gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇලෝෂියස්ට රට යන්න අවසර

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා සතියක කාලයකට විදෙස් ගතවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (05) අවසර ලබා දුන්නාය.

තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාස දෙකක කාලයකට සිංගප්පූරුවට සහ ඉන්දියාවට යාමට අවසර ලබාදෙන ලෙසට ඔහුගේ නීතිඥවරයා පසුගිය 31 වනදා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
ඒ අනුව අද යළි මෝසම කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ මේ මස 13 වනදා සිට 20 වනදා දක්වා සතියක් කාලයක් සඳහා මොහුට ඉන්දියාවට යාමට අවසර හිමි වන බවයි.

ඇලෝසියස් මහතාට ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍ය වෛද්‍ය නිර්දේශ ඉදිරිපත් කර නොමැති බැවින් ඒ සඳහා අවසර ලබාදීමට තමන් විරුද්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව විනිසුරුවරිය දැනුම් දී ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka