බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයට වසර 200 ක් සපිරෙයි සුව ඇමැතිගෙන් දන්ත ඒකකයක්

බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 200 වන සංවත්සරය වෙනුවෙන් පවත්වන උත්සවය පිළිබද මාධ්‍ය හමුවක් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා (26) පස්වරුවේ පැවැත්විනි.

2018දී පාර්ලිමේන්තුවේ වචනයක් කතා නොකළ මන්ත්‍රීවරු 13ක් !

ගතවූ 2018 වර්ෂයේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් මන්ත්‍රීවරු 13 දෙනෙක්ම පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කර නොමැත.

Manthri.lk  සිදුකළ විශ්ලේෂණයක්දී මේ බව තහවුරු වී තිබේ. මෙම මන්ත්‍රීවරුන්ගෙන් 12 දෙනෙක්ම ඒක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර ඒක් මන්ත්‍රීවරයෙක් ඒක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි.

ලංකාව ඇන්ටික් යුද ටැංකි ගන්න යන්නෙ ඇයි ?

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව නියෝජනය කරමින් මාලි රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙත යැවීම සඳහා වසර හැටකට ආසන්න කාලයකට පෙර නිෂ්පාදනය කළ යුද ටැංකි 22ක් චෙක් ජනරජයෙන් මිලදී ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

"ICCය වගකීම භාරගත යුතුයි" - රන්ජන්

ශ්‍රී  ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායම පිළිබඳව වගකීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය භාරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

FB එකෙන් පොලිසියට අපහාස කළැයි අයක් දැලේ !

පොලීසියට අපහාස වන අයුරින් Facebook සාමජ ජාලය හරහා ප්‍රකාශ පළ කළ පුද්ගලයෙකු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාරන්ඕවිට පොරවගම ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 22 හැවිරිදි පුද්ගලයෙකි.

උප්පැන්න සහතිකය භාෂා තුනෙන්ම නිකුත් කෙරේ !

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වන ආකාරයට උප්පැන්න සහතිකය භාෂා ත‍්‍රිත්වයම ඇතුළත් කර මුද්‍රණය කර ලබාදීමට රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වන බව රෙජිස්ට‍්‍රාර් ජනරාල් චතුර විතාන මහතා කියා සිටී.

වල් ඌරන්ට ඇටවූ මන්දකට හසුවූ වඳ වි යැමේ තර්ජනයකට ලක් වුනු කොටියෙකුට සිදුවුන දේ - (PHOTOS)

හැටන් දිඹුල පොලිස් වසමට අයත් ස්ටොනික්ලිප් වතුයායේ ඉහල කොටසේ තේ වත්තේ වතු කම්කරුවන් විසින් වල් ඌරන්ට අටවා  තිබු මන්දකට හසු වි ශ්‍රි ලංකාවට පමණක් ආවේනික වු අඩි 6 පමණ දිගකයින් හා අඩි 3 පමණ උසකින් යුත් අවුරුදු 3 ½ පමණ වයසැති හොදින් වැඩුණු කොටියෙකු ඊයේ (16)  අලුයම මිය ගොස් තිබෙනව‍ා.

දකුණු අප‍්‍රිකාව පැරදු සතුට ශ‍්‍රී ලංකාව සැමරුවේ මෙහෙමයි - (video)

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඩර්ඩන් පිටියේදී දකුණු අප‍්‍රිකාව පරදවා ලබාගත් ඓතිහාසික ජයග‍්‍රහණය සිය ක‍්‍රීඩාගාරයේදී සමරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල සංසරණය වෙයි.

මෙම ජයග‍්‍රහණය දකුණු අප‍්‍රිකාවේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමක් ලබා ගත් දෙවැනි ජයග‍්‍රහණය වන අතර දිමුත් කරුණාරත්න නායකත්වය දරන ලද පලමු තරගයද වෙයි.

ඩුබායි අත්අඩංගුවේ සිටින කන්ජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට වෙඩි තැබූ වීඩියෝව එලියට - (CCTV දර්ශන සහිතයි)

කොටහේන මැල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ(14) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ හෙරොයින් ජාවාරමේ නිරත ආශා ෆාරි නොහොත් කුඩු චූටි නමින් හැදින්වෙන තැනැත්තියක් මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි.

මෙවර උසස්පෙළ ලියන්න ඉන්න පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා අයදුම්පත් මේ වනවිට පාසල් වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව එම අයදුම්පත්‍ර මේ මස 25 වැනිදාට පෙර යළි යොමුකළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වයිරස්වලට ඔරොත්තු දිය හැකි ඉස්සෙක් ලංකාවට

දැනට ඇති ලෙඩ රෝගවලට ඔරොත්තු දිය හැකි ඉස්සකු ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට තායිලන්ත ආයතනයක් සමඟ මෙරට ආයතනයක් කටයුතු කරගෙන යයි. මෙතෙක් ශ්‍රී ලංකාවේ වගා කරන ලද්දේ මොනඩොන් (MONODON)  නමැති ඉස්සන් ප්‍රභේදය වන අතර ඔවුන් මුහුදෙන් ලබා ගෙන බෝ කිරීම සිදු කරන ලදී. මේ හේතුවෙන් සුදු පුල්ලි නමැති වයිරසය (White Wpot Syndrome Virus)හා එම්.බී.වී. වයිරසය (Monodon Baculo Virus) පසුගිය වසර විස්සකට ආසන්න කාලය තුළ මෙරට ඉස්සන්ට වැලඳීම සිදුවුණු අතර මේ හේතුවෙන් ඉස්සන් කර්මාන්තය දිනෙන් දින අභාවයට යන ලදී.

අම්මා නැති දැරියට ලොකු තාත්තා අතවර කරයි

2017 වසරේ මැයි මස දිනයකදී එවකට 13 හැවිරිදි වියේ පසුවූ පාසල් දැරියක් ලිංගික අපයෝජනයකට ලක්කළ 42 හැවිරිදි දෙදරු පියෙකු වින්දිත දැරියගේ ප්‍රකාශයකට අනුව බඩල්කුඹුර පොලිසිය විමර්ශන සිදුකර පෙබරවාරි මස 01 දින අත්අඩංගුවට ගෙන  2 වැනිදා මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මොනරාගල වැඩ බලන මහෙස්ත්‍රාත් ඥානතිලක රත්නායක මහතා නියෝග කර තිබෙනවා.

අගමැති රනිල් විප්ලවයක් කලා - සාගල

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සේවය කල සමයේ අධ්‍යාපනය තුල සුවිශාල විප්ලවයක් ඇති කිරීමට සමත්වූ බවත් එම පදනම යටතේ අදත් මෙරට අධ්‍යාපනයේ දියුණුව දැකීමට හැකිවූ බවත් නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

රටට හානි කළ පාලකයන් මිය යන්නේ ණය කාරයන් වෙලා - කුමාරසිරි

අප රටේ අනාගතය අදුරට තල්ලු වී යන බවත් පාලකයන් ඒ ගැන කිසිදු තැකීමක් නොකර ආත්මාර්ථකාමීව කටයුතු කරන බවත් විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

රටේ ආරක්ෂාව මෙන්ම ආර්ථිකය ද විනාශ වී ජනජීවිතය අවුල් ව තිබෙන මෙවන් කාලයක උපදින දරුවාට ඉතිරි විය හැකි රට ගැන සිතන විට අප සිත් තුළ ඇති වන්නේ බියක් හා දැඩි වේදනාවක් යැයි ද කී ඒ මහතා ,එයින් මිදීමට නම් කළ යුත්තේ රටට ආදරය කරන සියලු දෙනා එක් ව අවශ්‍ය තීන්දු තීරණ ඉක්මනින් ගැනීම යැයි ද සදහන් කළේය .

පාසල් 350 ක එක වසරට එක ළමයෙක්වත් නෑ

පාසල් 350 කට වැඩි ප‍්‍රමාණයක පළමු ශ්‍රේණියට එක් ළමයෙක් හෝ ඇතුළත් නොවීම පිළිබඳව වහා අවධානය යොමු කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ඒ අනුව මෙම පාසල් ස්වභාවිකවම වැසී යන තත්ත්වයක් ඇති වන බව ඉතා පැහැදිලි බව හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඉවත් කළ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය යළි එම ධුරයට !

තනතුරින් ඉවත් කිරීම නිසා මහත් ආන්දෝලනයට ලක් වූ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය ඊයේ (05) නැවත එම තනතුරට පත් කර ඇත.

 චාර්ල්ස් මහත්මියට වසරක සේවා දිගුවක් ලබා දී ඇති බවත් මාස තුනක ප‍්‍රගතිය බලා නැවතත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් රජයේ ආරංචි මාර්ග කියයි.

ක‍්‍රිකට් ගොඩගන්න සංගා-මහේලගෙන් කැබිනට් යෝජනාවක් !

දැඩි පසුබෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක‍්‍රීඩාව ගොඩගැනීම සදහා හිටපු නායකයන් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කෙටුම්පත පිලිගෙන එය ක‍්‍රියාත්මක කිරීමට සූදානම් බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඇලෝෂියස්ට රට යන්න අවසර

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා සතියක කාලයකට විදෙස් ගතවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (05) අවසර ලබා දුන්නාය.

තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාස දෙකක කාලයකට සිංගප්පූරුවට සහ ඉන්දියාවට යාමට අවසර ලබාදෙන ලෙසට ඔහුගේ නීතිඥවරයා පසුගිය 31 වනදා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ක්‍රිකට් දුර්වල වූ හේතුව මාවන් පෙන්වයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ පසුබෑම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මාවන් අතපත්තු වෙබ් අඩවියකට අදහස් පළ කර තිබෙනවා.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මෙවන් අඳුරු යුගයක් අතීතයේ නොතිබූ බවයි.

ලිසිනෝනා වහලෙට නැංගේ ආදරේටද ? පුරුද්දටද?

දිඹුලාගල, දළුකාන ඇතුළු ඒ අවට ආදිවාසී ගම්මානවල දරුවන්, තරුණයන්, ජනතාව මත්ද්‍රව්‍යවලින් නිදහස් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ගැනීමට දළුකානේ ආදිවාසී මවක් මහවැසි මැද ඊයේ (04දා) පෙරවරුවේ බස් නැවතුම්පොළක වහලක් මත නැඟී උපවාසයක් ආරම්භ කර ඇත.

ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් යානයක් තුළ මරුට

කුවේට් සිට ශ්‍රී ලංකාව බලා අද (05) දින අලුයම පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක සිටි ගුවන් මගියෙකු එම ගුවන් යානය තුළ දී මිය ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

මොහු 59 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු වන අතර, ඔහුට හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වී ඇති බව ගුවන් තොටුපළ වෛද්‍යවරුන් පවසනවා.

බූරුවෙක් නිසා තරුණයෙක් මරුට

කල්පිටිය වෙල්ලංකරේ ප්‍රදේශයේදී යතුරු පැදියක බූරුවෙකු ගැටී එය පෙරලීමෙන් යතුරු පැදියේ ගමන් ගත් 18 හැවිරිදි තරුණයකු මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පල්ලිවාසල්තුරේ පදිංචි මොහොමඩ් අකිල් නම් තරුණයෙකි.

ASP ලියනගේ කටාර් තානාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඒ.එස්.පී. ලියනගේ මහතා කටාර්හි ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් ඉවත්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තා වේ.

ලියනගේ මහතාගේ ඉල්ලා අස්වීම පිළිගත් බව ඔහුට දැනුම්දී ඇතැයිද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත් දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 366ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ලකුණු 516ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 149ක් පමණි.

රවී විදුලි බලය ගැන අධ්‍යයනයට සිංගප්පූරු යයි

අනාගත විදුලිබල ක්ෂේත්‍රය පුනර්ජනනීය ප්‍රභවයන් කෙරෙහි යොමුකිරීමේ නවීන ක්‍රමෝපායන් සහ ඒ සම්බන්ධයෙන් නවීන තාක්ෂණික ඥානය උපයෝගී කරගැනීම පිළිබද අධ්‍යයනය කිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා, බලශක්ති කළමනාකරණය පිළිබඳ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික සැසියකට සහභාගි විය.

පිටකොටුවේ තොග වෙළෙඳසැල් වසා දැමීමේ තීරණයක්

පිටකොටුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොඟ වෙළෙඳසැල් හෙට දිනයේ  වසා දැමීමට තීරණය කළ බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොඟ වෙළෙන්ඳන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ජි.එස් එළමනාදන් මහතා සදහන් කළේ  රේගු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් භාණ්ඩ ආනයනයේදී විශාල අලාභයක් සිදුව ඇති බවයි.

රේගු වෘත්තිය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද 06 වන දිනටත් ක්‍රියාත්මක වෙයි.

රේගු නිලධාරින්ගේ සංගමයේ භාණ්ඩාගාරික ශීතාංජන මඩපාත මහතා සඳහන් කළේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගුවේ නිශ්කාෂන කටයුතු සියයට 90කින් පමණ පහත වැටී ඇති බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවන ලෙස බලකරමින් පසුගිය 30 වන දින සිට මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරුණු ලැබුවේය. සිය ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ග දැඩි කිරීමට බලාපොරොත්තු වන බව ගීතාංජන මඩපාත මහතා සඳහන් කළේය.

මේ අතර අදාළ ගැටලුවට හෙට පස්වරු 04.00 පෙර විසඳුම් ලබාදීමට බලධාරින් පියවර නොගත හොත් සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේය.

කුඩු අල්ලන STF අණදෙන නිලධාරියාට සේවා දිගුවක් !

හෙට (05) විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ඇන්ජලෝ ගෙන් වාර්තාවක්

මෙරට පළමු පෙළ ක‍්‍රිකට් තරග ඉතිහාසයේ නව වාර්තාවක් බිහි කිරීමට ශ‍්‍රී ලංකාවේ ඇන්ජලෝ පෙරේරා සමත් වී තිබෙනවා. ඒ, එකම තරගයක් තුළ ද්විත්ව ශතක 02ක් වාර්තා කළ ශ‍්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩකයා බවට පත්වෙමින්. ඔහු මෙම දස්කම දැක්වූයේ ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ සුපිරි 08 වටයේ පැවති තරගයකදීයි.

සේනා මර්දනය වෙලා - හැරිසන්

සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් සේම මරදනයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා පැවසීය.

අමාත්‍යය පී හැරිසන් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මහ ඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග හා පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

සහල්වලටත් මිල සූත්‍රයක් !

ඉන්ධනවලට මෙන් සහල්වලටද අප්‍රේල් 01දා සිට මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

පසුගිය බදාදා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති රැස්වීමකදී මෙම තීරණයට එළඹි බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා කියා සිටියේය.

කටුනායක අධි ආරක්ෂිත කලාපය ඩ්‍රෝන කැමරාවකින් රූගත කළ පිරිසක් අල්ලයි

කටුනායක අධි ආරක්ෂිත කලාපයේ ඩ්‍රෝන කැමරාවකින් රූගත කිරීමක් සිදු කරමින් සිටි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඊයේ (03) රාත්‍රි 8.00ට පමණ කටාන දමින්නගහවත්ත ප්‍රදේශයේ නිසි අවසරයකින් තොරව කටුනායක අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ගුවන් තොටුපළ ඩ්‍රෝන කැමරාවකින් පටිගත කරමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පන්දුව ගෙලේ වැදීම නිසා දිමුත් කරුණාරත්න රෝහල් ගත කරයි

ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න  ඕස්ටේ‍්‍රලියාව සමග දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී දරුණු අනතුරකට මුහුණපෑවා. ඒ, පැට් කමින්ස් යැවූ බවුන්සර් පන්දුවක් ගෙල පිටුපස වැදීමෙන්. පන්දුව වැදුණු විගස දිමුත් කරුණාරත්න බිම වැතුරුණු අතර ඔහු මිනිත්තු 30 කට ආසන්න කාලයක් එලෙස වැතිරී සිටියා. පසුව වෛද්‍යවරු පරීක්‍ෂා කිරීමෙන් පසු ඔහු රෝහල්ගත කිරීමටයි පියවර ගත්තේ.

සිරස ප‍්‍රවෘත්ති කබීර් හෂීම්ගේ සියළු සළුපිළි ගලවයි - (video)

මහින්ද රාජපක්‍ෂ රජය විසින් ඇනැවුම් කර තිබූ ගුවන් යානා අහෝසි කිරීම සදහා විශාල දඩු මුදලක් ගෙවීමට සිදුවීම, නව රජය යටතේ මිලට ගන්නා ලද පරණ ගුවන් යානයක් කිසිදු ගමනක් යා ගත නොහැකිව ගාල් කර තැබීමත් ගැන සිරස රූපවානිය සිය ප‍්‍රවෘත්ති විකාශණයේදී ඇමති කබීර් හෂීම්ට දැඩි ලෙස විවේචන එල්ල කලේය.

සිසුවාට පහරදුන් ගුරුවරියට වසර 2ක සිර දඬුවම්

පාසල් සිසුවෙකුට පහරදීමේ චෝදනාවකට වරදකාරිය වූ පාසල් ගුරුවරියකට කුරුණෑගල මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් අද (01) නියම කර තිබේ. එලෙස දඬුවම් නියම වූයේ, කුරුණෑගල නගරාසන්න විද්‍යාලයක සේවය කළ 55 හැවිරිදි ගුරුවරියකටය.

ශ්‍රව්‍යාබාධිතයන් සදහා ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක්

දිවයිනෙහි වෙසෙන ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සංවාදශීලී ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් නිපදවීමට අදාල පියවර ගන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා තම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇත.

71 වන නිදහස් දින සැමරුමට එලිසබෙත් මහ රැජිණ ගෙන් සුබ පැතුම් පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ 71වන නිදහස් දින සැමරුමට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ සිය සුභ පැතුම් එක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

" ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයාණෙනි, ජාතික දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ලැබීම මට මහත් සතුටක්.

පන්දු යැවීමේ ඉරියව් නිවැරදි දැයි බලන්න අකිල ධනංජය ඉන්දියාවට

සැකකටයුතු පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් තහනමකට ලක්වූ ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු ක්‍රීඩක අකිල ධනංජය සිය පන්දු යැවීමේ ඉරියව්ව යලිත් නිවැරදි කර ගැනීමෙන් අනතුරුව පරීක්ෂණයකට මුහුණ දීම සඳහා අද (01) ඉන්දියාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ ක්‍රීඩා විශේෂ ඒකකයේ දී මෙම පරීක්ෂණය පැවැත්වෙන අතර එහිදී අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් යලිත් වරක් නිවැරදි වී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමසා බැලෙනු ඇති.

අපි ලොකු දේවල් කරලා චූටියටවත් පෙන්නන්න බැරි ආණ්ඩුවක් වුණා - අර්ජුන

රට ගොඩනැංවීමට නම් දේශපාලනය පසෙකලා සියලු පක්ෂ එකට එක්විය යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

උඩුගම්පොළ ප්‍රෙද්ශයේ ඊයේ(31) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සේනා දළඹුවා මර්දනයට ඇමරිකාවෙන් වෛරස් ආනයනය කරයි..පරිසරයට මුදාහරී !

රට පුරා වගාවන්ට විශාල වශයෙන් හානි කරමින් ඇති සේනා දළඹූවන් මර්දනය කිරීඹ සදහා ඇමරිකාවෙන් මෙරටට විශේෂ වෛරසයක් ගෙන්වා තිබේ.

එම වෛරසය තෝරාගත් ක්ෂේත්‍රයන්ට මුදා හැරීම ආරම්භ කර ඇති බව උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධනය කිරීමේ ආයතනයේ කීට විද්‍යා අංශ ප්‍රධානි එස්.එස්. වැලිගමගේ මහතා පවසයි.

කන්තලේ පාසල් වල ළමා අපචාර වන බවට චෝදනා

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ පාසල් තුළ ළමා අපචාර සිදුවන බවට නම් හෙළි නොකළ ගුරුවරුන් පිරිසක් සිය පුවත්පතට දැනුම්දී ඇතැයි රාවය පුවත්පත වාර්තා කර තිබේ.

බොහෝ සිද්ධීන් පිළිබඳ නිසි ලෙස වාර්තා වීමක් සිදු නොවන හෙයින් අපචාරවලට ලක්වූ සිසුන්ට බලවත් අසාධාරණයක් මෙන්ම ඔවුන්ගේ අනාගතය කෙරෙහි එම සිද්ධි අහිතකර ලෙස බලපාන බවත් අදාළ ගුරුවරුන් පවසා තිබේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඡන්දය දෙන්න පුළුවන්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රජයෙන් කළ ඉල්ලීමක් මත එම කොමිෂන් සභාව ඩිජිටල් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඩිජිටල්කරණය කිරීමට මූලික සැලසුම් මේ වනවිටත් සකස්කර තිබෙන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පැවැසීය.

පවුඩර් වර්ගයක් රටින් ගෙන්වීම නවතයි

පිළිකා කාරක ඇස්බැස්ටොස් ඇති බවට තහවුරු වීමෙන් පසු ළදරුවන් සඳහා භාවිතා කරන පවුඩර් වර්ගයක් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත ළදරු නිෂ්පාදනය ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලබයි.

දැනට වෙළඳපොලේ පවතින තොග විකිණිමට අවසර ලබාදී ඇති අතර අලුතින් ආනයනය කිරිම තාවකාලිකව නතර කර තිබේ.