gossip lanka

"ඔයා පොඩ්ඩක් එළියට යන්න...මෙයාගේ උදරය පරීක්ෂා කරන්න ඕනේ" - සැමියා පිටතට යවා, අමුතු පරීක්ෂාවක් කරන්න ගිය දොස්තරට වැඩ වරදී!

සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණ මවකට ලිංගික අතවර කළැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියා ඇප මත මුදාහළ අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

අනුරාධපුර පුලියන්කුලම තුන්වන පියවරේ කුලී නිවෙසක පදිංචිව සිටින 51 හැවිරිදි මේ වෛද්‍යවරයා උදරයේ වේදනාවක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට පසුගියදා (12) තම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණි 29 හැවිරිදි මවකට අතවර කර ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මේ මව වෛද්‍යවරයා හමුවට ගොස් ඇත්තේ සිය සැමියා සහ දරුවා සමඟිනි.

සැමියා සහ දරුවා රෝගීන් පරීක්ෂා කරන කාමරයෙන් පිටතට යවා ඇති වෛද්‍යවරයා ඇයගේ උදරය පරීක්ෂා කරන මුවාවෙන් ඇයට ලිංගික අතවර කර ඇති බව පොලිසිය කියයි.

වෛද්‍යවරයා ඇයගේ රහස් ප්‍රදේශ අතපත ගාමින් ලිංගික අතවර කරන විට ඊට එරෙහි වෙමින් කාමරයෙන් පිටතට පැමිණි තරුණ මව ඒ ගැන සිය සැමියාට පවසා තිබේ.

සැමියා ඒ ගැන වෛද්‍යවරයාගෙන් විමසන විට ඔහු බියට පත්ව ඒ ගැන කිසිවකුටත් නොපවසන ලෙස ඉල්ලා වැද වැටී ඇති බවද පොලිසිය කියයි.

එහිදී සැමියා වෛද්‍යවරයාට දොස් නඟා, බිරිය හා දරුවා සමඟ පොලිස් ස්ථානයට පැමිණ ඒ ගැන පැමිණිලි කර ඇත. මේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය පවසන අතර, මේ වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ලැබීමට පැමිණි තවත් කතුන්ට මෙවන් අතවර සිදුව තිබේදැයි සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ
gossip lanka