gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නව අගමැති ජාතිය ඇමතීමට සූදානම්

නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  ජාතිය අමතා කතා කිරීමට සූදානම් බවට වාර්තා වෙනවා.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද සහ ඉදිරි දින කිහිපයේදී තවත් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය
අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇති බවයි.

කෙසේවෙතත් අමාත්‍යවරුන් සියලූ දෙනා දිවුරුම් දී අවසන් වීමට පෙර නව අග‍්‍රාමාත්‍යවරයා ජාතිය අමතනු ඇතැයි ද දේශපාලන ආරංචි පැවසුවා.

දැනට දිවුරුම් දී සිටින කැබිනට් අමාත්‍යවරුන් ගණන 12 දෙනෙක්. ඒ අනුව තවත් කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු පත් කිරීමට අවස්ථාව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දී ඇත්තේ දෙදෙනෙකු පමණයි. ඊට අමතරව එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දී තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පත් කළ හැකි කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ගණන 40 දෙනෙක්. ඒ අනුව තවත් කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකුට අවස්ථාව ඉතිරි වී තිබෙනවා.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka