gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉඩම් බැංකුවක් පිහිටුවන හේතුව මෙන්න

රටේ සංවර්ධනයට හා ආයෝජකයින්ගේ අවශ්‍යතා නිවැරදි ක‍්‍රමවේදයක් ඔස්සේ ඉටු කිරීම සඳහා ඉඩම් බැංකුවක් පිහිටුවට සැළසුම් කර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා.

ඉකුත්දා පැවති කැබිනට් රැස්වීමේදී ද මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වුණේ.

තවදුරටත් සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී
තීරණයක් ගත යුතු බව අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

ඉඩම් බැංකුවක් පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මෙලෙස පැහැදිලි කළා.

එහිදී "මේ රටේ ඉඩම් පිළිබඳව නිවරැදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය රජය හැටියට අපිට තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත්..ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ අයිතිය තියෙන සමහර ඉඩම්වල පවා ඔවුන් දන්නේ නෑ තිබෙන ප්‍රමාණය ගැන. ඒ නිසා ඒවා පිළිබඳව නිවරැදි දත්ත ලබා ගැනීම අවශ්‍යයි. ඒවා කළමණාකරණය පහසුව සඳහා." යනුවෙන් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමග තවදුරටත් සාකච්ඡා කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka