ශෂිගේ නඩුවේ නැතිවුණා කියූ නඩු භාණ්ඩ තිබූ තැන හෙළිවෙයි

නඩු භාණ්ඩ ලෙස අධිකරණය භාරයේ පැවති පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත‍්‍රය සහ ජාතික හැදුනුම්පත අස්ථානගතව නොමැති බව අද (31) අනාවරණය වුණා.

ඒ විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් සකසා ගෙන ඇති බවට එල්ලවී ඇති චෝදනා යටතේ ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුවක් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනු අවස්ථාවේදියී.

එහි දී කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර දැනුම් දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට වාර්තා කළ පරිදි අදාල නඩු භාණ්ඩ අස්ථානගතව නොමැති බවයි.