යහපාලන ඇමතිවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පතිගෙන් නියෝගයක්

යහපාලන රජයේ හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු කර තිබෙනවා.

ඒ පොලිස්පති පුජිත් ජයසුන්දර විසින් ඇමති ආරක්ෂක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායකට කළ නියෝගයකට අනුවයි.

ඒ අනුව ඔවුන් හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන ආරක්ෂාව පමණක් ලබාදෙන ලෙසයි නියෝග කර ඇත්තේ.

හිටපු අමාත්‍යවරයෙකු සඳහා ආරක්ෂක නිලධාරීන් 7
දෙනෙකු යොදවා සිටි අතර ඊයේ දිනයේ සිට එම ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව දෙදෙනා දක්වා අඩුකර තිබෙනවා.

gossip lanka