gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පන්දු යැවීමේ ඉරියව් නිවැරදි දැයි බලන්න අකිල ධනංජය ඉන්දියාවට

සැකකටයුතු පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් තහනමකට ලක්වූ ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු ක්‍රීඩක අකිල ධනංජය සිය පන්දු යැවීමේ ඉරියව්ව යලිත් නිවැරදි කර ගැනීමෙන් අනතුරුව පරීක්ෂණයකට මුහුණ දීම සඳහා අද (01) ඉන්දියාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ ක්‍රීඩා විශේෂ ඒකකයේ දී මෙම පරීක්ෂණය පැවැත්වෙන අතර එහිදී අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් යලිත් වරක් නිවැරදි වී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමසා බැලෙනු ඇති.
මෙම පරීක්ෂණයට මුහුණ දීම සඳහා යන අකිල ධනංජයගේ සහයට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග ද සහභාගී වීමට නියමිතයි.

එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයට පෙර අකිලගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කර ගැනීමෙන් පසු ඔහු ශ්‍රී ලංකා පිලට ඉක්මනින්ම එක් කර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව වී තිබෙනවා.

තරග තහනමෙන් පසුව පියල් විජේතුංග ගේ මාර්ගෝපදේශයත් සමග යලිත් වරක් සිය ඉරියව් නිවැරදි කර ගැනීමෙන් අනතුරුව අකිල ධනංජය ඉකුත් මාසයේදී පැවති අන්තර් ක්‍රීඩා සමාජ තරග වලට ක්‍රීඩා කරනු ලැබූ අතර එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් යලිත් නිවැරදි කර ගෙන ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පළකරනවා.

එංගලන්ත තරග සංචාරයේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට වාර්තා වීමත් සමග ඔස්ට්‍රේලියාවේදී පැවති විමර්ශනයකින් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අකිල හට ජාත්‍යන්තර තරගවල පන්දු යැවීම තහනම් කරනු ලැබුවා.

කෙසේ වුවත් 2018 වසරේදී අකිල සහභාගී වූ එක්දින තරග 16 කදී කඩුලු 28ක් සහ ටෙස්ට් තරග වලදී කඩුලු 27ක් දවා ගනිමින් සිය දක්ෂතාවය පෙන්නුම් කරනු ලැබුවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka