gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාව ඇන්ටික් යුද ටැංකි ගන්න යන්නෙ ඇයි ?

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව නියෝජනය කරමින් මාලි රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙත යැවීම සඳහා වසර හැටකට ආසන්න කාලයකට පෙර නිෂ්පාදනය කළ යුද ටැංකි 22ක් චෙක් ජනරජයෙන් මිලදී ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
එකක් ඩොලර් ලක්ෂ 5ක් බැගින් වූ මිලක් යටතේ ඩොලර් ලක්ෂ 110ක මිලකට (කෝටි 198කට) එම යුද ටැංකි මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව පැවසේ.

තාක්ෂණයෙන් උසස් නවතම යුද ටැංකි (Brand New) සහනදායි ණය ක්‍රමයක් යටතේ ලබාදීම සඳහා චීනය, යුක්රේනය, පොරොන්දු වී සිටියදී තාක්ෂණය හා තත්ත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින OT 64SK නමැති වර්ගයේ යුද ටැංකි මිලදී ගැනීමට යන බවද වාර්තා වේ.

මාලි රාජ්‍යයේ සිටින එක්සත් ජාතීන්ගේ හමුදාවට අවශ්‍ය වන්නේ කිලෝග්රෑම් අටක බෝම්බයකට ඔරොත්තු දෙන යුද ටැංකියේ ඇති බඳ මිලිමීටර් 12ක ඝනකමින් යුත් තහඩුවෙන් නිෂ්පාදනය කළ ඒවා වන අතර එහෙත් මිලදී ගැනීම සඳහා යන යුද ටැංකියේ බඳෙහි තහඩුව මිලිමීටර් 6ක් බව වාර්තා වේ.

මීට මාසයකට පෙර මාලිහිදී දුරස්ථ පාලක බෝම්බයකට හසුව යුද ටැංකියක සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු හා සෙබළකු මියගිය අතර තවත් සෙබළුන් තිදෙනකු තුවාල ලැබීය.

කෙසේ වෙතත් මෙම යුද ටැංකි මිලදී ගැනීම කඩිනමින් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර එහි තත්ත්වය සොයා බැලීම සඳහා සිව් දෙනකුගෙන් යුත් හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් චෙක් ජන රජයට යාම සඳහා අවශ්‍ය අවසරය ලබා ගැනීම සඳහා පසුගිය 18 වැනිදා ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක්ද යවා ඇති බව වාර්තා වේ.

මූලාශ්‍රය - අරුණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka