gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නෙළුම් කුළුණේ ස්ථාන කිහිපයකින් ජලය කාන්දු වෙයි

කොළඹ  ඉදිකෙරෙන නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක ජල කාන්දු සිදුවන බව  වාර්තා වුණා.

නෙළුම් පෙති හැඩයට නිමවා ඇති කොටස්වල වීදුරුවලින් මෙලෙස ජල කාන්දු සිදුවන බවයි
වැඩිදුරටත් කළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබුණේ.

ඒ අනුව මේ පිළිබඳ නැවත සොයා බලන බව ඉදිකිරීම් සිදුකරන චීන සමාගම ප‍්‍රකාශ කර තිබෙනවා.

නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 අගෝස්තු මාසයේදීයි. එහි සේවයේ නිරත වන්නන්ගෙන් සියයට 70 ක් චීන ජාතිකයන්. සෙසු පිරිස ශී‍්‍ර ලාංකිකයන් වනවා. මෙම ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම  අමෙරිකානු ඩොලර් මිලියන 1,404 ක්.

ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු වසර 7 ක් ඇතුළත එය චීනයේ එක්සිම් බැංකුව වෙත පියවිය යුතු වනවා.

මේ වනවිට නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සියයට 85 ක් පමණ අවසන්. ලබන වසරේ ජනවාරි 8 වැනිදා එය විවෘත කිරීමට නියමිතව තිබෙනවා. දකුණු ආසියාවේ දැනට ඇති උසම කුළුණද නෙළුම් කුළුණයි. එහි උස මීටර් 356 ක්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka