gossip lanka

ෂකීබ්ගේ දේශපාලන ගමන ස්ථිර වෙයි - ලබන ජනවාරියේ මහ මැතිවරණයට!

බංගලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන්ගේ පාර්ලිමේන්තු මැතිවරණ ගමන තහවුරු කිරීමට එරට පාලක පක්ෂයවන අවාමි ලීගය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ෂකීබ් අල් හසන් ලබන ජනවාරි මස 07 වනදා පැවැත්වෙන බංග්ලාදේශයේ 12 වන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහු උපන් දිස්ත්‍රික්කය වන මගුරා-1 මැතිවරණ කොට්ඨාශයෙන් මැතිවරණයට සඳහා තරග කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන මෂ්රෆි මෝර්ටසා ද මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර, ඔහු ද මෙවර මැතිවරණය සඳහා තරග කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව සහ දේශපාලනය අතර සබඳතාව ඝන වෙමින් පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ෂකීබ් අල් හසන් සහ මෂ්රෆි මෝර්ටසා හැරුණු විට බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන් ද 2009 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනු ලබනවා.

ඔහු නැවත වරක් ඔහුගේ කිෂෝරගන්ජ් ආසනයෙන් නාමයෝජනා ලබාගේ ඇති බවයි වාර්තා වන්නේ.
gossip lanka