සිසුවාට පහරදුන් ගුරුවරියට වසර 2ක සිර දඬුවම්

පාසල් සිසුවෙකුට පහරදීමේ චෝදනාවකට වරදකාරිය වූ පාසල් ගුරුවරියකට කුරුණෑගල මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් අද (01) නියම කර තිබේ. එලෙස දඬුවම් නියම වූයේ, කුරුණෑගල නගරාසන්න විද්‍යාලයක සේවය කළ 55 හැවිරිදි ගුරුවරියකටය.
දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළේ, අගතියට පත් සිසුවාට රුපියල් ලක්ෂයක වන්දියක්ද ගෙවන ලෙස යි. එය නොගෙවන්නේ නම් තව ත් මාස තුනක සිර දඬුවමක් නියම කළ විනිසුරුවරිය රුපියල් 10,000 ක දඩයක් ද නියම කළා ය.

2011 වසරේදී මෙම පහරදීම සිදු කර ඇත.