gossip lanka

පිටුවහල් කරන්න ගිය ලක් පවුලට යළි නවසීලන්ත රැකවරණ

මවට වැළඳුනු රෝගයක් නිසා නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට සිටි පස් දෙනෙකු ගෙන් යුතු ශ්‍රී ලාංකික පවුලකට යළි එරට නීත්‍යානුකූල ලෙස රැඳී සීටීමට එරට රජය අවසර ලබා දීමේ සිද්ධියක් නවසීලන්තයෙන් වාර්තාවේ.

මෙම ලාංකික පවුල පිටුවහල් කිරීමට නවසීලන්ත ආගමන විගමන බලධාරීන් ගත් තීරණයට එරෙහිව වසරකට ආසන්න කාලයක් තිස්සේ එරට ක්වීන්ස්ටවුන් ප‍්‍රජාවගේ ගේ විරෝධතා සහ බලපෑම මත මෙම පවුලට එරට නේවාසිකව රැඳී සිටීමේ අයිතිය ලබා දීමට එරට
රජයට සිදුව ඇතැයි නවසීලන්ත මාධ්‍ය ඊයේ (22) වාර්තා කළේය.

මෙලෙස නවසීලන්තයේ නේවාසිකව රැඳී සිටීමට අයිතිය ලැබී ඇත්තේ එරට ක්වීන්ස්ටවුන් ප‍්‍රදේශයේ පදිංචිව සිටි දිනේෂා විජේරත්න සහ සෑම් විජේරත්න යන ලාංකික යුවළට සහ වයස අවුරුදු 8 ,10 සහ 11 වියේ පසුවන ඔවුන්ගේ දරුවන් තිදෙනාටය.

කශේරුකාව ආශ‍්‍රිතව ඇතිවූ ස්නායු දුර්වලතාවයක් හේතුවෙන් මවට වැළඳුනු රෝගයක් නිසා නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීය පවුලක් එරටින් පිටුවහල් කිරීමට නවසීලන්ත බලධාරීන් විසින් සූදානම් වූයේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදීය.

මෙම පවුල පසුගිය වසර 8ක් තිස්සේ නවසීලන්තයේ ජීවත් වී ඇති අතර දිනේෂා ක්වින්ස්ටවුන් හී හෝටලයක සූපවේදිනියක ලෙස සේවය කරමින් සිටි අතර ඇයගේ සැමිය වන සෑම් විජේරත්න එරට කුලී රථ රියැදුරෙක් ලෙස සේවය කරමින් සිටියහ.

දිනේෂාට හදිසියේම වැළඳුනු එම රෝගී තත්ත්වයක් සැලකිල්ලට ගනිමින්  එම ලාංකික පවුලට එරට තව දුරටත් රැඳී සිටීම සඳහා වීසා බලපත් දීර්ඝ නොකිරීමට ගත් තීරණයක් නිසා ඉකුත් වසරේ නොවැම්බර් 21 වැනිදා එම පවුල නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට එරට රජය කටයුතු කළේය.

දැඩි ලෙස අසරණව සිටි මෙම ලාංකික පවුල අමානුෂික තීන්දුවකට අනුව නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට ගත් තීරණයට එරෙහිව ක්වීන්ස්ටුවන් හී පාසල් ගුරුවරු , එහි පදිංචිකරුවන් ක්වීන්ස්ටවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ඇතුළු නගරයේ සියලූ ප‍්‍රජාව වරින් වර වීදී බැස සාමකාමී විරෝධතාවන්හි නිරත වූහ.

මේ අතර මෙම පවුල පිටුවහල් කිරීමෙන් වලකින ලෙසට  එරට ක්වීන්ස්ටුවන් ප‍්‍රාන්තයේ මන්ත‍්‍රීවරයකු වන හමිෂ් වෝකර් එරට ආගමන සහ විගමන ඇමැතිවරයාට ලිඛිතව දැන්වීමටත් කටයුතු කළේය.මෙම පවුල පිටුවහල් කිරීමෙන් වලකින ලෙස හා ඔවුනට රුකියාව කළ හැක වන පරිදි තාවකාලික වීසා ලබා දෙන ලෙස එම මන්ත‍්‍රීවරයා මේ ලිපියෙන් ඉල්ලා තිබිණි.

වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවති එම මහජන විරෝධතා සැලකිල්ලට ගනිමින් නවසීලන්ත බලධාරීන් විසින් පස් දෙනෙකු ගෙන් යුතු එම ලාංකික පවුලට එරට නේවාසිකව රැුඳී සිටීමේ අවසරය යළි ලබා දීමට පියවර ගෙන ඇත.


gossip lanka