gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපතිගේ ආරක්ෂාවට තර්ජනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ඇති තර්ජන වැඩි වී ඇතැයි පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කෙරුණා. ඒ සම්බන්ධයෙන් පළමුවෙන් කරුණු දැක්වූයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධනයි. හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීමට තමන්ටද අවශ්‍ය බව ඊට ප‍්‍රතිචාර දක්වමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියා.

මෙහිදී නැගී සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ
පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජන වැඩිවී ඇතැයි දැනුම්දී ඇත්තේ ප‍්‍රභූ ආරක්ෂාව භාර ප‍්‍රධානියා බවයි. හිටපු  ජනාධිපතිවරයාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා කැඳවා ඔහු මෙම දැනුම් දීම කර ඇතැයිද ඒ පිළිබඳ ලොග් සටහනක්ද තිබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මීට ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ මේදක්වා පැවැති තත්ත්වයන් යටතේ හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය තරම් ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බවයි. එහෙත්, මතුව ඇති තත්ත්වයන් සලකා බලා එම ආරක්ෂාව වැඩිකළ යුතු නම් ඒ සඳහා පියවර ගන්නා බවද අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා.

මෙහිදී අදහස් දැක්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජන සම්බන්ධයෙන් සිදු කර ඇති මෙම දැනුම්දීම පිළිබඳ තමන් නොදන්නා බවයි. ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර නමැත්තා විසින් හෙළි කරන ලද තොරතුරු වල නම් හිටපු ජනාධිපතිවරයා පිළිබඳ සඳහනක් නොමැති බවද අමාත්‍යවරයා පැවසුවා. කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවයි ඔහු අවධාරණය කළේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka