gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සිට තවත් බන්ධනාගාර 3කට STF ආරක්ෂාව

වැලිකඩ බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාර වල ආරක්ෂාව සඳහා අද (25) දිනයේ සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිබේ.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේ එම බන්ධනාගාර වල පිටත ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ඒ අනුව පොලිස් විශේෂ
කාර්ය බලකාය විසින් සිදුකිරීමට නියමිත බවයි.

බන්ධනාගාර තුළ සිදුවන විවිධ දූෂණ ක්‍රියා මැඩපැවැත්වීමට බන්ධනාගාර වල ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගනු ලැබුවා.

එහි පළමු අදියර ලෙස පසුගියදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවූ අතර එයට එරෙහිව රැඳවියන් පිරිසක් විරෝධතාවයක ද නිරත විය.

මේ අතර අදාළ විරෝධතාවය මෙහෙය වූ බව කියන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියන් 08 දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර හැරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඊයේ (24) පස්වරුවේ අදාළ රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේය.

එම රැදවියන් අතර ජුලම්පිටියේ අමරේ, තංගල්ලේ  මහේෂ් ඇතුළු හෙරොයින් හා මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් වූ රැඳවියන් 08 දෙනකු සිටින බව සඳහන් වේ.

ඔවුන් කළුතර, ගල්ල, මාතර, කුරුවිට සහ මොණරාගල බන්ධනාගාර වෙත මාරු කර ඇති බව වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka