gossip lanka

ක්‍රිකට් දුර්වල වූ හේතුව මාවන් පෙන්වයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ පසුබෑම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මාවන් අතපත්තු වෙබ් අඩවියකට අදහස් පළ කර තිබෙනවා.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මෙවන් අඳුරු යුගයක් අතීතයේ නොතිබූ බවයි.
ක‍්‍රිකට් පරිපාලනයේ දුර්වලතා ද එම පසුබෑමට හේතු වී ඇති බවයි මාවන් අතපත්තු සඳහන් කර ඇත්තේ. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් වැනි මෑත කාලයේ දක්ෂතා දැක්වූ හිටපු ක‍්‍රීඩකයින්ගෙන් සේවයක් ලබා ගැනීමට පරිපාලකයින් අපොහොසත් වී ඇති බවද මාවන් අතපත්තු සඳහන් කර තිබෙනවා.
gossip lanka