gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවට දැවැන්ත විදුලි හා මූල්‍ය අර්බුදයක් !

වසර 2014 සිට 2018 දක්වා මෙරටට විදුලි ජනන සැලැසුමක් නොමැතිවීම නිසා ඉදිරි වසර 5-6ක කාලය තුළ රට දැවැන්ත විදුලි අර්බුදයකට ලක්වන බව විදුලි බල කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම එම කාලය තුළ ලංවිම දැවැන්ත මූල්‍ය අර්බුදයකට ද ලක්වනු ඇතැයි වාර්තා වේ.

පැය ගණන් විදුලි කැපීම් වැනි තත්ත්වයන්ද නවත්වා ගනු නොහැකි වනු ඇති බවට විදුලි ඉංජිනේරුවෝ
මේවන විට අනතුරු අඟවා ඇති බව ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කියා සිටී.

ඔහු කියා සිටින්නේ උපයෝගිතා කොමිසම රටේ විදුලි බලාගාර හදන සැලැසුම් අවුල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී රුපියල් බිලියන 536ක පාඩුවක් වනු ඇති බවද ඔහු සඳහන් කරයි.

අදාළ ගණනය කිරීම ලංවිම සැලැසුම් හා පද්ධති මෙහෙයුම් දත්ත අනුව ලොව සුලභව භාවිතා කරනු ලබන පිළිගත් SDDP (Stochastic Dual Dynamic Program) මෘදුකාංගයක් මගින් ගණනය කර ඇත.

ලංවිම ඉදිකිරීමට සැලැසුම්කරන ලද බලාගාරවලින් රුපියල් 10කට අඩුවෙන් විදුලි ඒකකයක් නිපදවීමට හැකි වුවත්, පැවැති තෙල් මිල ගණන් අනුව තෙල් බලාගාරවලින් නිපදවෙන විදුලි ඒකකයක සාමාන්‍ය මිල රුපියල් 25ක් පමණ වනු ඇතැයි ද පැවසේ.

පසුගිය කාලයේදී ඩීසල් මිල 30%කින්ද දැවි තෙල් මිල 15%කින්ද වැඩි වූ අතර අදාළ මිල ගණන් වල වෙනසක් නොවුණහොත් සිදුවන පාඩුව රුපියල් බිලියන 650ක් පමණ වනු ඇතැයි වාර්තා වේ.

එය කටුනායක අධිවේගය හදන්න වැය කළ මුදල මෙන් 12 ගුණයකටත් වැඩි අලභායකි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka