gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රව්‍යාබාධිතයන් සදහා ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක්

දිවයිනෙහි වෙසෙන ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සංවාදශීලී ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් නිපදවීමට අදාල පියවර ගන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා තම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇත.
මෙම මෘදුකාංගය ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු සහ සාමාන්‍ය පුද්ගලයකු අතර සන්නිවේදනය පහසු කරලීම වෙනුවෙන් නිපදවනු ලබයි. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයා හට පැවසීමට අවශ්‍ය වචන, අකුරු වාක්‍ය බවට පරිවර්ථනය කිරීම මෙමගින් සිදුවේ. මේ හරහා දෙපිරිස අතර විධිමත් සංවාදයකට මුල පිරෙන බව අමාත්‍යවරයා පවසයි.

ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් කෘෂිකර්මාන්තයට උනන්දු කරලීම වෙනුවෙන් ඊට අදාල ශබ්දකෝෂ ද මෙම මෘදුකාංගයට එක් කිරිමට පියවර ගැනේ.  මෘදුකාංගය භාවිතා කරමින් කෘෂි උපදෙස් හා වගා විධි අධ්‍යනය කිරීමට ද  අවස්ථාව යෙදේ. ස්මාට් ජංගම දුරකථන හරහා ශ්‍රව්‍යාබාධිතයන්ට කඩිනමින් මෙම සේවාව ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මෙම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය නිපදවනු ලබන්නේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු වීම ද විශේෂත්වයකි.

වසර 2012 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති වාර්තා අනුව ලංකාවේ වෙසෙන ශ්‍රව්‍යාබාධිත හා අර්ධ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka