gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලිසිනෝනා වහලෙට නැංගේ ආදරේටද ? පුරුද්දටද?

දිඹුලාගල, දළුකාන ඇතුළු ඒ අවට ආදිවාසී ගම්මානවල දරුවන්, තරුණයන්, ජනතාව මත්ද්‍රව්‍යවලින් නිදහස් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ගැනීමට දළුකානේ ආදිවාසී මවක් මහවැසි මැද ඊයේ (04දා) පෙරවරුවේ බස් නැවතුම්පොළක වහලක් මත නැඟී උපවාසයක් ආරම්භ කර ඇත.
දළුකාන මංසන්ධිය අසල බස් නැවතුම්පළ වහලය මත නැඟ උපවාසයේ යෙදුණේ දළුකාන පදිංචි තිදරු මවක වන 55 වියැති කේ. ලිසිනෝනා යන අයයි.

උපවාස කරන මවගේ සහායට දළුකාන ගම්මානයේ මවුවරුද කිහිපදෙනෙක් බස් නැවතුම අසල රැඳී සිටිති. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තම සැමියාද මීට වසරකට පෙර මියගිය බවත්, ගම්මානයේ බහුලව ඇති මත්ද්‍රව්‍යවලට දරුවන්, තරුණයන්, ස්වාමිවරුන් බිලිවී පවුල් ආරවුල් රැසක් සිදුව ඇති බවත් මෙය ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වන තුරු උපවාස කරන බවත් ලිසිනෝනා මහත්මිය පැවසුවාය.

තමන් 2017 වසරේදී ද මෙම ජාවාරමට එරෙහිව උපවාස කර මත්ද්‍රව්‍ය ගමෙන් තුරන් කළ බවත් මේවන විට අරක්කුවලට අමතරව ගම්මානයේ ගංජා, මත්පෙති, හෙරොයින් පවා තිබෙන බැවින් ඒවාට තම ප්‍රජාව ගොදුරු වීමෙන් ගම තුළ විවිධ අපරාධ සිදුවන බවද ලිසිනෝනා මහත්මිය ප්‍රකාශ කළාය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තමන්ට මරණ තර්ජන පවා එල්ලවී තිබෙන අතර ඔවුන් වැටලීමට එන පොලිසිය පවා මෙල්ල කරමින් ඉතා උපක්‍රමශීලීව මේ මත් ජාවරම දිඹුලාගල කන්දේ මෙන්ම ගම්මාන සුසාන භූමියේ සිදුකරන බවද ඇය පැවසුවාය.

71 වැනි නිදහස් දිනයේදීවත් මත්ද්‍රව්‍යවලින් තම දිඹුලාගල දළුකාන ගම්මානය නිදහස් කර ගැනීමට රජයට මෙන්ම ජනාධිපතිවරයාට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ලිසිනෝනා මහත්මිය කිව්වාය.

අප මේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව හා උපවාස මව පිළිබඳව අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.පී.ඩබ්ලිව්. ප්‍රේමලාල් මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිදුකරන බවයි. එම කාන්තාව මීට පෙරද උපවාස කරමින් අසරණ බව පෙන්වා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් එකතු කර ගැනීමට හුරුවී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka