gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශීය ආදායම් කොමසාරිස් ධුරය ගත්තොත් ඇසිඩ් ගහනවා ලු !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිටින නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරියන් පුරප්පාඩු වී ඇති දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරය බාර ගැනීම තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි මුදල් හා මාධ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ තමන්ට මරණිය තර්ජන එල්ලවී ඇතැයි පවසමිනි.

එම තනතුර බාරගත හොත් 'ඇසිඩ්' ප්‍රහාරයක් එල්ල කරන බවට තමන්ට දැඩි තර්ජනයක් එල්ලවී ඇති
බැවින්, එම තනතුර සඳහා පැවති සම්මුඛ සාකච්ජා වලට පැමිණිය ද තමා එම තනතුර බලාපොරොත්තු නොවන බව නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරියක් මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත.

රෝහිණි පාදුක්කගේ, චම්පා වීරසිංහ, සන්ධ්‍යා රාජපක්ෂ යන මහත්මීන් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරියන් ලෙස කටයුතු කරන අතර නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරියක ලෙස කටයුතු කල දයා මුණසිංහ මහත්මිය පසුගියදා විශ්‍රාම ගනු ලැබිය.

බරපතල මුල්‍ය චෝදනා !

ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කල අයිවන් දිසානායක මහතා සැප්තැම්බර් 13 වැනි දා විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු වී ඇති එම ධුරයට සුදුසු කෙනෙකු පත්කර ගැනීම සඳහා අමාත්‍යංශය කිහිප අවස්ථාවකදී පරීක්ෂණ පැවැත්වුවද මේ දක්වා ඊට සුදුස්සකු පත්කර ගැනීමට නොහැකිව තිබේ.

ඒ නිර්දේශිත පුද්ගලයින් කිහිප දෙනාටම පාහේ බරපතල මුල්‍ය චෝදනා එල්ලවී තිබීම නිසාය.

නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන නදුන් ගුරුගේ මහතා මේවනවිට ආදායම් කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලීමට පත්කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka