gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුලතිව්හි කොටි මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි..

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කළ සේවකයින් පිරිසකට ළිඳ තුල පුපුරණද්‍රව්‍ය ඇති බවට වූ සැකයක් හේතුවෙන් ළිඳ පරික්ෂා කල පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශයට එහි තිබි මෝටාර් උණ්ඩ නමයක් හමු වූ බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.

පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසූවේ පුදුකුඩිඉරිප්පු
ප්‍රාදේශීය සභාවට අයත් පොදු ළිඳක් ඊයේ (18) ප්‍රාදේශීය සභා සේවකයින් හා ප්‍රදේශවාසීන් අදාළ ළිඳ පිරිසිදු කිරීමට ජලය ඉවත් කොට ඇති අතර, එහිදී එම පිරිස් විසින් පුපුරණ ද්‍රව්‍ය දැක ඒ බව සිදු කළ දැනුම්දීමක් මත පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් අදාළ ළිඳ පරීක්ෂා කළ බවයි.

පුදුකුඩිඉරිප්පු පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් ගොඩගත් මෝටාර් බෝම්බ නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් බවටද පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka