gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විගීගේ අලුත් පක්‍ෂය 24 දා කරළියට

ද්‍රවිඩ සන්ධානය දෙකඩ කරමින් උතුරු පළාත් සභා මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා මෙම 24 දා නල්ලූර්හි රාජා පරමේෂ්වරී ශාලාවේදී නව පක්‍ෂය බිහිකිරීමට තීරණය කර ඇත.

මේ සඳහා මහ ඇමැතිවරයා සිය ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ සියලු ක්‍රියාකාරීන්ටත් උතුරේ වෘත්තීය සමිති ව්‍යාපාරික සහ රාජ්‍ය නොවන සංවිධානවලටත් ඇරයුම් කර තිබේ.

 ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති වෙනස්‌ වී නැති
නිසා මෙම නව පක්‍ෂය බිහි කළ බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත. උතුරු පළාත් සභා ඇමැතිනි ආනන්දි සසිදරන් මෙම පක්‍ෂයේ නියෝජ්‍ය නායිකාව බවට පත්වනු ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.

ඇය යාපනයේදී පැවසුවේ ඊළාම් ස්‌වයං රාජ්‍ය පක්‍ෂය නමින් නව පක්‍ෂය නම් කරන බවයි.

මෙම නව පක්‍ෂය ආරම්භ වුවහොත් ඊ. පී. ආර්. එල්. එ. සුරේෂ් කණ්‌ඩායම සහ ගෙ-න්ද්‍ර කුමාර්ගේ දෙමළ ජනතා ජාතික පක්‍ෂය ද ඊට එක්‌වන බව ආරංචි මාර්ග කියා සිටී.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka