gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අම්මා නැති දැරියට ලොකු තාත්තා අතවර කරයි

2017 වසරේ මැයි මස දිනයකදී එවකට 13 හැවිරිදි වියේ පසුවූ පාසල් දැරියක් ලිංගික අපයෝජනයකට ලක්කළ 42 හැවිරිදි දෙදරු පියෙකු වින්දිත දැරියගේ ප්‍රකාශයකට අනුව බඩල්කුඹුර පොලිසිය විමර්ශන සිදුකර පෙබරවාරි මස 01 දින අත්අඩංගුවට ගෙන  2 වැනිදා මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මොනරාගල වැඩ බලන මහෙස්ත්‍රාත් ඥානතිලක රත්නායක මහතා නියෝග කර තිබෙනවා.
අපයෝජනයට ලක්වු දැරිය 2004 වසරේ උපත ලබා ඇති අතර එම දැරිය ලාබාල අවධියේදිම ඇගේ මව මියගොස් තිබෙනවා. පසුව දැරියගේ පියා විසින් දැරියගේ ආරක්ෂාව පතා ඇය හදාවඩා ගැනීමට ඇගේ ලොකු අම්මාට භාර දී තිබෙන අතර  2017 වසරේ මැයි මාසයේ දිනයකදී දැරියගේ ලොකු අම්මා ඇගේ දරුවන් දෙදෙනා රැගෙන උපකාරක පංතියකට ගොස් ඇති අතර වාරයේ නිවසේ තනිව සිටි වින්දිත දැරියව ඇගේ ලොකු තාත්තා විසින් ලිංගික අපයෝජනයකට ලක්කර තිබෙන බවත් සදහන්.

මෙම සිද්ධිය වී වසර දෙකකට පමණ පසුව එනම් 2019. 01. 28 වන දින වින්දිත දැරිය විසින් ඇය ඉගෙන ගන්නා පාසලේ ගුරුවරියකට මෙම සිද්ධිය පවසා ඇති අතර එම ගුරුවරිය විසින් දැරියගේ වැඩිහිටියන් දැනුවත් කර ඇති අතර පසුව බඩල්කුඹුර පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර සැකපිට දැරියගේ ලොකු තාත්තා වන සැකකරු ඉකුත් 01 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka