gossip lanka

ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් යානයක් තුළ මරුට

කුවේට් සිට ශ්‍රී ලංකාව බලා අද (05) දින අලුයම පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක සිටි ගුවන් මගියෙකු එම ගුවන් යානය තුළ දී මිය ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

මොහු 59 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු වන අතර, ඔහුට හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වී ඇති බව ගුවන් තොටුපළ වෛද්‍යවරුන් පවසනවා.
මෙම මගියා අද දින උදෑසන 6.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයේ ගමන් ගෙන තිබෙනවා.
gossip lanka