gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැති රනිල් විප්ලවයක් කලා - සාගල

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සේවය කල සමයේ අධ්‍යාපනය තුල සුවිශාල විප්ලවයක් ඇති කිරීමට සමත්වූ බවත් එම පදනම යටතේ අදත් මෙරට අධ්‍යාපනයේ දියුණුව දැකීමට හැකිවූ බවත් නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කලේ මොරවක අලපලාදෙණිය ද්විතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කලේ අග්‍රාමාත්‍යතුමා මෙරට විද්‍යා පීට ආරම්භ කිරීමට කටයුතු කිරීමෙන් අධ්‍යාපනය තුළ විශාල ප්‍රගමනයක් ඇතිවූ බවත් සෑම පාසල් දරුවෙකු සඳහා නොම්ලේ රක්ෂනාවරනයක් ලබාදීමට රජය කටයුතු කල බවත් පැවසීය.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන කාරණා දෙක අනාගත පරම්පරාව ආරක්ෂා කරගන්න ගොඩනගන්න තියෙන වැදගත්ම විෂය දෙක බව පැවසු අමාත්‍යවරයා 2018 වර්ෂය සඳහා අධ්‍යාපනය සඳහා අය වැයෙන් 25% වය කල බව සඳහන් කළේය.

ඉන් අනතුරුව දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සම්මාන ප්‍රධානය අමාත්‍යවරයා විසින් සිදු කළේය.

– දෙනියාය ප්‍රියංක ගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka