතා කරලා තමයි මගේ දුව එක්ක එයා විවාහ වුණේ. එයා දැන් ඉන්නේ ආමි එකෙන් පැනලා. කුලී වැඩ තමයි කරන්නේ. කොයි වෙලේත් දුවත් එක්ක රණ්ඩු. දුවට හරියට ගහනවා.."

"මම මෙයාව බැන්ඳේ ප්‍රොපොසල් එකකින්. 2016 දී.. එතකොට මම ආමි එකේ. මම එයාව බැඳලා එයාගේ ගෙදරම පදිංචි වුණා. අපි දෙන්නා හොඳින් පවුල් ජීවිතේ ගෙව්වා. අපිට පුතෙක් ලැබුණා. එයාට අවුරුදු හතරයි.."

"මම කෑම්ප් එකේ ඉඳලා නිවාඩුවට ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ තමයි. මට පඩිය ලැබෙන්නේ රුපියල් තිස්පන්දාහයි. ඒකෙන් විසි හත්දාහක්ම මම එයාට එවනවා. මුල් කාලේදී හොඳට හිටියට පස්සේ ඒ සල්ලි මදි කියලා නිතරම මට කියනවා. මේක ඉවසගෙන ඉන්න බැරි වෙද්දි තමයි මම 2018 දී ආමි එකෙන් පැනලා ආවේ.."

"ඒ ඇවිත් මම කුලී වැඩ කරන්න පටන් ගත්තා. ටික දවසක් යද්දි මට මේසන් වැඩත් පුළුවන් වුණා. මෙහෙම ඉන්දෙද්දි මෙයා දම්පැල්ල පැත්තේ කොල්ලෙක් එක්ක යාලුවෙලා කියලා මට ආරංචියක් ආවා. පස්සෙ අපි විරසක වුණා. එයා නිතරම වගේ මාව ප්‍රතික්ෂේප කළා. මගේ ළඟ දාඩිය ගඳයි කියලා මට ළඟට එන්න දෙන්නෙත් නෑ. මේ ප්‍රශ්න දුර දිග ගියා. හැබැයි පස්සේ එයා ඒ සම්බන්ධය නතර කළා. නමුත් අපි අතර තිබුණ විරසක ගතිය එහෙමම තිබුණා. ඔය අතර තමයි මෙයා නුවර පැත්තේ කොල්ලෙක් එක්ක යාලුවෙලා කියලා මට ආරංචි වුණේ.."ඔහු පවසන පරිදි මේ නුවර කොල්ලා මිලිම්බඩට එන්නේ ටිපර් රථ රියදුරෙකු ලෙසිනුයි.

ඇගේ නිවස අසළ පිහිටි ඇගේ සහෝදරියට අයත් ඉඩමේ පස් පිරවීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබුණේ මේ තරුණයා විසින්. ඇය මොහු සමඟ හිතවත්කමක් ඇති කරගන්නේ දෙවැනි වරටත් සැමියාට පිටුපාමින්.

"එයා ආයෙත් කොල්ලෙක් එක්ක යාලුවෙලා කියලා දැනගත්තම මට ඉහිලුම් නැතුව ගියා. මම උදේට වැඩට ගියාම එන්නේ රෑ වෙලා. එයත් වැඩට යනවා. ගිහින් මොනා කරනවද මම දන් නෑ.."

"මේ සම්බන්ධය පටන් ගත්තට පස්සේ එයා මාව ගණන් ගත්තෙම නෑ. ඒ ගැන ඇහුවම කිව්වා මාව දික්කසාද කරනවා කියලා. එයා දිගටම ඒක කිව්වා. මේ දෙසැම්බර් මාසේ නඩු දානවා කියලා. ඒක නිසා එයා ගැන හොයන් නැතුව ඉන්න කියලා.."

"එදා නමවැනිදා ගෙදර එද්දි වෙලාව දහායහමාර විතර වුණා. ගෙයි දොරවල් වහලා නිසා පිටිපස්සෙන් ගිහින් බලද්දි එයා කාමරේට වෙලා අර කොල්ලත් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා. ඇහුණෙ නෑ වගේ මම කුස්සියට ගිහින් එයාට ටෝච් එක අරගෙන එන්න කිව්වා. බල්බ් එක මාරු කරන්න.. ඉවසගෙන ඉන්න බැරි තැන මම කෝල් එක ගැන ඇහුවා. එයා ඒ වෙලාවේ කිව්වා, මම කොහොමත් දික්කසාද වෙන්න ඉන්නේ දෙසැම්බර්වලදී එයාව බඳිනවා, ඒක නිසා ඒවා ගැන අහන්න එපා කියලා. තමන්ගේ පවුල මේ වගේ කතාවක් කිව්වම ඉවසගෙන ඉන්න පුළුවන් කාටද සර්..?"

"අම්මටයි දුවටයි දෙන්නටම ගහලා මම ගෙට ගිහින් ටික වෙලාවක් හිටියා. දරුවා හොඳටම නිදි.. එයා මේ කිසි දෙයක් දන් නෑ. මම පාන්දර එකහාමරට විතර දරුවත් වඩාගෙන ගෙයින් පිටවෙලා ත්දූවේ නෑ ගෙදරකට ගිහින් ඉඳලා පස්සේ ත්‍රීවිල් එකක් ගෙන්නගෙන මොරවක අපේ ගෙදරට ගිහින් හිටියා. පස්සේ තමයි මොරවක පොලිසියට ගිහින් භාර වුණේ.."
ඔහු එලෙස සියල්ල හෙළි කළ අතර අසල්වැසියන් පැවසුවේත් සැකකාර සැමියා කාගෙත් හොඳ හිත දිනා සිටි අයෙකු බවයි.

එලෙසම දරුවාට බෙහෙවින් ආදරය කළ ඔහු නිවසේ සිටින බොහෝ අවස්ථාවල දරුවා සමඟ ආදරෙන් කල් ගෙවූ බවද ඔවුන් පැවසුවා.

ඇගේ පවුලේ අයනම් කියන්නේ ඔහු ඇයට නිතර අඩම්තේට්ටම් කළ බවයි, මේ නිසාම ආරවුල් ද හටගත් බව ඔවුන් කියනවා.

මෙලෙස ඝාතනය වූයේ අවුරුදු 33ක් වයස හර්ෂා කළුආරච්චි නම් ඇඟලුම් සේවිකාවක්.
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.

"ඔයා පොඩ්ඩක් එළියට යන්න...මෙයාගේ උදරය පරීක්ෂා කරන්න ඕනේ" - සැමියා පිටතට යවා, අමුතු පරීක්ෂාවක් කරන්න ගිය දොස්තරට වැඩ වරදී!

සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණ මවකට ලිංගික අතවර කළැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියා ඇප මත මුදාහළ අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

අනුරාධපුර පුලියන්කුලම තුන්වන පියවරේ කුලී නිවෙසක පදිංචිව සිටින 51 හැවිරිදි මේ වෛද්‍යවරයා උදරයේ වේදනාවක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට පසුගියදා (12) තම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණි 29 හැවිරිදි මවකට අතවර කර ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මේ මව වෛද්‍යවරයා හමුවට ගොස් ඇත්තේ සිය සැමියා සහ දරුවා සමඟිනි.

සැමියා සහ දරුවා රෝගීන් පරීක්ෂා කරන කාමරයෙන් පිටතට යවා ඇති වෛද්‍යවරයා ඇයගේ උදරය පරීක්ෂා කරන මුවාවෙන් ඇයට ලිංගික අතවර කර ඇති බව පොලිසිය කියයි.

වෛද්‍යවරයා ඇයගේ රහස් ප්‍රදේශ අතපත ගාමින් ලිංගික අතවර කරන විට ඊට එරෙහි වෙමින් කාමරයෙන් පිටතට පැමිණි තරුණ මව ඒ ගැන සිය සැමියාට පවසා තිබේ.

සැමියා ඒ ගැන වෛද්‍යවරයාගෙන් විමසන විට ඔහු බියට පත්ව ඒ ගැන කිසිවකුටත් නොපවසන ලෙස ඉල්ලා වැද වැටී ඇති බවද පොලිසිය කියයි.

එහිදී සැමියා වෛද්‍යවරයාට දොස් නඟා, බිරිය හා දරුවා සමඟ පොලිස් ස්ථානයට පැමිණ ඒ ගැන පැමිණිලි කර ඇත. මේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය පවසන අතර, මේ වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ලැබීමට පැමිණි තවත් කතුන්ට මෙවන් අතවර සිදුව තිබේදැයි සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

“ඒ පොලිටීශියන් මට ලක්ෂ 2ක් දෙනවා කිව්වා එයා කිව්ව දේ කළොත්..? ඒත් කිසිම ගණිකාවක් කැමති වෙන් නෑ ඒ දේට…” – රටම දන්න මැතිඇමතිලාගේ රෙදි ගළවන සුරූපී නගරසෝභනීය

“මිනිස්සු කියන්නෙ අපි ජරා ගෑනු කියලා.. මේ ලෝකෙ හැම ගෑනිම හොඳයි.. හැබැයි අපි නරකයි..”

“මට තේරෙන් නෑ අපි නරක් වෙන හේතුව…අපි මිනිස්සු එක්ක ඉන්නෙ නිකන් නෙවෙයි.. උන් දෙන සල්ලිවලට..”

“දන්නවද සමහර අපි ළඟට එන උන් ඉවසන්න බැරි තැන තමන්ගේම දරුවන්ට අතවර කරපු උන්..”

“හිරේ ලැගලා ආපු අපචාරකයෝ හිටියා..”

“උන්ට නිදහස වුවමනා වුණා අපි එක්ක ඉන්න…”

වැල්ලවත්ත හන්දියේ තියෙන සුපිරි සැලූන් එකක හිටපු කෙල්ලෙක් ඒ.. එයා මේ කතාව මුලින්ම කිව්වෙ අවුරුද්දකට විතර කලින්..

එතකොට ඔය කියන තරමේ කලබලයක් ලංකාව ඇතුළේ තිබුණේ නෑ.

මිනිස්සු මොනා නැතත් සතුටින් ජීවත් වුණා. 150ට කොත්තු කෑවා.. 100ට රයිස් කෑවා..

දැන් එහෙම නෑ. මේ අයටත් අවශ්‍යතා මතුවුණා. ක්ෂණික නූඩ්ල්ස් එකත් ගණන් ගිය නිසා… මේක්අප් බඩුත් ගණන් උස්සපු නිසා.. ලිප්ස්ටික් කූරුත් මේ අය එක්ක තරහා වෙලාලූ..

“පොලීටීශියන් කෙනෙක් මට සෙට් කරනවා කිව්වම මම ටිකක් බයවුණා. හැබැයි මේ දේ වුණේ රහසිගතව. ඒ කෙනා එන වගක් මට කාටවත් කියන්න තහනම්. ගාණ ලක්ෂ දෙකයි. ඊට අමතරව සර්විස් එක හොඳ වුණොත් වැඩිපුර ගාණක් හම්බෙනවා. හැබැයි ඒ කෙනා කියන වැඩම කරන්න වුවමනයි. නිකන් ලක්ෂ ගාණක් දෙන් නෑ. ඒකටත් එකඟ වුණා කියන්නකෝ.. හැබැයි මිනිහාගේ ආසාවල් නම් මහා ජරාවල්.. මිනිහා ගෑනුන්ට වද දෙනවලූ. ඒ විතරක් නෙවෙයි ගෑනුන්ගේ මූණේ ලිප්ස්ටික් ගානවලූ. එක එක කෑම ජාතිත් හලලා… වෙලාවකට ගහනවලූ හයියෙන්… ඒ වගේ මහා අමුතුම පොරක්..”

“මම ඉතින් වැඩිය හිතන් නැතුව හා කිව්වා. ඒත් පස්සෙ තමා තේරුණෙ මේකේ බරපතළකම.. අම්මෝ එපා වෙනවා ඌ එක්ක… ඇත්තටම පිළිකුල් වුණා මට ආපු දවස් දෙකට. ඒත් සල්ලි හින්දා ඉවසන් හිටියා. මාවයි තව කෙල්ලෙක්වයි තමා ඌ හැමදාම සිලෙක්ට් කරන්නෙ. ඒ කියන්නෙ මිනිහා හොයන්නෙ පපුව ලොකු මහත කෙල්ලන්ව.. ගෑනිත් ඩිවෝස්ලු මෑන්ගේ. කවුද අනේ ඉන්නෙ ඔය වගේ ජරා ආසාවල් තියෙද්දි..”

“හැබැයි වෙලාවකට ළමෙක් වගේ ඔඩොක්කුවට මූණ ඔබන් අඬනවා. ගෙදර ප්‍රශ්න ගැනයි, ගෑනි ගැනයි ළමයි ගැනයි කියවනවා. මාත් අහන් ඉන්නවා ඔහේ. දුකක් නම් හිතෙන් නෑ ඌ කොච්චර ඇඬුවත්.. මට දුක හිතෙන්නෙ උගේ ගෑනියි ළමයිනුයි ගැන.. ඒත් මම මුකුත් නොකියා අහන් ඉන්නවා.. වෙලාවකට මම කියලා තියෙනවා මේ තරම් ආසාවල් ලුහුබඳින්න එපා කියලා..”

“මිනිහා කියනවා ඒ ජරාවල් මිනිහට නවත්තගන්න බැරිලූ කොච්චර ට්‍රයි කළත්.. පස්සෙ නම් ඇමතියා වැඩිය මෙහේ ආවේ නෑ. මම හිතන්නෙ වෙන පොට් එකකට සෙට් වෙලා වෙන්න ඇති. අපිටත් හොඳයි… හැබැයි පාඩුයි.. මොකද මිනිහා තරම් කවුරුත් අපේ මේ ජරා ඇඟට ගෙවන් නෑනේ..”

'සැත්කම් 14ක'ට පසු සුරූපිනියකට ලැබුණු අදහාගත නොහැකි පෙනුම! 'එයා ප්ලාස්ටික් පුරෝපු බෝනික්කියක්!

Paige British කියන්නෙ නිරූපණ ශිල්පිනියක්. සමාජ මාධ්‍ය කැළඹූ මේ 'සුරූපිනිය' ඇගේ 'ව්‍යාජ පියයුරු' සඳහා මේ වන විට 'පවුම් 40,000කට' වැඩි මුදලක් භාවිතා කරලා තියනවා කියලයි ආරංචි.

ඇය මේ වන විටත් 'සැත්කම් 14කට' භාජනය වී ඇති බැව් ඇය කියනවා. (ඒ කියන්නෙ ඈ දැන් ප්ලාස්ටික් බෝනික්කියක් වගේ...)

මේ වන විට 28 හැවිරිදි වියේ පසුවන Paige British, පසුගිය මාසයේ 'එක්සත් ජනපදය' බලා පියාසර කර තිබුණේ ඇගේ 'විප්ලව කාර්යයේ' ඉතිරිය සම්පූර්ණ කිරීමේ බලාපොරොත්තුවෙන්.

'මගේ වැඩිදියුණු කළ පපුව අනිත් පුද්ගලයින්ව අපහසුතාවයට පත් කරනවා. විශේෂයෙන් ම කාන්තාවන් ඒකට ඊරිෂ්‍යා කරනවා. නමුත් මම මගේ නව පෙනුමට හරි ආදරෙයි...'

'ඔවුන් කියනවා මම පිළිකුල් සහගතයිලූ. නමුත් ඒ වගේ අය ගැන මට අමනාපයක් නෑ.... කරදර වෙන් නෑ මම ඒ අය ගැන...'

සත්‍ය වශයෙන්ම Paige British, ඇගේ 'සැත්කම්' තවමත් අවසන් කර නොමැති බැව් 'ඩේලි ස්ටාර්' තොරතුරු වාර්තා කරනවා. (ඇය දැනටමත් ඊළඟ සැත්කම වෙනුවෙන් මුදල් ඉතිරි කරමින් ඉන්නවාලූ...)

'මගේ සැමියා මගේ ආකර්ශනීය සිරුරේ රසිකයෙක්. මගේ ශල්‍යකර්මවලටත් ඔහු සහය වෙනවා. හැම ශල්‍යකර්මයකදිම ඔහු මගේ ළඟ ඉන්නවා. මට සහය වෙනවා....'

ඇය අන්තර්ජාලය හරහා මේ වන විටත් ඇගේ 'ආකර්ශනීය පියයුරු යුගළයට' පින්සිදු වෙන්න, 'ෆෙරාරි රථයක්' පවා මිලදී ගෙන ඇති අතර, මසකට 'පවුම් 80,000කටත්' වඩා උපයමින් ඉන්නවා.

ඉන්ස්ටග්රෑම් හි අනුගාමීකයින් ලක්ෂ 2කට වැඩි පිරිසක් 'ඈ' නරඹමින් සිටින අතර, ඈ වෙතට 'තර්ජන-ඝර්ජන' පවා එල්ල වන බැව් ඇය කියනවා.

'මමත් විනීතව අඳිනවා තමා. නමුත් මට මේ පෙනුමෙන් ගැළවෙන්න බෑනේ...' (ඇය මේ නොකියා කියන්නෙ කොයි තරම් විනීතව ඇඳ පැ ළඳ සිටියා වුණත් 'පියයුරු' ඉස්සර වෙනවා කියලයි...)

ඩේලි ස්ටාර් ඇසුරිනි.

ඉන්දීය මාධ්‍යවේදනිය ඝාතනයේ වරදරකරුවෝ 4ක් දිවි ඇති තෙක් හිරේ!

2008 වසරේදී ඉන්දීය මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන් ඝාතනය කිරීමේ සිද්ධියේ වරදකරුවන් වූ සිව්දෙනකුට දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

2008 සැප්තැම්බර් 30 වැනිදා මෙම ඝාතනය සිදුවී ඇත. සෞම්‍යා ඉංග්‍රීසි මාධ්‍ය නාලිකාවක සේවය කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක් විය.

මාධ්‍යවේදිනියගේ ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබුවේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන කොල්ලකරුවන්ටය.

25 හැවිරිදි මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන් සිද්ධිය සිදුවූ රාත්‍රියේ තම මාධ්‍ය ආයතනය තුළ රැඳී සිට අලුයම 3ට පමණ නිවස බලා සිය මෝටර් රථයෙන් යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් තිබිණි. පොලිසිය පැවසුවේ අපරාධකරුවන් පිරිසක් මාධ්‍යවේදිනිය කොල්ලකෑමට උත්සාහ කරද්දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

චතුර පමුණුව

ෂකීබ්ගේ දේශපාලන ගමන ස්ථිර වෙයි - ලබන ජනවාරියේ මහ මැතිවරණයට!

බංගලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන්ගේ පාර්ලිමේන්තු මැතිවරණ ගමන තහවුරු කිරීමට එරට පාලක පක්ෂයවන අවාමි ලීගය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ෂකීබ් අල් හසන් ලබන ජනවාරි මස 07 වනදා පැවැත්වෙන බංග්ලාදේශයේ 12 වන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහු උපන් දිස්ත්‍රික්කය වන මගුරා-1 මැතිවරණ කොට්ඨාශයෙන් මැතිවරණයට සඳහා තරග කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන මෂ්රෆි මෝර්ටසා ද මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර, ඔහු ද මෙවර මැතිවරණය සඳහා තරග කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව සහ දේශපාලනය අතර සබඳතාව ඝන වෙමින් පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ෂකීබ් අල් හසන් සහ මෂ්රෆි මෝර්ටසා හැරුණු විට බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන් ද 2009 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනු ලබනවා.

ඔහු නැවත වරක් ඔහුගේ කිෂෝරගන්ජ් ආසනයෙන් නාමයෝජනා ලබාගේ ඇති බවයි වාර්තා වන්නේ.

අංජලී ගැයූ “පිටකවරේ” ගීතයට මුල් ගායකයාගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාරය (VIDEO)

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර “දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON – XI” සිහින තාරකාවිය ලෙස කිරුළු පැළඳීමට අංජලි හේරත් සමත් වූවා.

ඒ, ඊයේ (25) රාත්‍රිය වර්ණවත් කරමින් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අවසන් මහා තරගයේදී තියුණු සටනකින්.

අංජලී හේරත් සජිව්ගේ පිටකවරේ ගීතය හරි අපූරුවට ගායනා කළා.

එම ගායනයට සජිව්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ගැන ගොඩක් දෙනෙක් මේ වෙනකොට කතා කරනවා.

එම වීඩියෝව පහතින්,

“ඇතැම් අය අපිටත් වඩා දුක්වෙනවා… මම හැඟීම්බර මනුස්සයෙක්…” – නිහඬව සිටි උමාලි හඬ අවදි කළේ මෙහෙමයි

උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.

හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.

ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.

ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.

උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.

පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.

ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.

පසුගිය දවසක රූපවාහිනි වැඩසටහනකට එක් වුණු උමාලි ඇගේ අතීතය ගැනත් ඇයට හිමි ප්‍රේක්ෂක ආදරය ගැන මෙසේ අදහස් දක්වා තිබෙනවා.

‘යම් යම් අවස්ථාවල මට හිතෙනවා ප්‍රේක්ෂකයින් පව් කියලා. ඔවුන්ව අසරණ කරනවා, ඇතැම් සමාජ මාධ්‍ය. ඇතැම් අය අපිටත් වඩා අපි ගැන දුක් වෙනවා. අපි නොදන්නා කාරණාත් අපි ගැන දන්නවා. ඇත්තටම එහෙම විය යුතු නැහැ. ජනප්‍රියත්වය, පිළිගැනීම අවශ්‍යයි, නමුත් ඒ මතම ඉන්න ඔිනි නෑ….’

උමාලි තමන්ගේ ඇතුළේ ඉන්න සංවේදීම කෙනා ගැනත් මේ විදිහට අදහස් දක්වා තිබෙනවා.

‘මම හැඟීම්බර මනුස්සයෙක්. කොච්චර අපි උත්සාහ කළත් සමබරතාවයක ඉන්න, (මානසික ඒකග්‍රතාවයක ඉන්න..) ඒක බිඳෙන අවස්ථාවල් ඔිනෑ තරම් තියනවා. නමුත් ඒ දේවල් තර්කානුකූලව විඳගන්න පුරුදු කරගන්න ඔිනි හිත… ධර්මයේ කියන්නෙත් ඒකනෙ. අනාගතය සැළසුම් කරන විදිහට සිද්ධ වෙන්නෙ නැති නිසාම….. මට තියනවා සුවපත් වෙන්නත් තව කෙනෙක්ව සුවපත් කරන්නත් ලොකු වුවමනාවක්…’

“අනෙකුත් වැඩ සියල්ලටම වඩා මගේ දුව එක්ක ගත කරන ජීවිතය වටිනවා” – කලකට පසු ශිරෝෂි හඬ අවදි කළේ මෙහෙමයි

සුන්දර නිළි, නිරූපණ ශිල්පිනි ශිරෝෂි රොමේෂිකා පසුගිය දිනෙක මුහුණ පෑ මාරක රියඅනතුර ඔබට මතක ඇති.

මෙම අනතුරින් අනතුරුව ජීවිත අවදානමේ සිටි ඇය මේ වන විට සුවය ලබා ඇති බවයි අපට වාර්තා වන්නේ.

කළුතර මුහුදු තීරයේ දී ජෙට්ස් කී රථයක් ධාවනය කරන අතරතුරදී යි ඇය මෙම මාරක අනතුරට ලක්ව ඇත්තේ.

නොසිතූ විදිහට සිදුවුණ මේ අනතුර අදටත් ඇයගේ ජීවිතයට අමතක වෙන්නට සිදුවීමක් කියලා කියලා ඇය සඳහන් කළා.

ඉතින් ඒ විදියට අදහස් දක්වන ඇය අනතුරට ලක්වෙන මොහොතේත් ආදරණීය දියණියකගේ මවක්.

අදටත් ඇය අතිශය ජනප්‍රිය.

නිර්මාණවලින් කාර්යබහුල වෙනවට වඩා ඇය සිය පෞද්ගලික ජීවිතයට මුල් තැනක් දී ඇති හැඩයි.

”…මගේ ජීවිතය සම්බන්ධයෙන් සහ අනෙකුත් පෞද්ගලික වැඩ සම්බන්ධයෙන් මම කාර්යබහුල වුණා. ප්‍රධානම හේතුව මගේ ආදරණීය දියණිය. එයා දැන් තරමක් වැඩුණු කෙනෙක් නිසා මට මේ විධියට කලා කටයුතුවලට සහාය දෙන්න පුළුවන් වෙලා තිබෙනවා. අනෙකුත් වැඩ සියල්ලටම වඩා මගේ දුව එක්ක ගත කරන ජීවිතය වටිනවා. ඒ නිසා වැඩ මඟඇරුණා කියන පසුතැවීම මගෙ හිතේ නැහැ… නිර්මාණ කිහිපයක මාව වෙනස් විධියට දැකගන්න පුළුවන් වේවි. මම තෝරා බේරාගෙන වැඩ කරන කෙනෙක් නිසා වැඩ ගොඩක් බදාගෙන අපහසුතාවට පත්වෙන එක මගෙ විධිය නෙවෙයි.”

omg ඒකටනම් හිත ගියා...ඒ පාට මාරම ලස්සනයි - පියුමි ගේන්න යන අලුත්ම වන්ඩිය මේකද?

පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

පියුමි අසරණ මිනිස්සුන්ට වගේම අසරණ සතුන්ටත් ගොඩක් පිහිට වෙනවා.

ඉතින් පසුගිය දවසක පියුමිගේ උපන් දිනය යෙදිලා තිබුනා.

ඒ වගේම පියුමි අද එයාගේ ෆේස්බුක් ගිණුමට හිත ගියපු දෙයක් ගැන සටහනක් එකතු කරලා තිබුණා.

“පිරිමිකම ඇඳට විතරක් වැඩක් නෑ...හර්ෂ මහන්තත්වකමකින් ඉන්න මනුස්සයෙක්…” – අමායාගෙන් ආන්දෝලනාත්මක කතාවක්!

කාලයක් අපේ රටේ පුවත් මවපු නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි කෙනෙක් තමයි අමායා අධිකාරි කියන්නේ.

අමායා මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපිකාවක් විදියට කියලා බොහෝ දෙනෙක් නොදන්නවා ඇති.

පසුව ඇය ගීත සඳහා රූප රචනයෙන් දායක වූ අතර පසු කාලෙක රංගන ශිල්පිනියක් විදියට ක්‍ෂේත්‍රයේ නමක් දිනාගන්න සමත්වෙනවා.

ඒ වගේම අමායා කියන්නේ ගොඩක්ම දක්ෂ නර්තන ශිල්පිනියක් කිව්වොත් හරි.

ඇයගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ සිදුවීම් නිසා බොහෝ දෙනා අතර ඇය ප්‍රසිද්ධ වුණා.

ඒ අතර ප්‍රමුඛම කාරණය වෙන්නේ ඇය මෙරට ප්‍රකට සංගීත ශිල්පියෙකු වන අතුල අධිකාරී සමඟ විවාහ වීමයි.

අතුල අධිකාරි කලින් විවාහ වෙලා හිටියේ ඔහුගේම ක්‍ෂේත්‍රයේ ප්‍රකට ගායිකාවක වන සමිතා මුදුන්කොටුව සමගයි.

ඒ වගේම අතුලට සහ සමිතට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

ඉතින් අතුල අධිකාරි අමායා සමග විවාහ වීමත් සමග සමිතා දරුවන් දෙදෙනා සමග තනි වෙනවා.

නමුත් පසුකාලීනව ඇය ද චිරන්ත ගුණවර්ධන නම් ටික්ටොක් හි ප්‍රකට තරුවක් සමඟ එක්ව දිවිගෙවන බව ඔවුන්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා.

කොහොම වුනත් අමායා සහ අතුලගේ විවාහයත් සාර්ථක වෙන්නේ නෑ.

ඔවුන් පුද්ගලික හේතුන් කිහිපයක් නිසා වෙන්ව ජීවත් වෙන්න තීරණය කරනවා.

විවාහයෙන් වෙන් වූ අමායා රියලිටි තරුවක් වූ ජනප්‍රිය ගායක හර්ෂ දනොෂ් සමඟින් පෙම් සබඳතාවයක් ඇති කරගන්නා විත්තිය නොරහසක්.

අතුල හා දික්කසාද වීමෙන් අනතුරුව ඈ විවාහ වෙන්නෙ හර්ෂ එක්ක.

මේ වෙනකොට අතුල අමායා වගේම හර්ෂත් එකම නිවසක ජිවත් වෙනවා කියලා තමයි ආරංචිය.

කොන්ද පණ නැති පිරිමින් නිසා කතා හැදෙන බවත් පිරිමින්ගේ පිරිමිකම තියෙන්නේ ඇඳට විතරක් බවත් ඇය එක්තරා වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළා.

ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට තමන් අත් දෙක උස්සා ගෞරව කරන බවද ඇය කියා සිටියා.

තමන්ව එකතරා වට්සැප් සමූහය රුපියල් 40,000කට අලෙවි කිරීමට දමා තිබූ බවද සඳහන් කළා.

දියණිය ඉදිරිපස තබාගෙන සැප වාහනේ ගිය තාත්තා කරපු නීති විරෝධී වැඩේ මෙන්න

පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කරඹ පොලිස් මාර්ග බාධකයේදී සුඛෝපභෝගී වෑන් රථයක් පරීක්ෂා කළ අවස්ථාවේදී රු. කෝටි තුනකට ආසන්න කේරළ ගංජා තොගයක් පෙරේදා (24) අලුයම අත්අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිසිය පැවසුවා.

කිලෝ දෙකක් අඩංගු ඇසුරුම් 97 ක මෙම කේරළ ගංජා තොගය සූක්‍ෂම ලෙස වහනයේ සඟවා තිබුනා.

කේරළ ගංජා තොගය ප්‍රවාහනය කළ ප්‍රධාන සැකකරු සැක නොසිතන අයුරින් ඔහුගේ වයස අවුරුදු හයක් වූ කුඩා දියණියද ඉදිරිපස ආසනයේ රඳවා ගනිමින් මෙම කේරළ ගංජා ප්‍රවාහනය කර ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් කල්පිටිය හෝ ආසන්න ස්ථානයකට රැගෙන විත් සඟවා තිබූ කේරළ ගංජා තොගය මෙසේ ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධව නොරෝච්චෝල පොලිස් ස්ථානාධිපති පො.ප. එස්. ධර්ම කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විමර්ශන සිදු කරයි.

කහ බත් කන්න එපා – ලොකුම අනතුරු ඇගවීමක් කරයි

මේ වන විට දේශීය වෙළෙඳපළෙන් ආහාරය සඳහා මිලදී ගන්නා එළවළු, පලතුරු මෙන්ම සහල් හා මස්, මාළු බොහොමයක් කල් තබා ගැනීම සඳහා යොදන වස විෂ, අඩංගු රසායන ද්‍රව්‍ය හේතුවෙන් රෝග කාරක බවට පත්ව ඇතැයි වෛද්‍යවරු හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ වස විෂ සහිත ආහාර ගන්නා රටවල් අතුරින් පළමුවැනි ස්ථානයට පත්ව ඇති බවත් කොස් කල් තබා ගැනීමට හා අඹ ඉදවීමට පවා සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය යොදා ගන්නා බවත් හෙළිවී ඇති බව ඔවුහු කියා සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ඩබ්ලිව්. ඩී. රොෂාන් කුමාර මහතා පෙන්වා දෙන්නේ මෙරට වෙළෙඳසල්වලින් අලෙවි කෙරෙන චිකන් බුරියානි වර්ග හා ෆ්‍රයිඩ් රයිස් කහ පැහැ ගැන්වීම සදහා අධි මාත්‍රාවෙන් භාවිත කරන කහ පැහැති වර්ණකයක් හේතුවෙන් සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. කහ වෙනුවට යොදා ගන්නා මෙම කහ වර්ණකයෙන් නියම කර ඇති මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවක් බුරියානි හා ෆ්‍රයිඩ් රයිස් තැනීම සඳහා යොදා ගන්නා බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් රෝගාතුර වීමේ අවදානමක් ඇති බවත් මෙම වර්ණක සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බවත් ඔහු සඳහන් කරයි.

RCB වනිඳු හසරංග ඉවත දමද්දී ,මතීෂ සහ මහීෂ් චෙන්නායි රදවා ගනී!

2024 IPL තරගාවලිය සදහා එක්වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ඉවත් කිරීමට කටයුතු කළා.

වනිඳුට අමතරව RCB කණ්ඩායමෙන් ඔස්ට්‍රේලියාවේ ජෝෂ් හෙසල්වුඩ් ද ඉවත් කරමින් වෙන්දේසිය සදහා ඉදිරිපත් කර තිබෙනවා.

වනිඳු මේවන විට පාදයේ ශල්‍යකර්මයකට මුහුණ දී සුවය ලබමින් සිටින අතර පසුගිය IPL තරගාවලි දෙකේදීම ඔහු නියෝජනය කළේ බැංගලෝර් කණ්ඩායමයි.

වනිඳු RCB කණ්ඩායමෙන් ඉවත් කළත්, ඔහුව යළි මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගන්නට බැංගලෝර් කණ්ඩායම බලාපොරොත්තු වන බවත් වාර්තා වනවා.

IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වනදා පැවැත්වීමට නියමිතයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ තවදුරටත් කණ්ඩායම තුළ රදවා ගත්තා.

අවුකන පිලිම වහන්සේට සිවුරක් අන්දයි!

අනුරාධපුර ඉතිහාසයක අවුකන බුදු පිළිම වහන්සේට සිවුරු පැලදවීමේ පූජෝත්සවයක් පවත්වා තිබේ.

එම අවස්ථාවේ පින්තූර සමාජ ජාලවල හුවමාරුවෙමින් පවතී.

සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාලවල දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

වතුරට වස දමා දොස්තර පවුලම මරා දැමීමට හැදූ සාත්තු සේවකයාට අධිකරණයෙන් දැඩි දඩුවමක්!

වසර 11ට පෙර සෙවණගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ නිල නිවසේ පිහිටි වතුර ටැංකියට වස මුසුකර වෛද්‍යවරයා, බිරිඳ හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තැත්කළ එම රෝහලේම සාත්තු සේවකයකුට රු. 20,000ක දඩයක් හා වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඉකුත් 21 දා සවස නියම කෙරුණි.

මෙලෙස සිර දඬුවම් නියම කෙරුණේ එවකට සෙවණගල රෝහලේ සාත්තු සේවකයකු ලෙස කටයුතු කළ සෙවණගල පදිංචි 53 හැවිරිදි නම්මුනි ආරච්චිගේ නිමල් රංජිත් නමැති අයෙකුටය.

2012.02.03 වැනි දින එවකට සෙවණගල ශ්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයා වශයෙන් සේවය කළ ජී. වී. චාමින්ද විතානගේ මහතාගේ නිල නිවසේ පිහිටි ජල ටැංකියට කිසියම් අයකු වස මුසුකර තමන් ඇතුළු පවුලේ උදවිය ඝාතනය කිරීමට තැත් කර ඇති බවට අදාළ වෛද්‍යවරයා විසින් සෙවණගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ සෙවණගල පොලිසිය සිද්ධියට සැකපිට සෙවනගල රෝහලේ සේවය කළ නිමල් රංජිත් නමැති සාත්තු සේවකයා හා එම රෝහලේම වෙනත් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇඹිළිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී පැවති මුලික නඩු විභාගයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු වෛද්‍ය වරයාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු නිදොස් කෙරුණු අතර සාත්තු සේවකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා 04ක් යටතේ ඇඹිළිපිටිය මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. නඩු විභාගයේදී රජයේ රස පරීක්ෂක කේ. ඒ. පී. බී. පෙරේරා මහතා සාක්ෂියට කැඳවා තිබූ අතර එහිදී ඔහු සාක්ෂි දෙමින් අධිකරණය හමුවේ පවසා තිබුණේ වල්නාශකයක් අදාළ ජල ටැංකියේ පිහිටි ජලයට මුසුව තිබූ බවයි.

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකාර සාත්තු සේවකයාට එරෙහිව නඟා තිබූ අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් විය. ඒ අනුව ඉදිරිපත් වූ සියලු සාක්ෂි සලකා බැලූ ඇඹිළිපිටිය මහාධිකරණ විනිසුරුවරයා චූදිතට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණු අතර එය වසර 10කින් සමගාමීව ගෙවී යායුතු බවටද බන්ධනාගාර අධිකාරී වරයාට නියම කෙරුණි. මීට අමතරව අදාළ චෝදනා සඳහා රුපියල් 5000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණි. නීතිපතිවරයා වෙනුවෙන් සෙවණගල පොලිසියේ පොලිස් සැරයන් (41742) ඇතුගල සමග රජයේ අධිනීතිඥ කලන කොතලාවල මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.

විශාල අකුණක් ගහයි – විදුලි පේනුවලින් ගින්දර පිට වෙයි : අනුප පුතා අවාසනාවන්ත ලෙස මිය යයි

“පුතා ඉස්තෝප්පුවේ සිට සාලයට දුවගෙන ඇවිත් මා ඉදිරියේම ඇදගෙන වැටුණා. පසුව මම ඔහුව ඔසවා සාලයේ පුටුවෙන් තබා මුහුණට වතුර ඉස්සා. එවිට පුතාගේ ඇඟ දරදඬු වී තිබුණා. ඔහුට සිහිය තිබුණේ නැතැයි අකුණුසර වැදී මිය ගිය 15 හැවිරිදි සිසුවාගේ මරණ පරීක්ෂණයේ දී ඔහුගේ පියා වන කුරුකුලසූරියගේ ප්‍රභාත් මධුරංග පෙරේරා (42) සාක්ෂි දෙමින් පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ කුරුකුලසූරියගේ අනූප ගිම්නාල් පෙරේරා නමැති ගල්පාත, බටගොඩ, ගහලවතුගොඩ, අංක 132 ලිපිනයේ පදිංචි පාසල් සිසුවෙකි.

හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ උසාවියේ දී පැවති සාක්ෂි විභාගයේදී තවදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේ ද පැවසීය.

“මම ව්‍යාපාරිකයෙක් ලෙස රැකියාව කරනවා. මියගොස් සිටින්නේ මගේ එකම පුතා. ඔහු හොරණ විද්‍යාරතන පිරිවෙණේ 10 වසරේ ඉගෙන ගන්නවා. මේ සිද්ධිය වූ පසුගිය 22 වැනි දින පුතා පාසල් ගොස් හවස 3.00ට පමණ නිවෙසට ආවා. දවල් ආහාර ගත්තා. ආහාර ගෙන සාමාන්‍ය පරිදි නිවෙසට වී සිටියා. මගේ පුතාට නිදන්ගත රෝග ආදිය කිසිවක් නැහැ.

මේ දිනවල දිනපතාම වාගේ හවස් කාලයේ අප ප්‍රදේශයට තද වැස්ස වහිනවා. එදින මමත්, මගේ බිරියත්, බිරියගේ අම්මාත්, පුතා සමඟ නිවෙසේ හිටියා. හවස 3. 30ට පමණ වන විට මහ වැස්සක් ඇදහැළෙන්න ගත්තා. ඒ වැස්ස දිගටම තිබුණා. පසුව අකුණු ගැසීමටත් පටන් ගත්තා. ටික වේලාවකින් විශාල අකුණක් ගැසුවා. එවිට ගෙදර විදුලි පේනුවලින් ගින්දර විසිවුණා. මම කාමරයේ ඇඳේ සිට සාලයට ආවා. බිරිය නාන කාමරයේ රෙදි හෝදමින් හිටියේ. එවිටම වාගේ බිරියත් සාලයට ආවා. පුතා පේන්න හිටියේ නෑ. පසුව එවිටම වාගේ පුතා ඉස්තෝප්පුවේ සිට සාලයට දුවගෙන ඇවිත් මා ඉදිරියේම ඇදගෙන වැටුණා. පසුව මම ඔහු ඔසවා සාලයේ පුටුවෙන් තබා මුහුණට වතුර ඉස්සා. එවිට පුතාගේ ඇඟ දරදඬු වී තිබුණා. ඔහුට සිහිය තිබුණේ නැහැ. පසුව අපි ඉක්මනින් ත්‍රිරෝද රථයකින් පුතාව ගල්පාත රෝහලට රැගෙන ආවා. එහිදී වෛද්‍යවරු ඔහු පරීක්ෂා කර බලා මියගොස් ඇති බව පැවසුවා.”

අඟුරුවාතොට පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් වන (83935) ක්‍රිෂාන්ත හා (100310) රුක්ෂාන් නිලධාරීන් විසින් සාක්ෂි විමසීම කළ අතර, හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි පනිත සෙනෙවිරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය කළේය.

ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් ගල්පාත හදිසි මරණ පරීක්ෂක දීපාල් ඖෂධරත්න මහතා විසින් මේ මරණය අකුණුසර වැදීම මත පෙනහළු අක්‍රීය වීම හේතුවෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කළේය.


ධනුෂ්ක යළි කරළියට – සිඩ්නි අධිකරණයකින් අලුත් තීන්දුවක්!

ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය “අසාධාරණ” ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණය තීන්දු කර තිබෙනවා.

වියදම්වලට අදාළ නඩුව විනිසුරු සාරා හගේට් ඉදිරියේ අද (24) පවත්වා තිබෙනවා.

එහිදී විනිසුරු සාරා හගේට් පවසා ඇත්තේ රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකියයුතු ගැටලු ඇති බවයි.

ඒ බැවින් ගුණතිලක ගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසට නියෝග කර තිබෙනවා.

දුරකථන මෙවලමක් හරහා හඳුනාගත් ඔස්ට්‍රේලියානු තරුණියකට ඇයගේ නිවසේදී අතවර කළ බවට ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල වි තිබුණා.

සිඩ්නි පොලීසිය විසින් ඔහුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගුණතිලකව පසුගිය සැප්තැම්බර් මාසයේදී චෝදනාවෙන් නිදහස් කළා.

මම නිහඬ වුණා, ගොලු වුණා.... තවමත් එහෙම සමුගැනිමකට ලැස්ති නැහැ!... මධුමාදවගේ බිරිදගෙන් නොහිතපු විදිහේ 'සටහනක්' මුහුණු පොතට...

මුහුද හඬන වෙලාවේ', 'ලබ සවන් රන්පතින්' ගැයූ ඔහු 90 දශකයේ 'ජනප්‍රියතමයා' ද වුණා. ප්‍රසංග වේදිකාව ඇතුළේ 'වැඩකරුවෙක්' වුණත් දේශපාලන 'මඩ ගොහොරුව' ඇතුළේ ඔහු 'අප්‍රියතම' චරිතයක් බවට පත්වුණා.

එහෙම වුණත්, ඔහු බොහෝම ඉක්මණින් 'දේශපාලන කතාව'ට සමුදෙන්න 'තීන්දු' කරනවා.

'මධුමාදව' කියන්නෙ 'සමාජ මාධ්‍ය' තුළත් නිතරම දකින්න පේන්න ඉන්න කෙනෙක්.

පසුගිය දවසක 'මධුමාදව' ඔහුගේ උපන්දිනයත් සමරලා තිබුණා. ඒ අතරතුර දී 'මධුමාදව'ගේ උපන්දිනය වෙනුවෙන් ම වුණු 'සුවිශේෂී සුබ පැතුම' ලැබුණේ ඔහුගේ බිරිඳ එරන්දිගෙන්. (ඇය ඉන්නෙ විදෙස් රටක...)

මේ තියෙන්නෙ 'මධූ'ගේ බිරිඳ මුහුණු පොතේ තැබූ ඒ සටහන...



'නිහැඩියාව බිදිමින් මගෙ හිත කියවමින්

කාත් කවුරුත්ම නැති මං වගෙ කෙනෙකුට වසන්තය එලඹුනෙ ගොඩක් ප්‍රමාද වෙලා.

මට නැතිව තිබුනෙ අම්ම තාත්තා විතරක්ම නෙමෙයි මට කවුරුත්ම හිටියෙ නැ.

ආපු අය ඇවිත් ගියෙ ගොඩක් දෙ අරන්.

මිතුරු වෙසින් ඇවිත් යද්දි මම ලතැවුනෙ මගෙන් ගත් දෙවල් වලටම නෙමෙයි එහෙම අය වෙනුවෙන් මගෙ මම මගෙ හිතෙ ඉඩක් වෙන් කල නිසා කාලය නිසා.

අවසානයෙ ඇත්තට මගෙ හිත පිරෙන්න මට ආදරය අරන් එයා ආවෙ හස්බන්ඩ් කෙනෙක් විතරක්වෙලා නෙමෙයි අම්මා තාත්තත් එයා මට දුන්න.

සහොදරයො ආදරය දුන්නද මම දන්නෙ නැ

එත් මගෙ වටෙ හිටි සහ ඉන්න අය මටත් මම එයාලත් හිත පිරෙන්න ආදරය බෙදුවා.

තනිකම කියන අකුරු හතර එක්ක ජිවත් වෙච්ච මම ජිවත් වුනා කියල දැනුන ජිවිතයක් මට ලැබුනා

එක් එ ආදරනියන් එකින් එක හෙලවෙද්දි හුලගට ගහගන යද්දි මම හැංගුනා මම නිහඩ වුනා මම ගොලු උනා මම තවමත් එහෙම සමුගැනිමකට ලැස්ති නැති නිසා එත් ජිවිතය එහෙමයි.

මගෙ නිහැඩියාවට මා විසින් සමු දිය යුතුයි!

මගෙ සිනහව මට වඩා වටින ඔහු වෙනුවෙන් මා සිනාසිය යුතුයි

මම ජිවිතයට මුහුන දිය යුතුමයි' (මුහුණු පොතෙන් උපුටා ගැනුමකි...)

මේ අතර, උපන්දිනය වෙනුවෙන් 'සුබ පැතු' සියලු දෙනාට 'ස්තුති ප්‍රශංසා' කරමින් මධුමාදවත් ඔහුගේ 'ෆේස්බුක්' ගිණුමට සටහනක් එක් කොට තිබුණා.

'මගේ නොවන මගේ උපන් දිනයට සුබ පැතූ

ආදරනීයන් සැමට බොහොම විස්කෝතුයි.

දැන් මේක දැකල , උපන් දිනය නෙවෙයි කියල අත හරිනවද අපේ උන්.. නෑනෙ..

නෑනෙ...

ආයෙමත් සුබ පතයි.

ආයෙ සුබ පතන ආදරනීයන්ටත් ස්තුතියි ....

ඇත්තටම උපන් දින දෙකක් තියෙනව මට, එකක් උපන් දවස....

අනික ආදරෙන් සුබ පතනවා නම් ඕන දවසක්......

අපි හිත පපුව එක්ක සැනසෙන මිනිස්සු..

ආදරේට , තමන්ගෙ කමට,ලෝබ, කෑදර නගරයක පපු.....

ඉතිං, නිකම්ම ගෙවෙන දවසකට නැති උපන් දිනයක් නිසා...

තමන්ගෙ උන් සුබ පතද්දී.....

එන සතුට , ආදරේ, තක්කඩි කම...

තව තව උපන් දවස් කියල සුබ පතා ගන්න මගේ අහිංසක සියුමැලි සිත පොලබනව....

හැබැයි මෙහෙම බොරු කරලා...

අන්තිමට ඇත්ත උපන් දිනේට

එකෙක් වත් සුබ නොපතන දා

කොටිය ආපු කතාව මදු මාදව බොරුවින්ද ඉගෙන ගනීවි...

The මදු මාදව හැපිබර්ත්ඩේවින්ද'