gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීනයට සිදු කරන අපනයන වසර 10කට පසු දෙගුණ වෙයි

ශ්‍රී ලංකාව චීනයට සිදුකරන අපනයනය වසර 10කට පසු පළමු වරට දෙගුණ වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව ලෝකයේ විශාලතම සිල්ලර වෙළෙඳ පොළට ඇතුළු වීඇති බවත් ලංකාවේ නිෂ්පාදන චීන වෙළෙඳපලට අවශ්‍ය වන බව චීනයේ ජාතික කෘෂිකාර්මික තොග වෙළෙඳසැල් සංගමයේ (China National
Agriculture Wholesale Market Association (CAWA) සභාපති ෂෙංජුං මා මහතා (Zengjun Ma)පැවසු බවද අමාත්‍යවරයා පවසයි.


චීනයේ එම වේළඳ සංගමයේ (CAWA)වාර්ෂික පිරිවැටුම ඇමරිකානු ඩොලර් ට්‍ර්ලියන 1.4 ක් වේ.

චීනයේ මුහුදු ආහාර නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවටත් ලබා දීම සඳහා එකඟතාවක් ඇති වු බවද එම අමාත්‍යාංශය කළ නිවේදනයේ සඳදහන් වේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවති , ශ්‍රී ලංකා - චීන දූත පිරිස් අතර පැවති සාකච්ඡා වලදීය.

චීනයේ ජාතික කෘෂිකාර්මික තොග වෙළෙඳසල් සංගමයේ (CAWA-China National Agriculture Wholesale Market Association) සභාපති Zengijum Ma සෙංගේජුම් මා මහතා ගේ නායකත්වයෙන් සිව් දෙනෙකුගෙන් යුත් චීන දූත පිරිසක් සාකච්ඡාවට එක්විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka